mahendra-perera-speaks

●අළුතින්ම දේවල් කතා කරන්න දැනගන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා....ආයුබෝවන් ඔබට කොහොමද ඔබට.....?
      '' ඉන්නවා ඉතිං...කොරෝනා හිංදා මාස 11 විතර කිසිම වැඩක් කලේ නෑ...කරන්න තිබ්බ වැඩ සේරම සමහරක් ඒවා cancel උනා සමහර ඒවා postpone උනා....මොකද මේ වෙලාවේ ලක්ෂ 200-250ක් වියදම් කරලා චිත්‍රපට කරන්නේ නෑ කවුරුත්....ඒ risk එක ගන්නේ නෑ... ඊට වැඩිය දේකට ආයෝජනය කරනවා හොදයි කියලා තමයි කියන්නේ ඒ අය...හැමදේම අවිනිශ්චිතයිනේ හැබැයි ඉතිං බලාපොරොත්තු අත ඇරලා නෑ සුභවාදී හැඟීමකින් ඉන්නවා...එහෙම ඉන්න එපැයි කවදහරි දවසක මැරිලා යන එකේ මෙකට මේ මූණ කඩන් ඉදලා හරියන්නෙ නෑනේ....''

●ඔබත් විශ්වාස කරනවද මේක සාමාන්‍යකරණය වෙයි කියලා....?
                         ''හැමදෙයක්ම දිගටම පවතින දේවල් නෑනේ ලෝකේ....1918 මේ වගේම තත්වයක් ඒකත් අවුරුදු දෙකක් තුනක් තිබිලා ගිහිල්ලා තියෙනවා මේකත් ඒ වගේම ගෙවිලා යයි ඒ කාලේ තුල අපට ජීවිතේ අල්ලගෙන ඉන්න පුළුවන් උනොත් හොදයි....කොහොමත් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මේකේ එකලාසියක් වෙයි....එක්කෝ ඔක්කෝම ටික වැනසිලා යයි ආයිත් මුල ඉදන් පටන් ගනින් කියලා එහෙම නැතිනම් ඉතුරුවෙච්ච ටික ලස්සනට පටන් අරගෙන යයි...''



●සිනමාවත් විනාශවෙලා වැළලිලා ගියොත් කොහොමද අළුතින් පටන් ගන්නේ...?
            ''ගියොත් කියන්න දෙයක් නෑ ඉතිං දැනටමත් වෙලා තියෙන්නේ...මගෙත් කරපු චිත්‍රපට 10කට කිට්ටුවෙන්නවගේ තියෙනවා කවදා ඕව පෙන්නගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ....අනිත් එක සිනමාශාලා වලට මිනිස්සු කොයි විදිහට එයිද කියලා කියන්න දන්නේ නෑ එකක් මිනිස්සුන්ගේ ආර්ථිකය,අනිත් එක සිනමාශාලා වලට එක්වෙලා චිත්‍රපට බලන්න පුළුවන් මානසික මට්ටමක් නැහැ මම හිතන්නේ...ඒ එක්කම මම හිතන්නේ දැන් ලෝකය අළුත්වෙනවා ඒ කියන්නේ දැන් චිත්‍රපට බලන්න වෙන වෙනම platform හැදෙනවනේ දැන් සිනමාශාලාවම නෙවෙයි...ඉතිං ඒවට තමයි චිත්‍රපට ගිහින පෙන්නගන්න සිද්ධ වෙන්නේ...අපට අළුතින් හිතන්න සිද්ද වෙනවා මොකද 2019 වලින් පස්සේ ලෝකයේ teenage කාලය ඉවරයි...keybirth එක කියලා කියනවා නේද 21 වලට ඒක තමා අපි සමාජෙට යන birthday එක....ලෝකයේ keybirth  එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 2021.....අපි ඔක්කෝටම අළුතින් හිතන්න වෙලා තියෙන්නේ...දැන් පරිණත වෙන්න කාලේ හරි....ඒක සිද්ධවෙයි...''

●ගුරු භූමිකාව දැන්තාම වැඩේ වෙනවද...?
                ''බෑනේ ඉතිං තාම අවසර දීලා නෑනේ පංති පවත්වන්න distance එක තියාගෙන,මුඛවාඩම් දාගෙන acting exercise කරන්න බෑනේ...ඉතිං ඒක නිසා කල්පනා කර කර ඉන්නවා කොහොමද මේක දැන් පටන්ගන්නේ කියලා online කරන්නත් බෑ මේ වැඩේ...තනිකරම ප්‍රායෝගික වැඩක්නේ මේක....මේක එකලාසියක් වෙන්නම වෙනවා ආයිත් මේ වැඩේ පටන් ගන්න...''

●ගෝලයන්ව හරි track එකකට දාගන්න එකත් සෑහෙන්න අභියෝගයක්....?
                   ''සෑහෙන්න අභියෝගයක් I.T COURSE  එකක් කලොත් certificate එක පෙන්නලා job එකකට හරි apply කරන්න පුළුවන්....මේකේ certificate එක දීලා කාට පෙන්නන්ද ගිහින්....අපට රස්සාවල් දීපියව් කියලා කෑ ගහන්න බෑ අපිම මේ අයට push එකක් දෙන්න ඕන හරි නිර්මණ වලට දායකත්වය අරන්දීලා,මේ Character වලට යවලා කොහොම හරි එහෙම push එකක් දෙන්න ඕන....නැත්තම් COURSE එකකින් වැඩක් නෑ...දක්ෂතාවය තියෙන කෙනාව දැක්කම කොහොම හරි එයාව push කරලා වැඩ වලට යොමුකරලා මුලින් එයාට නමක් හදාගන්න උත්සහක් දරනවා...ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ...වැඩකටයුතු කෙරෙන විදිහ තේරෙන්නේ නෑ පටිපණු රෝගය හැදිලානේ තියෙන්නේ ටෙලිනාට්‍ය කලාවට පුරුක් ගලවන්න ගලවන්න වැවෙනවා කොටස් 800,1000 වගේ දික් වෙනවා...ඇඳුමක් උනත් ඇඳලා ඉවරයක් වෙනවා ඒක ඉවරයක් වෙන්නේ නෑ....''

●ඔබේ ගෝලයො ගැන පැහැදීමක් තියෙනවද ඔබට....?
                 ''ගෝලයේ නෙවෙයි මම කියන්න කැමති එකම එක ගොලයයි හරියටම ඉන්නේ මට ප්‍රදීප් කියලා විශයානුබද්ධ වෙලා විශය හදාරගෙන ගිහිල්ලා ගොඩාක් දේවල් එයා කලා...මම ඉගෙන ගන්නේ ආචාර්ය සාලිමන් ෆොන්සේකාගෙන්      සාලිමන් ෆොන්සේකාට කියන්න පුළුවන් මම ගෝලයෙක් කියලා මොකද මම එතුමාගේ තියෙන සියලුම දේ හැදෑරුවා,අවුරුදු ගානක් මම අභ්‍යාස ගත උනා ඒ ගිහිල් ගිහිල්ලා තමයි මේ ඊලඟ පරම්පරාවට දෙන්න උත්සහ කරන්නේ....මම තාමත් ව්‍යායාම කරවනේ මම තාමත් ස්වසන අභ්‍යාස කරනවා,voice training කරනවා මේසියලු දේ මම කරනවා....තාමත් acting ගැන සොයාගෙන යනවා මම නමුත් දැන් සමහර වෙලාවට ටෙලිනාට්‍ය වල ගෝලයො වගේ අය දැන් කරන්නේ නෑ ඒ අය ඒ අය shirt කලිසම් එකතු කරනවා....නමුත් විශය තුල තමාගේ ගමනක් යන්න උත්සහ කරන්නේ නෑ විශය ප්‍රගුණ කරන්නෙ නෑ....එහෙම උනාම ඒක ගෝලයෙක්ගේ ලක්ෂණයක් වෙන්න බෑ...ගෝලයෝ කියන්නේ වෙනම කොට්ඨාසයක්...හැබැයි ඒ අය මාත් එක්ක රඟපෑම මොකක්ද කියලා සොයාගෙන යන්න එකතු වෙච්ච සහෘදයෝ පිරිසයක්....නමුත් තාමත් විශය තුල ඇලිලා ගැලිලා මේ දේ සොයාගෙන යාම කරන්නේ නෑ කවුරුත්....එහෙම ගෝලයො බිහිකරන්න අමාරුයි...''

●හිතට වැඩියෙන්ම දැනිච්ච රංගය මොකක්ද කාගේ හෝ ඔබට මෑත කාලයේ....


                       ''එකම එක දෙයක් තියෙනවා මම චිත්‍රපට බලන්නේ නෑ...හැබැයි මම බැලුවා iran film එකක් About Elly කියලා....ඒකේ එකක් නෙවෙයි රඟපාපු හැමොම මට පුදුම හිතුනා දෙයියනේ මේ අය රඟ පෑවද මේ කියලා....ඒ තරමට ඒක සියුම්...තාත්විකයි ඒත් ඒක ඇතුලේ තියෙනවා වෙනම ජීවගුණයක් සහ අපේ ඇස් ඉදිරිපිට මේක සිද්දවෙනවා වගේඒක අධ්‍යක්ෂක වරයාගේ දක්ෂතාවය....මොකද මට මතකයි ඒ අධ්‍යක්ෂකවරයා තමයි asia pacific screen awards වල මම nominated උනා රටවල් 170කින් ඒ channel එකේ chairman හිටියේ asghar farhadi කියලා එයා තමයි film එක Director....මට එතුමා හම්බුනා මම එතුමා එක්ක කතා කලා අපි තුන් දෙනෙක්නේ තෙරුනේ 28 film එකේ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටය බැලුවාම මම Director ව දන්නවා....මේක බැලුවාම අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා මට හිතුනා...ඒ තරමට ප්‍රබලයි පුළුවන් උනොත් බලන්න ඒ film එක....''

●ඒ දවස් වල ගාමිණී ෆොන්සේකා මහත්මයා හමුවෙච්ච විදිහ ....?
                 ''ගාමිණී ෆොන්සේකා සර්ව මම මුලින්ම දැක්කේ මම පොඩි කාලේ...මගේ අල්ලපු ගෙදර යාළුවත් කැන්දගෙන උදේ පාන්දරම පත්තර බලනව ඔය සරසවි එහෙම...ඒ දවස් වල තිබ්බා හතර දෙනාම සූරයෝ චිත්‍රපටය රූපගත කරනවා කියලා ඉතිං මම පැල් බැඳගෙන ගියා විජය ස්ටූඩියෝ එකට දන්නෙත් නෑ බස් වල නැගගෙන හොයාගෙන හොයාගෙන ගියා....විජය ස්ටූඩියෝ එකට ගියාම security guard යන්න දුන්නේ නෑ නීල් රූපසිංහගෙන් අවසර ගේන්න කිව්වා....පස්සේ ඒ ගේ හොයාගෙන නීල් රූපසිංහගෙ ගෙදර ගියා ඒ යනකොට නීල් රූපසිංහ මහත්මයා හිටියා ගෙදර මෙහෙමයි කියලා කිව්වම පුතාලා යන්නකො එතනට මම එන්නම් කියලා කිව්වා එයා කාර් වලට එන්නෙ අපි ආයිත් බස් වල නැගල එතනට එනකොට නීල් රූපසිංහ මහත්තයා ඇතුලට ගිහිල්ලා....යන්න දුන්නේ නැති උනාම කෑ ගහලා ඇඬුවා එතනට වෙලා මායි මගේ යාළුවටයි මම කිව්වා යාළුවට අඬපන් අඬපන් කියලා...ඇඬුවම කරන්න දෙයක් නෑ මෙයා shirt,කලිසම් වල පාට එහෙම ලියලා යන්න කිව්වා යනකොට ඇතුලේ shoot කරනවා කොඩිගහයට මම උපන්නේ සිංදුව එදා තමයි පළවෙනි වතාවට විජය කුමාරතුංග,ගාමිණී ෆොන්සේකා,ඇන්තනී සී පෙරේරා,ශ්‍රියානි අමරසේන,සේනාධීර රූපසිංහ කියන මේ කට්ටියව ඇස් දෙකටම දැක්කේ....උඩ ඉදන් පහලට හැම detail එකම බැලුවා...විශේෂයෙන් ගාමිණි සර්ගේ....රූපගතකරනවා දවසම බලන් හිටියා...කන්නත් නෑ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉදලා shoot එක පටන් ගනිද්දි ආයිත් එනවා බලන්න දන්නේම නෑ එළියට ඇවිල්ලා බලනකොට රෑ වෙලා...මාත් එක්ක ආපු යාළුවා අඩන්න පටන්ගත්තා ඌ දැන් ඇත්තටම අඩන්න පටන් ගත්තා...මට එතකොට වයස මතක නෑ කොහොම හරි පාසල් යන වයස පොඩි දැනුත් ඉතිං පොඩිනේ එතකොටත් කොටයි...මම කිව්වා අඬන්නේ නැතුව හිටපන් දෙන්නම එකම බෝට්ටුවේ දැන් ගුටිකන්න වෙනවා...කොහොම හරි බස් වලගෙදර එනකොට රෑ 9 පහුවෙලා ගෙදර අය ඔක්කොම පොලිසි යන්න ලෑස්තිවෙනවා...ගැහුවා ඉතිං මට නම් පොඩ්ඩයි ගැහුවේ ඒත් යාළුව තාත්ත හරිම සැරියි රංජිත් දාබරේ කියලා මේසේ බැඳලා ගැහුවේ එයාට මට පේනවා ගහනවා...මාස ගානක් කතා නෙකර හිටියා මාත් එක්ක....''

●විජය කුමාරතුංගගෙයි ගාමිණී ෆොන්සේකාගෙයි වෙනස ඔබ දැක්කේ කොහොමද....?
              ''දෙන්නා physically ගත්තොත් දෙන්නේක් අහසට පොළෙව වගේ විජේගේ hight එකයි color එකයි ලාවට ඉදිච්ච තක්කලි ගෙඩියක පාට තියෙන්නේ skin එකේ හරිම ලස්සනයි....ගාමිණී සර්ගේ තිබුනේ පෞරුෂය ඒක සමකරන්න බෑ...දෙන්නා completely දෙකක්....''



●සිනමා සක්විති එක්ක ළඟම ආශ්‍රයක් හැදෙනවා නේද පසුකාලීනවා...කොහොමද එහෙම වෙන්නේ...?
                ''ඒ දවස් වල ගල්කිස්සේ අපේ ගෙවල් ගාව හිටියා අරිසෙන් අහුබුදු ශූරීන්  හිටියා මම නිතරම එහෙ යනවා මොකද එතුමාගේ පුතා මගේ යාළුවෙක් දෙමින්ද කියලා...මම දන්නවා එතුම ගාමිණි ෆොන්සේකාගේ ගුරුවරයා කියලා එතුමාට මම නිතරම කියනවා මාව introduce කරලා දෙන්න කියලා එතකොට මම ආචාර්ය සාලිමන් ෆොන්සේකගේ වැඩ වලට යනවා එතකොට...එතුමා දන්නවා මම මේ හැදෑරීමක ඉන්නවා කියලා....අනිත් එක ගාමිණී සර්ලගේ ගෙදරට ඇවිදගෙන යන්න පුළුවන් අපේ ගෙවල් ගාව ඉදලා සිරිමල් උයන....දවසක් මට අරිසෙන් අහුබුදු ශූරීන් කිව්වා අපි හෙට යන් ගාමිණි ෆොන්සේකාගේ ගෙදර කියලා...මම එතකොට කොණ්ඩ වවලා මුදු දාලා කරාබු දාගෙන rock band ගහපු කාලේ....පාරේ යනකොට මිනිස්සු අපි දිහා බලන්නෙත් නෑ පැන්ෂන් ගිය යක්කු ටිකක් යනව වගේ යන්නේ...ඊට පස්සේ මුදු ගලවලා දාලා මාල ගලවලා දාලා කොණ්ඩෙත් ගානට හදාගෙන තියෙන හොදම ඇඳුම ඇඳගෙන ගියා...අරිසෙන් අහුබුදු ශූරීන් ගිහින්  ගාමිණි ෆොන්සේකාට මාව අඳුන්වලා දුන්නා හැදෑරීමක් ඉන්නවා කිව්වාම හරිම සංතෝස උනා...ආචාර්ය සාලිමන් ෆොන්සේකාව දන්නවා ගාමිණි ෆොන්සේකා....හරි මම අවස්ථාවක් දෙන්නම් තව මුදු මාල ටිකක් හොයාගන්න බැරිද ඇහුවා...මම කිව්වා මං ගාව සර් ඕන තරම් තියෙනවා කියලා නෑ නෑ මට තේරුණා තව ඇති කියලා කිව්වා කොණ්ඩෙත් කපන්න එපා තියාගන්න කිව්වා...ඒ චිත්‍රපටය තමයි සක්විති සුවය...ඒකේ තමයි ඉස්සෙල්ලාම රඟපෑවේ ගාමිණී සර් තමයි මගේ රඟපෑම් ජීවිතේ action,cut එක දුන්නේ...ඒක ලොකු වාසනාවක් මට එතකොට මතක් උනා කොඩිගහ යට මම උපන්නේ තැන මූන දිහා බලන් ඉන්නවා...නෝබට් ජයමහගේ එක කලේ කමල් අද්දරආරච්චිලා,ජයන්ත,ශ්‍රියනන්තලා ඒ group එකේ මම හිටියේ නෑ...මම හිටියේ අපි වෙන ආපු අය එක්ක වැඩ කර කර හිටියේ....බෙල්ජියම් වලින් ඇවිත් හිටියා,ප්‍රංශයෙන් ආවා වුල්ෆ්‍රම් මෙහෙරන් කියලා මම ඒ අය එක්ක වැඩ කර කර හිටියා....අපි දෙන්නා හම්බුවෙන්නේ සාගරයක් මැද කියන චිත්‍රපටයෙන්....මාව ගාමාණී සර් සාගරයක් මැද එකට ගෙන්නලා තමුන්නාන්සේ ගමනක් යයි කියලා මට පේනවා කිව්වා මම ඉතිං පණකඩාගෙන නුවර ගියා ගියාම කිව්වා තමුන්නාන්සෙට මේකේ කරන්න දෙයක් නෑ...එතකොටත් මට සක්විති සුවය රඟපාලා...මේකේ පොඩි චරිතයක් තියෙනවා ඒ කරමු ඒත් third assistant විදිහට මේකේ වැඩ කරන්න කිව්වා...එතන ඉදලා චිත්‍රපටය ඉවරවෙනකල්ම මම third assistant විදිහට හිටියා...ඒකේන් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා ....සර් මට ගොඩාක් දේවල් කියලා දුන්නා....ඒ වෙලාවේ මට  ලබාදුන්න දැනුම ගොඩාක් වටිනවා ඒ වෙලාවේ මට campus එකකට ගිහින් ගන්නත් බෑ....රඟපෑමට මම ලබපු උප්පත්තිය හරිම ගාම්භීරයි....ඒක මිල කරන්නබෑ....''

● සිනමා සක්විති එක්ක කොච්චර කාලයක් වැඩ කරනවද එතනින් පටන් අරගෙන....?
                ''ඊට පස්සේ මම දිගටම හිටියා...කොටි වලිගය කියලා film එකක් කලා ඒ film එකේ කුඩු කාරයෙක්ගේ චරිතයක් කලා....ඒ කාලා ඩී.බී නිහාල් සිංහ මහත්මය මම අඳුරගත්තා...  ඩී.බී නිහාල් සිංහ මහත්මයා කාලා සුදු කළු කියලා ටෙලිනාට්‍යක් ගාමිණී සර් act කලේ මම එතුමගේ පුතා හැටියට තමයි හිටියේ ඒ වගේ අවස්ථවල් ගොඩාක් හම්බුනා...අපි නිතර හම්බවෙනවා ඊට පස්සේ  ටෝනි අයියා ජුලියර් සීසර් වේදිකානාට්‍ය කලා ටෝනි අයියා සර්ගේ ළඟම ඉදගෙන උපරිම සහයෝගය දුන්න  මම....එහෙම ඉතිං ඇසුර ගොඩාක් ලංවෙන්න පටන් ගත්තා....ඒ කාලේ සමහර වෙලාවට හවසට ගෙදර යනවා...''

●ඒ කාලේ මේ අතරවාරයේ වූඩි කීර්තිසේනත් හම්බුවෙනවනේ...ඒක කවදාවත් අමතක කරන්න බෑ කියලා මට හිතෙනවා....?
                      '' වූඩිව මට හම්බුවෙන්නෙ ගොඩාක් ඉස්සෙල්ලා....අපි නාට්‍යක් කරනවා මම වූඩිට WORKSHOP එකක් කරනව රඟපෑම ගැන...මම තාමත් කියන්නේ හොඬවැල නැතිවෙච්ච අලි පැටියෙක් එනවා කියලා හොඬවැල හොය හොය....''

●සිහින දේශයෙන් මිල්ල සොයා........
                 ''සිහින දේශයෙන් තමයි මම ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ...ඒකේ රඟපාන ගමන් මම ඒකෙ double acting කලේ ඒකත් කරල ගමන් කලා අධය්‍යක්ෂනයටත් විශාල සහයක් දුන්නා... කලා අධය්‍යක්ෂනයත් කරපින්නගෙන කලා ඒ දෙකම කරලගමන් තමයි මේව කලේ ඊට ඉස්සේල්ලා WORKSHOP වලදි පොඩිකාලේ අඳුරගෙන තිබුනා ඒකත් ඉතිං විභාගයක් කලා වගේ තමයි....වූඩි එක්ක වැඩ කරන එක විභාගයක් කලා වගේ තමයි මොකද වූඩිව control කරගන්න එකම විභාගයක්....''

●අපේ පරම්පරාව සහ අපට පෙර පරම්පරාවේ අයටත් කුඩා අවදියේ ඔළුවට වදින film එකක් තමයි මිල්ල සොයා....ඒක ගැන ඔබේ අදහස මොකක්ද...?
              ''වූඩිට හැමතිස්සේම ඕනවෙලා තිබ්බා යම් කිසි හැරවුම් ලක්ෂයක් හදන්න මේ සිනමාවේ....ඒකට සම්බන්ධ කරගන්න පුළුවන් හොඳම අය තමයි හිටියේ එයාගේ වටේමම ශ්‍රියන්ත මෙන්ඩිස්,ජැක්සන් ඇන්තනී,කමල් අද්දරආරච්චි අපි කට්ටිය...වූඩිට අවශ්‍යවෙලා තිබ්බා හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න ඒ නිසා කැමරාව උනත් අමුතු විදිහට වෙනස් කරන්න පටන් ගත්තා...සංගීතයත් ඒ වගේ උනා මම හිතන්නේ රඟපෑමත් අනිත් චිත්‍රපට වලට වඩා වෙනස් ආකාරයට තමයි අපි කලේ...ගොඩක් වෙලාවට අපි act එක් කලේ improvisation කරලා...සෑහෙන කාලයක් ගියා හැබැයි චිත්‍රපටය කරන්න ඒ කියන්නේ අවුරුදු 3ක් විතර රූපගතකිරීම කලා...ජීවිතේ පළවෙනි වතාවට හිම දැක්කේ ඉතාලි ගිය වෙලාවේ තමයි...කලින් දැකලා තිබ්බේ නෑනේ ඉතිං පෙරෙලෙනවා,වැටෙනවා හරිම ආසයි ඉතිං....අවුරුදු දෙකක් විතර මම කොණ්ඩෙ වැව්වා චිත්‍රපටය සදහාම...last sean එක ඉවර උනාටත් පස්සේ අවුරුද්දකට විතර පස්සෙ වූඩි කියනවා last sean එක හරි නෑ මචං ආයිත් ගමු කියලා මම එතකොට කොණ්ඩෙත් කපලා...ඊට පස්සෙ මම කොණ්ඩයක් දැම්මා...බොහොම අමාරුවෙන් ඒක කරගත්තා.....''



●ඔබේ කාලයේ රංගන ශිල්පියෝ ගත්තම ඊට සාපේක්ෂව ඔබේ උස අඩුයි...හම බොහො වෙලාවට කාල වර්ණයි ටිකක් ගණකමයි අවස්ථා ලැබෙන්න ගියාම මේ කාරණා අවාසියට හිටියේ නැද්ද.....?
                  ''එහෙම අවාසියට හිටියේ නෑ එකම එක තැනකදි විතරක් අනේ ඔයා කොට වැඩි කියලා අරගත්තේ නැති අවස්ථාවක් තිබුණා උබලට දෙන්නමකො කියලා ආවා එදා මම....සරසවි ස්ටූඩියෝ එකේ මොකක්ද එකකට CharacterS බලනවා එන්න කියල....ඒක DERECTOR නෙවෙයි art derector කිව්වේ ඒ කතාව මට ඒකයි කේන්තිය ඊට පස්සේ ඒ  art derector හම්බුවෙනවා එකට වැඩ කරන්න...අපිට වඩා පරණ artist ලා ඒ අය ඒ නිසා මම මුකුත් කියන්න ගියේ නෑ....මිල්ලසොයා එකේ එහෙම මම පොඩි ඇපල් පෙට්ටියක් උඩ නැගලා රඟපෑවා....මම මේ දේ පටන් ගත්තෙම මම දැනගත්තා විශයානුබද්ද වෙන්න ඕන විශය තුල සොයිගෙන යන්න ඕන එහෙම උනොත් මාව වට්ටන්න බෑ කවදාවත් මේ ගමන මට යන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසෙකින් තමයි මේවා කරන්න පටන් ගත්තෙ මම...පසුකාලිනව ඒ විශය මට සලකන්න පටන්ගත්තා මොකද මම විශයට සැලකුවා කාලයක් විශයට ආදරේ කලා කැපවීමෙන් වැඩ කලා මහන්සි උනා නොකරපු දෙයක් නෑ මම සෑහෙන දේවල් කලා සර්කස් හිටන් කලා....මට අවාසියක් උනා කියලා හිතන්න දෙයක් උනේ නෑමට මාව කපපු තැන් ඇති මම දන්නෙ නෑනේ ඒ දේවල්...''

●මේ පරම්පරාවේ විශාල රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයට  එනවනේ ඔවුන්ගේ නිරූපන අංශයෙන් ඔවුන් එනවා නැතිනම් අනිත් පැත්තෙන් තමයි ශ්‍රාෂ්රාලීය අධ්‍යාපනය ලබපු අයවලුත් මේ ක්ෂේත්‍රයට එනවා ඔවුන් දෙගෙල්ලන්ටම දෙන්නපුළුවන් උපදෙස් අවවාද මොනවාද....?
               ''එක දෙයයි කරන්න තියෙන්නේ විශයට ආදරය කරන්න...විශය මොකක් උනත් කමක් නෑ....තමන්ගේ විශය තුල සොයාගෙන යන්න..තමන් විශයට අනුගත වෙන්න,තමන් විශයට ගරු කරන්න ඕන,විශය තුල සතත අභ්‍යාසයේදෙන්න ඕන,එහෙම උනොත් කවදහරි දවසක පෙරලා විශය අපට සලකන්න පටන් ගන්නවා...වටිනාකමක් ඇතුව ඒ විශය තුල හැසිරුනොත් යම් දවසක විශයපෙරලා තමන්ට සලකන්න පටන් ගනී...එදාට ඉතිං නවත්තගන්නවත් බැරිවෙයි...''

●ළඟදීම හිතුමතේ ජීවිතේ ළඟදීම බලන්න පුළුවන් වෙයි නේද....?
                 ''මිනිස්සු බලලා කෙල ගහලා යයිද දන්නේ නෑ....ඒක සත්‍ය කතාවක් නේ...ඒ සත්‍ය කතාවේ හතරදෙනෙක් තමයි ඒ කෙනාගේ නංගිව දූෂණය කරනනේ පොලිසියේ නිලධාරියෙකුයි,ග්‍රාමසේවකයි,මස් මුදලාලි කෙනෙකුයි තවත් එක්කෙනෙක් හිටියා මට මතක නෑ හරියටම...මේකේ මස් මුදලාලිට හිටියේ මම අවසානෙට මරන්නෙත් මාවද කොහෙද කතාවේ සත්‍ය කතාවේ මරලා තියෙන්නෙත් එහෙම තමයි....හතර දෙනාම දූෂණය කරනවා ඊට පස්සේ බෙල්ල කපලා මරලා දානවා ඒක එච්චර දරුණුවට පෙන්නලා නෑ....ඒත් අධ්‍යක්ෂකවරයා ඒක නොපෙන්නුවට ලස්සනට ගත්තා ඒක දැනෙනවා ඒ කෙල්ලව මරණ එක....ඒක නිසා තමයි කියන්නේ කෙල ගහයිද දන්නේ නෑ කියලා...මම කුඩු චරිත රඟපෑවාම මම ඇත්තටම කුඩු ගහනව කියලා කිව්වනේ ....කුඩු ලංකාවට ආපුම කාලෙනේ,කොටි වලිගය චිත්‍රපටයයි තාරා දේවි නාට්‍යයි එතකොට ඉතිං මම කුඩු ගැන study කලා කුඩු ගහලා නිකං වෙන විදිහටකට රඟපෑවාම වැඩක් නෑනේ...මොකද මම දැක්කා නළුවෙක් එහෙම රඟපානවා...මොකද මම දන්නවා අනිත් දේවල් පිවිච්චි කලාම මේකයි වෙන්නේ කියලා මේකේ කුඩු ආපුම කාලේ මම දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා ගාමිණි සර් එක්ක act කරන්න තියෙන්නේ...අනිත් පැත්තේන් තාරා දේවි නාට්‍ය ඒකෙත් තියෙන්නේ කුඩු කැරයෙක්...මම කුඩු කාරයෝ ආශ්‍රය කලා...මගේ අතේ සල්ලි තියෙනවා මේ අයට sick එක හැදෙන්න දීලා බලාගෙන ඉන්නවා ඊට පස්සේ මම සල්ලි දෙනවා ගේන්න  ඊට පස්සේ ගෙනල්ලා ඒ අය ගහනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලත් මම බලනවා ගැහුවට පස්සේ හරිම normal වෙනවා ඒ වෙලාවට කතා කරනවටවත් කැමති නෑ ඒ විදිහට මම study කලා....හොටු පිහිදාදා කඳුළු පිහදදා මම දැක්ක ඒ ටික හරිම අපරාදයක් ඒක ගාමිණි සර් එක්ක කිව්වා ගිහිල්ලා මේ විස්තරේ ඔළුවේ අතගහගත්තා තමුසේ අහුඋනානම් මොකද කරන්නේ කියලා අහුඋනානම් සර්ගෙ නම කියනවා කියලා කිව්වා ඊට පස්සේ හිනා උනා ....ඒක act කලාට පස්සේ  හැමෝම කිව්වා මම කුඩු ගහනවා කියලා ඇස් දෙකෙන් දැක්ක වගේ කියලා තිබ්බ සමහර අය මම ඉතිං හිනාවෙවි බලන් හිටියා ඕකට උත්තර දෙන්න බෑනේ ඉතිං...උත්තර දීලා වැඩක් නෑ....ඒ වගේ සොයාගෙන යන්න දේවල් සමහර විට සිද්ධ වෙනවා...''

●ජීවිතේ සම්මාන ලැබිලා ඇතිනේ නමුත් ලැබිච්ච හොඳම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකක්ද?
                 ''ප්‍රේක්ෂකයො කෙසේ වෙතත් මට ගාමිණි සර් දවසක් සම්මානයක් දුන්නා කතා කරලා ප්‍රසන්න ජයකොඩි ටෙලිනාට්‍යක් කලා හදවිල සක්මන කියල මම ඒකේ රඟපෑවා කකුලක් නැති සෙබලෙක්ගේ චරිතයක් ඒ කාලේ සර් බලලා මේක මම සිරසේ මොකක්හරි එකකට ගියා යනකොට සර් හිටියා එතන සර්ත් මම හිතන්නෙ ඒ ආයතනයෙ වැඩද කොහෙද මගේ කොන්ඩෙන් අල්ලගෙන මේ විග් එකක්ද දාලා ඉන්නේ කියලා ඇහුවා මම කිව්වා නෑ නෑ සර් කියලා....මම තමුන්නාන්සෙගේ රඟපෑමක් බලනවා තමන් හරියටම කරනවා කියන්න කිසිම දෙයක් නෑ තමුන්නාන්සෙ හරිම professional,super actingමේ අවුරුද්දේ තමුන්නාන්සෙට තමයි සම්මානේ දෙන්න ඕන කිව්වා ඒ යුගයේදි ප්‍රේක්ෂකයො කීපදෙනෙක්ම ඒ ගැන කතා කලා....ඒ වගේම හර්බට් රංජිත් පීරිස්ගේ දියසේන කියලා ටෙලිනාට්‍යක රඟපෑවා ඒක හාත්පසින්ම වෙනස් ඒකේ pit pocket ගහන චරිතයක් ඒකටත් ඒ වගේ විශාල ප්‍රතිචාර ලැබිලා තියෙනවා...අනිත් ඒවටත් තාමත් හම්බුවෙනව තාමත් කොහොම හරි මට ආසාවක් තිබ්බා රෝහණ විජය වීරගේ චරිතයකයට රඟපෑවා නහීවේරේණ වේරාණී කියලා චිත්‍රපටයක විශල study එකක් කරලා මම රඟපෑවේ සනත් ගුණතිලක තමයි මට උදව් කලේ එතකොට  සනත් ගුණතිලක රූපවාහිනි සංස්ථාවේ chairman මට කැසට් දෙන්නේ නෑ එළියට ගෙනියන්න කොහොම හරි permission ඇරගෙන මට කැසට් ටිකක් study කරන්න ඒ සේරම studyකරලා තමයි ඒ චරිතය රඟපෑවේ ප්‍රේමවතී මනම්පේරිය කතාව කලේ...ඒක බලන්න හම්බුඋනේ නෑමට ඒක අපරාදෙ කියලා හිතෙනවා....

Cinema Talkies Mahendra Perera -Helawood ඇසුරිනි