පවතින කොවිඩි-19 වසංගතය හමුවේ කිරි, බිත්තර, මස් නිෂ්පාදන වෙළඳපොළ වෙත කඩිනමින් යොමු කිරීමේදී ඇතිවන බාධා විසඳීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි. ඒ අනුව වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම් - පශු සම්පත්) 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර (අධ්යක්ෂ - අභිජනන) 0718101904 සහ වෛද්‍ය හේමාලි මකොතලාවල 0718589004 යන මහත්ම මහත්මීන්ගේ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
අදාළ නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළඳුන්ට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු
වෛද්‍ය කාර්යාල හරහා ඍජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. තවද යම් අයකුට කිරි, බිත්තර, මස් ආශ්රිත නිෂ්පාදනවලට
අමතරව සත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරය ද ඉහත කාර්යාල මගින්ම ගත හැකි බවත් ඔහු
සඳහන් කළේය. මේ වනවිට ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට තම රථ මගින් බිත්තර හා මස් ද අලෙවි කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.
-විමල් කොඩිතුවක්කු
0 Comments