ලේකම් වරුන් රජයේ ව්‍යාපාර සඳහා පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයන් භාවිතා කිරීම නොගැළපෙන්නක් බවත් හිටපු බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් එලෙස කටයුතු කර ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය ඉල්ලා තිබේ.
හිටපු සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය පුද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කරමින් රජයේ නීතිරීති උල්ලංඝනය කළ බවට එරට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකින් කියැවේ.
ලේබර් නියෝජ්‍ය නායිකා ඇන්ජෙලා රේනර් එමගින් "වැදගත් තොරතුරු සැඟවිය හැකි" බව පැවසුවාය.
සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්සී) පැවසුවේ අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු ඊමේල් මගින් ව්‍යාපාර කටයුතු කළ බවයි.
හැන්කොක් මහතා රජයේ ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුමක් භාවිතා කර ඇති බවට ලියකියවිලි හමුවී ඇති අතර
පීපීඊ කොන්ත්‍රාත්තු, කොරෝනා පරීක්ෂණ සහ ට්‍රේස් කිරීම් වැනි කරුණු සහ රජයේ රැකවරණ නිවාස උපායමාර්ගය ඇතුළු වසංගතය තුළ හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ තීරණ ගැනීමේ සම්පූර්ණ වාර්තා රජය සතුව නොමැති බව එයින් අදහස් විය හැකි යයි පෙන්වාදී තිබේ.
වසංගතය පිළිබඳ මහජන පරීක්ෂණ වලට අදාළ ඕනෑම විද්‍යුත් තැපෑලක් නැවත ලබා ගන්නා ලෙස රජයේ බලදාරීන් ඒ අනුව දන්වා ඇත.
හිටපු ලේකම්වරයාගේ දිගුකාලීන මිතුරියක වන කොලඩන්ජෙලෝ මහත්මිය දෙපාර්තමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශ්නවලට මුහුණ දී ඇත - මේ දෙදෙනාගේ සිපගැනීමේ වීඩියෝ පට කාන්දු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.
0 Comments