නාරාහේන්පිට අභයාරාමයේ එන්නත්කරණ වැඩසටහනක් මැද උණුසුම් තත්වයක් ඇති විය. නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලට සම්බන්ධ පිරිස් වෙත එන්නත් ලබාදෙන බවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කළ දැනුම් දීම නිසා දිගු වේලාවක සිට පිරිස පැමිණ එන්නත් ලබාදෙනතුරු අපේක්ෂාවෙන් සිටියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිස් පැමිණ එන්නත් ලබාදීම ඇරඹුවේ නැත.
පසුව ස්වාමීන් වහන්සේ ඒ ගැන ඇමතිනිය අමතා විමසා ඇති අතර එහිදී පවසා ඇත්තේ රජයේ වැඩපිලිවෙල අනුව එවැනි වැඩසටහනක් සූදානම් කර නැති නිසා එන්නත් ලබාදීමට කණ්ඩායමක් එවිය නොහැකි බවයි.
මේ තත්වය නිසා නාරාහේන්පිට පිරිස් කලබල වූ අතර ස්වාමින් වහන්සේ අකරතැබ්බයකට ලක් විය.
අනතුරුව ස්වාමින් වහන්සේ රජය තනන්නට රැස්වීම් තියන්න අවසර දුන් අභයාරාමෙට නොසලකන බවටත්, අගමැති හරහා කළ ඉල්ලීමට කන්නොදීමට තරම් ඇමති නිහතමානී නොවීම ගැනත් දොස් පැවරූහ. උන්වහන්සේ මෙසේ කීය.
‘අභයාරාමෙම ඉඳගෙන අගමැති තුමා කතා කරලා මේ එන්නත් වැඩසටහන කරන්න ඇමතිතුමියට කියලා තිබ්බෙ.
අද අපේ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය බබෙක් වගේ හැසිරෙනවා. ඇමතිතුමිය කියනවා එන්නත අභයාරාමයට නියම කරලා නෑ කියලා. ඇමතිතුමියනි සුරංගනා කතා කියන්න එපා අපට. ඔබ තුමියලට අභයාරාමෙ හොඳයි දිනනකොට. රැස්වීම් තබන්නට හොඳයි.නමුත් අභයාරාමෙ යමක් ඉල්ලන කොට බෑ කියන එක ලජ්ජ නැති කතාවක්. ඇමතිවරියට අගමැති ලියපු ලියුමක් තියෙනවා එහෙම තියෙද්දි අපට නොදුන්නෙ.‘
0 Comments