magalkande-thera-speaks-about-ship

 පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මාධ්‍ය හමුවක් පවත්වා දැක්වූ අදහස් පහත පරිදිය.

විශේෂ කරුණු කාරණා හෙළිදරව් වෙමින් පවතිනවා. මේ නැව ගිනි ගැනීමට හේතු වෙච්ච හේතු කාරණා තවමත් අබිරහසක් බවට පත්වෙලා තියෙනවා.  

අවශ්‍ය කරන කරුණු කාරණා හෙළිදරව් නොවන වග තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ .අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් පළවෙනියෙන්ම විශේෂිත වූ ඉල්ලීමක් කරන්නට කැමතියි .ඒ මන්ද ,නැවේ  කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට අරගෙන පැය ගානක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා මේකට පාදක වෙච්ච කාරණාවන් සම්බන්ධයෙන් .හැබැයි මේ වන තෙක් මේ නැව් සමාගමේ ලංකාවේ ඒජන්තවරයා අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා .ලංකාවේ නියෝජිතයාගෙන් මේ කරුණු විමසීම අත්‍යාවශ්‍ය කරුණක් කියලා මේ වෙලාවේ අපි මතක් කරනවා. හේතුව තමයි මේ නැවේ කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය කරනකොට ලංකාවේ භූමියට ඇතුල් වෙනකොට ලංකාවේ ඒජන්තවරයා විසින් ලංකාවේ රජය දැනුවත් කලාද ? මේ කාරණා පිළිබඳව දැනුවත් කළාද ?



එක තමයි මේ නැවේ කන්ටේනර් පෙට්ටි වල රසායනික ද්‍රව්‍ය තිබෙන විත්තිය ලංකාවේ රජය දැනුවත් කලාද එය රසායනික ද්‍රව්‍ය තිබෙනවනම් ඒ රාසායනික ද්‍රව්‍ය මොනවගේ රසායනික ද්‍රව්‍යද කියන වග වරාය අධිකාරිය හෝ ලංකාවේ රජය දැනුවත් කලාද? රාසායනික ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව කොපමණ ප්‍රමාණයක් ද කියන වග දැනුවත් කළා ද? රසායනික ද්‍රව්‍ය යම්හෙයකින් මුහුදු ජලයට එකතු වීමේ අවධානමක් ඇති වූයේ නම් මොන වගේ විනාශකාරී පසුබිමකට මුහුණ දෙන්න සිදු වේදැයි ඔවුන් සිද්ධිය වෙන්නට පෙරාතුව ලංකාවේ රජය දැනුවත් කළාද ? ඒ වගේම තොරතුරු වාර්තා වන විදිහට මේ නැව ඉන්දියාවේ තවත් රටකත් ඒ ඒ වරායන් වලට ඇතුළත් කරගෙන නැහැ. මේ බහාලුම් වල තිබිච්ච යම්කිසි අපි එකට කියනවා කාන්දුවක් නිසාවෙන්, එතකොට ඒ කාන්දුව ඇතිවෙලා තිබෙනවා. ඒ කාන්දුව නිසාවෙන් පරිසරයට සහ මුහුදු ජලයටත් පාරිසරික වශයෙනුත් වන බලපෑම පිළිබඳව නැව් සමාගම ලංකාව රජය දැනුවත් කලාද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා .ඒ නිසාවෙන් ලංකාවේ  ඒජන්තවරයා රකින්න උත්සාහ කරන ප්‍රබල ඇමති වරයා කවුද ?ලංකාවේ නැව් සමාගමේ ඒජන්තවරයා ආරක්ෂා කරන උත්සාහ කරන ප්‍රබල ඇමති වරයා කවුද? අපිට බරපතළ සැකයක් තියෙනවා මේ නැව නැවේ ගින්න යම්තාක් මට්ටමකට පාලනය කරාට පස්සේ දියඹට ඇදගෙන නොගියේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා ඒ සඳහා නියෝග දෙනකම් බලාගෙන හිටියේ ඇයි ?මේ විෂය පථයට වෙනම ඇමතිවරයෙක් පත් කරලා තියනවා, වරාය අධිකාරියට සභාපති කෙනෙක් පත් කරලා තියනවා ,විශේෂඥ දැනුම තියෙන නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. එසේ තිබියදී මේ නැව ගිලා බහින්නට මත්තෙන් යම් මට්ටමකට ගින්න පාලනය කරාට පස්සේ ඇයි මේ නැව දියඹට ඇදගෙන යන්න කටයුතු නොකළේ ?



මෙන්න මේවයි ජනාධිපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සොයා බැලිය යුත්තේ. මේ කාරණා සම්බන්ධයෙන් මේ නැව් සමාගමේ ලංකාවේ ඉන්න ඒජන්තවරයාගෙන් ප්‍රශ්න කළ යුතු නොවේද? දැවැන්ත පාරිසරික විනාශ වෙලා තිබෙනවා. මේ දැවැන්ත පාරිසරික විනාශය ගණනය කිරීමේදී මේ වන්දි මුදල් ගණනය කිරීමේදී යටිමඩි ගැහිලි සිදුවෙන්නට පුළුවන් .ඒවට ඉඩ ලබා දිය යුතු නැහැ .ජනාධිපතිතුමා විසින් මේ නැව දියඹට ඇදගෙන යන නියෝග කරන මොහොත දක්වා වරාය අධිකාරිය සභාපති වරයාවත් වරාය භාර ඇමතිවරයාවත්  නිශ්චිත ක්‍රියාමාර්ග නිසි වේලාවට නොගැනීමෙන් මේ නැව මුහුදුබත් වුණා .මේ නැව ගිලා බැස්සා .මෙහි තිබෙන ඉන්ධන මුහුදු ජලයට එකතු වෙලා දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතිනවා.


ජලජ පැළෑටි ඒ වගේම, මත්සයින් ,ඒ වගේම ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයන්ට අද ධීවර කර්මාන්තයේ නියැලෙන්න බැරි තත්වෙකට පත් වෙලා තියෙනවා .

මේවා බරපතළ ප්‍රශ්න .අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලව්වා මේවා හොයන්න. මේ නැව් සමාගමේ ලංකාවේ ඉන්න නියෝජිත සමග යටි ගනුදෙනු කරන ඇමතිවරු ඉන්නවනම් ඇමතිවරු කවුද කියලා හොයලා බලන්න .මේ නැව් සමාගමේ ලංකාවේ ඉන්න ඒජන්තවරයා  සමග ගනුදෙනු කරන මේ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් කවුද කියලා හොයලා බලන්න. මේ වරාය අධිකාරිය යම් පිරිස් මේ නැව් සමාගමක් සමග යම් ගනුදෙනුවක් කිරීමට උත්සහයක් තිබෙනවද කියල හොයල බලන්න ,ඒ වගේම ජනාධිපතිතුමා නියෝග දෙන්නට මත්තෙන් නෙවේ නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නොකලේ මන්ද කියලා සොයා බලන්න අපි මේ වෙලාවේ ඒ ගැන තදින්ම කියනවා. නැව් සමාගමේ ලංකාවේ ඒජන්තවරයා අත්අඩංගුවට ගත යුතුයි. කපිතන්වරය වත් එහෙම නැතුව කාර්යමණ්ඩලයේවත් අත්අඩංගුවට ගැනීම නෙමෙයි නැව් සමාගමේ අදාළ ඒජන්තවරයා නියෝජිතයා වහාම අත්අඩංගුවට ගත යුතුයි . නැව ගිලා බැසීමට මත්තෙන් නැවේ තිබෙන තෙල් ටික වෙනත් නෞකාවකට ඇදීම සිදු නොකළේ ඇයි?


මේවා බරපතළ ප්‍රශ්න. ඒවා පිළිබඳ සොයා බැලිය යුතුයි .ඒ වගේම මේ නැව අධික වියදමක් දරලා දැන් විශාල  ධනස්කන්දයක් වියපැහැදම් කරලා ගැඹුරු මුහුදට අරගෙන යන්න. මේ සේද මාවතට හානියක් වෙන්න කටයුතු කරන්නේ කාගේ වුවමනාවටද. ජනධිපතුමනි බරපතළ කුමන්ත්‍රණ විය හැකි .මොකද මෑත කාලයේ නැව් දෙකක් එක දිගටම ගිනි ගත්තා. ලංකාවේ මුහුදු සීමාව තුළ. එතකොට පෝට් සිටි ව්‍යාපෘතිය ට මේ සඳහා විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මේ පෝට් සිටි ව්‍යාපෘතිය අතරමඟ නතර කිරීමේ යම් කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක තවත් එක් දෙයක් ද කියලා මේක සොයා බලන්න ඕනේ .මේ රට දියුණු වෙනවාට ,මේ රට සංවර්ධනය වෙනවට මේ රට ණය බර ඉන් මුදවාගැනීම සඳහා යම් යෝධ සංවර්ධන ව්‍යාපෘති සහා ආයෝජන ව්‍යාපෘති ලංකාවට එනවට බොහෝ බහු ජාතික සමාගම් සහ අධිරාජ්‍යවාදීන්  කැමති වෙන්නේ නෑ .ඒ වගේම මේ රටේ ඉන්න ඇතැම් කුහක දේශපාලඥයින් කැමති වෙන්නේ නෑ .ඇයි හේතුව ඔවුන්ට ඩොලර් වලින් කොමිස් මුදල් ලැබෙන්නේ නැති නිසාවෙන් ඒ නිසා මේ පිළිබඳව සොයා බලන්න .


අපි මේ වෙලාවේ වරාය අධිකාරියට වරාය ඇමතිවරයාටත් අපි ඇඟිල්ල දික් කරනවා මේ පිළිබඳව සෘජු තීන්දු තීරණ නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු තෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ බරපතළ විදිහට චෝදනාවන් එල්ල කරනවා. මේ නැව ගිනි ගැනීම නිසාවෙන් මේ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වීම නිසාවෙන් මේ නැවේ තිබෙන තෙල් මුහුදු ජලයට එකතු වීම නිසාවෙන් බරපතළ පාරිසරික විනාශයක් සිදුවන සේම ධීවර කර්මාන්තයේ නියැලෙන්නන්ට ධීවර කටයුතු වල නියැලීමට තිබෙන අවස්ථාව අහිමිවී තිබෙනවා. ධීවර ජනතාව දැඩි අපහසුතාවකට පත්වෙලා තිබෙනවා. අප පිළිගත යුතුයි. මේ මුහුදු මුහුදේ සිදු වෙලා තිබෙන පාරිසරික විනාශය අවම කරමින්  මුහුදු පද්ධතිය මේ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරන තෙක් ඒ මිනිස්සු පුළුවන් කමක් නෑ ධිවර කටයුතුවල නියැළෙන්න .

හැබැයි ආගමික නායකයන් හැටියට ජනතාව උසිගන්වා කුලප්පු කරන්න හදනවා වෙනුවට මේ රටේ සිදුවෙමින් පවතින මේ දැවැන්ත අර්බුදකාරී අවස්ථාවේ ජනතාව කුලප්පු කිරීම නෙමෙයි කළ යුත්තේ .ඒ ජනතාවට සහන සැලසීම සඳහා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවෙන් .සම්මුතියෙන් ප්‍රශ්න විසඳීම කළ යුත්තේ. ඒ නිසාවෙන් දැවැන්ත අර්බුදයක රට තියෙන වෙලාවේ දැවැන්ත ප්‍රශ්න ගොන්නක රට තිබෙන මොහොතක දැවැන්ත සෞඛ්‍යමය ප්‍රශ්න වලට මෙරට මුහුණ දීලා තිබෙන වෙලාවක ආගමික නායකයෝ විදිහට කළ යුත්තේ මිනිසුන්ව උසිගැන්වීම නෙමෙයි .මිනිස්සුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් අදාල පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කිරීම .



ඒ නිසාවෙන් අපි ඊයෙ කාදිනල්තුමාගේ ඒ ප්‍රකාශයන් පිළිබඳව අපි කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නෑ. ධීවර සමිතිවලට එතුමා ආරාධනා කරනවා. එතුමාගේ හඬ හොඳයි .එතුමාගේ ඉදිරිපත් වීම හොඳයි .හැබැයි ඉදිරිපත් වෙන ක්‍රමවේදය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමාගේ මේ ප්‍රකාශය හරහා මේ මීගමු සහ ඒ ආශ්‍රිත මුහුදු තීරයේ ධීවර ජනතාව කුලප්පු වීමක් සිද්ධ වෙලා. ඒ ජනතාව පාරට බැහැලා අරගල කරන්න ගත්තොතින් මේ රජය විසින් සෞඛ්‍ය අංශ විසින් මේ කොරෝනා පරාජය කිරීම සඳහා සිදු කර ගෙන යන වැඩපිළිවෙළ සියල්ලම කඩාකප්පල් විය හැකියි .ඒ නිසාවෙන් කාදිනල්තුමා යම් මට්ටමකට හෝ ඉවසීමෙන් කටයුතු කරන්න .මේ රටේ තිබෙන තත්ත්වය අප තේරුම් ගත යුතුයි. රටේ තිබෙන බරපතළ ව්‍යසනකාරී තත්ත්වය තේරුම් ගත යුතුයි .ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න හඳුනා ගන්න ඕනේ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි .මොකද හේතුව අපිට මේක වෙනත් ෙකානයටකටඇදගෙන යනවද කියලත් අපිට හිතනවා. මොකද හේතුව දැන් කට ඇරපු ගමන් ම යම් යම් උදවිය බුදුදහම සහ බුද්ධ දර්ශනය තමයි ඉස්සරහට දාන්නේ .මේ ක්‍රියාදාමය වෙනත් පැත්තකට තල්ලු කරන්න උත්සාහයක නිරත වෙනවා. ඒ නිසාවෙන් මේ කාරණා තුළින් දේශපාලනය කරන්න එපා දේශපාලනය කරන්න වෙනම ක්‍රමවේදයක් උපයෝගී කරගන්න කියලා ඒ ඒ ඇත්තන්ට අපි මතක් කරනවා. ඒක කාදිනල්තුමාටත් විශේෂයි කියන එක අපි මේ වෙනතක් කරන්නට ඕනේ.