මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස 15 දැරියක මාස 3 ක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ ගණිකාවක ලෙස අලෙවි කළ බවට ලද තොරතුරක් මත දැරියගේ මවද ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.
පසුගිය ජුනි 07 වන දින ගල්කිස්ස පොලිසිය මගින් මුල්වරට මේ සම්බන්ධ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මොරටුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ ගැන මූලික හෝඩුවාව ලැබී තිබුණි.
ගල්කිස්ස පොලිසිය මගින් සිදු කළ වැඩිදුර පරීක්ෂණ වලදී අන්තර්ජාලයේ ෆේස් බුක් සහ තවත් වෙබ් අඩවි ඔස්සේ මෙම දැරිය මාස 3 කට වැඩි කාලයක් තිස්සේ විවිධ අයට අලෙවි කර තිබෙන බව සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලබාදී පුළුල් විමර්ශනයකට ලක් කිරීමේදී මෙම අපචාර සඳහා 18 දෙනෙකු පමණ සම්බන්ධ බවට මේ වනවිට සොයා ගෙන ඇත. එම පුද්ගලයන් අතර හිමිනමකද සිටින බව වාර්තාවෙයි. දැරියගේ මවද මෙම අලෙවිය සඳහා සහය දී ඇති අතර රු 10000 ,15000 හා 30000 වැනි මිල ගණන් යටතේ ඇයව අලෙවි කරන්නට කටයුතු කර ඇති බව සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර මුලින්ම හසුවූ පුද්ගලයාගේ අනියම් බිරිය,
දැරිය ප්‍රවාහනයට යොදගත් ත්‍රීරෝද රියේ රියදුරු, අන්තර්ජාලයේ දැරිය අලෙවිය පිණිස සකසන ලද ග්‍රැෆික් නිර්මාණය සිදු කළ නිර්මාණ ශිල්පියාද සිටිති.
දැරිය සපයන ලද තොරතුරු අනුව 20 දෙනෙකු පමණ ඇයව අපයෝජනය කර තිබේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වයස 16 ට අඩු අය ලිංගික ශ්‍රමිකයින් ලෙස යොදාගැනීමට නොහැකි අතරම අන්තර්ජාලය හරහා මේ ආකාරයට දැරියන් අලෙවිය මිනිස් ජාවාරම නමැති වරදටද හසුවන්නකි.
මෙලෙස අත්අඩංගුවට ගත් අයට එරෙහි එම චෝදනා යටතේ ඉදිරියේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියේය.
ඒ ගැන අජිත් රෝහණ මහතා කළ විස්තරය පහතින්
0 Comments