ආදාහනාගාර කුටියේ තැන්පත්ක්කර තිබූ කෝඩ් ආසාදිත මළ සිරුරක් ඉහළ නියෝගයක් මත පිටතට දමා මල් ශාලාවකට අයත් ප්‍රභූ මෘත දේහය රැගෙන යන අවමංගල්‍ය රථයකින් රැගෙන ආ මළ සිරුරක් ආදාහනය කිරිමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ. කෝවිඩ් වෛරසය ආසාදිතව මතුගම ගල්මත්ත නිවසක ප්‍රතිකාර ලබමින් සිටි 93 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් මිය යාමෙන් අනතුරුව මතුගම රෝහලට අයත් ගිලන් රථයකින් පෙරේදා (13දා) දහවල් ආදාහන කටයුතු සදහා පාත්තිය ආදාහනාගාරය වෙත රැගෙනවිත් ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයන් විසින් රැගෙන ආ සිරුර ආදාහන කටයුතු සඳහා ආදාහන කුටියේ තැම්පත් කර මදවේලාවක දී මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල්‍ය රථයකින් සිරුරක් රැගෙන ආදාහනාගාරය ඉදිරිපිටට පැමිණ තිබේ. ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත මද වේලාවකදී ආදාහනාගාර කුටියේ තැන්පත් කර තිබූ කෝවිඩ් ආසාදිත මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැම්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවී ඇති බව පැවසේ.
එම අවස්ථාවේදී රාජකාරි සදහා පැමිණ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඉහළ නියෝගය මත අසරණ වූ බව සෞඛ්‍ය සේවකයෝ පවසති.මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් කෝවිඩ් ආසාදිත මළසිරුර ගිලන් රථයේ තැම්පත් කර තිබිමෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් පවතින බවත් විෂබීජ නාශක දියර ඉසීමෙන් අනතුරුව ද එම තත්වය මග හැරීමට අවම වශයෙන් තවත් පැයක් හමාරක් තිබිය යුතු යයි සෞඛ්‍ය සේවකයෝ පැවසූහ.
ඉහළ නියෝග මත එලෙස ගිලන් රථයේ පැය දෙකකට අධික කාලයක් මෘත දේහයක් තැම්පත්ව තබා තිබීමෙන් තවත් රෝගියෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට ගිලන් රථය යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරීමට බොහෝ දුරට මෙම සිද්ධියත් සමග හේතුවක් වන්නට තිබූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ සෞඛ්‍ය සේවකයෝ පවසා සිටියහ.
(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)
0 Comments