nalin-c-kithulwatte-speaks

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් සී කිතුල්වත්ත මහතා සිදු කළ අදහස් දැක්වීමක් පහතින් පළවේ.


මේ දිනවල රට පුරාම පැතිරෙන ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක්. මේක කෝවිඩ් වලට  සම්බන්ධයි. කෝවිඩ් හැදිලා ඊට පස්සේ සති දෙකක් සති හයක් විතර කාලයක් ගතවෙනකොට ළමයින්ට  ඇතිවෙන රෝගී තත්ත්වයක්. එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක කවුරුත් දන්නේ නැහැ කෝවිඩ් හැදිලා තියෙනවා කියලා. සමහර වෙලාවට අපි කවුරුත් දන්නෙ නැතිව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. දැනටමත්  ළමයින් හය දෙනෙක් අපි දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මේ ළමයි   සාමාන්‍යයෙන් අවුරුදු අටක් පහළොවත් අතර වගේ ළමයි හොඳින් වැඩුණු ළමයි. ඒයාලට මුලින්ම මතු  වෙන්නේ උණ ඒ වගේම දැඩි ඇඟපත රුදාවක් ඇති වෙනවා.

ඊට පස්සේ බඩේ කැක්කුම, වමනය පාචනය මේ  වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි මතු වෙන්නේ.. සමහර වෙලාවට අපි දන්නෙත් නෑ දෙමව්පියන්  දන්නෙත් නෑ ඒ ළමයට කෝවිඩ් හැදිලා තිබුණ ද කියලා. තවත් රෝග ලක්ෂණ තියෙනවා ඇස් රතු වෙන්න පුළුවන්, මුලු ඇඟ පුරාම මතුවෙන skin rash එකක් ඇතිවෙන්න පුළුවන්. මේකේ භයානක තත්වය තමයි  මේක හෘදවස්තුවට බලපාලා එයාගෙ රුධිර පීඩනය අඩුවෙලා සමහර වෙලාවට මිය යන්නට පවා ඉඩ  තියෙනවා.. ඉතින් මේ රෝගය අලුත් රෝගයක්. ගිය අවුරුද්දේ 2020 අප්‍රේල් මාසයේ එංගලන්තය තමයි  මුලින්ම මතු වුනේ. දැන් අපිට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ල කියල.


අපි දැනට දන්නවා රෝගය වැළඳුණු ළමයි කීප දෙනෙක්ම අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ලංකාව පුරා තැන් තැන් වලින් ඒ නිසා මේක ලංකාව පුරාම පැතිරෙන්නට ඉඩ තියෙනවා.මට කියන්න තියෙන පණිවිඩය තමයි මේ දවස් වල  ළමයින්ට උණ පාචනය, බඩේ කැක්කුම, මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න. මොකද පරක්කු කරනවා කියන්නේ අපි ළමයා ගේ ජීවිත අනතුරකට   හෙළනවා කියන එක. මේ රෝගය නිසා ළමයි මිය යන්නට පවා ඉඩ තියෙනවා. අපි තවම ලංකාවේ මෙවැනි රෝගීන් මරණයට  පත්වෙනවා කියලා අහලා නැහැ. නමුත් ලෝකෙ පුරාම ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජනපදය සහ ලෝකයේ අනෙකුත් රටවල් වල මෙවැනි ළමයි මේ රෝගී තත්ත්වය නිසා මිය ගිහින් තියෙනවා. ඒක නිසා   අපි අවධානයෙන් සිටිය යුතුයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවීම  තමයි කළ යුත්තේ.


මේක යම්කිසි විදියකින් කෝවිඩ් තත්ත්වයක්ම ද නැත්නම් කෝවිඩ් තත්තෙ ඇතිවෙච්ච දිගුවක් ද?

දැනට අපි දැකලා තියෙන හැම රෝගියෙක්ම වලට කෝවිඩ්  සම්බන්ධයි. මොකද අපි පස්සේ ටෙස්ට් කරලා  බලනකොට මේ වගේ රෝග ලක්ෂණ තියෙන ළමයි අපි පරික්ෂා කරලා බලනකොට අපි කෝවිඩ් අඳුර ගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි covid antigen එකක් එක්ක ලබාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි පි.සී.අර් ටෙස්ට් එක කරලා බලන්න පුළුවන්.තුන්වැනි එක තමයි antibody කියලා අපි පස්සෙ  කරනවා ප්‍රතිදේහ අඳුර ගැනීම සඳහා පරීක්ෂණයක්. මං මේ කතා කරන ළමයි හය දෙනාම මේ එකක් හෝ ටෙස්ට් එකක් positive වෙලා තියෙනවා. ඒකෙ තේරුම මේගොල්ලොන්ට covid වැලදිලා තියෙනව. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කවදද වැළඳුණේ කියන එක අපි හරියටම දන්නේ නැහැ. සමහර අයට  දැනටත් රෝග ලක්ෂණ තියෙනවා.  පි.සී.අර්  positive කියලා කියන්නේ දැනටත් ඒ ගොල්ලො කෝවිඩ් රෝගී තත්ත්වයෙන් ඉන්නේ. ඒ වගේම සමහර ළමයි ආවට පස්සෙ අපි ප්‍රතිදේහ අඳුරගෙන තියෙනවා. එතකොට antibodies positive වෙලා තියෙනවා. ඒකෙ තේරුම ඒ ළමයින්ට covid කලින් වැළඳිලා තියෙනවා. සමහර වෙලාවට අම්මලා දන්නෙත් නෑ. කවුරුත් දන්නෙ නෑ .නමුත් නොදැනුවත්වම එක වැලදිලා  තියෙනවා. ළමයින්ගෙන් වැඩි පිරිසකට covid කියලා කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වය  තමයි තියෙන්නේ.. ඉතින් අපි දන්නේ නෑ මේ දරුවන්ට කෝවිඩ් තිබුනද කියලා.




එතකොට දැනට මේ ඉන්න ICU  රෝගීන් කොළඹ අවට ම ද ?

දැනට අපේ අයි සී යු එකේ ඉන්න රෝගීන් කොළඹ අවට.. ඒ කියන්නේ රාගම, කළුබෝවිලska ඇවිල්ල  තියෙනව .කොළඹ අවට ප්‍රදේශවලින් තමයි දැනට රෝගීන්  වාර්තා වෙලා තියෙන්නෙ. නමුත් මම හොඳටම දන්නවා අපි සාකච්ඡා කරලා ඒ විශේෂඥ වෛද්‍යවරු ඒක්ක. වැලිමඩ ප්‍රදේශයෙන් එක  රෝගියෙක් අඳුනා ගත්තා. ඒයාව අපි පස්සේ බදුල්ල රෝහලට යොමු කරලා ඒ රෝගියා සමීප සනීප වෙලා ගියා කියලා කිව්වා. ඒ වගේ විවිධ ප්‍රදේශවලින් ඉන්න වෛද්‍යවරු අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මේ රෝගය ලංකාව පුරාම පැතිරිලා තියෙන්නේ පුළුවන්. අපි අවදියෙන් ඉන්න එකයි වැදගත් වෙන්නේ. මොකද මේක බඩේ කැක්කුම වමනය පාචනය එක්ක ආවට පස්සේ අපි මේ ගැන හිතන්නේ නැහැ .නමුත් ඒ ගැන අපි සිතිය යුතුයි දැන්. මොකද සමහර කොටසක් මේ රෝගීන්ගෙන් කොටසක් මිය යන්නට පවා ඉඩ තියෙනවා.


වෛද්‍යතුමනි, අභ්‍යන්තරය සිදුවන දෙයක්නේ  මේ සිදුවනදෙ.  මේක බාහිරින් බවක් පේන්නේ නෑ එතකොට මේක මොන මොන වගේ කොටස්වලටද වැඩිම  බලපාන්නේ?


මේක අපි කියන්නේ multi system Inflammatory syndrome in children  ඒ කියන්නේ අවයව  ගණනාවකට බලපාන්න පුළුවන්.. මම ඉස්සෙල්ලත් පැහැදිලි කළා මේක හමට බලපාන්න පුළුවන්. එතකොට ඇස් වලට බලපාන්න පුළුවන්, හදවතට බලපාන්න පුළුවන්, පෙණහලුවලට බලපාන්න පුළුවන් වකුගඩු ,අක්මාව මේ වගේ අවයව ගණනාවකට බලපාන පුළුවන් .එකයි එකෙ තියන භයානකකම. ඉතින් එක පිටින් පෙන්නන දෙයක් විදිහට අපිට පෙන්නන්න තියෙන්නේ ඇස් රත්  වෙන්න පුළුවන්, හම මතුපිට ඇතිවන යම්  කිසි රතු වීමක් වෙන්න පුළුවන්. වමනය ,පාචනය ,බඩේ කැක්කුම මේ වගේ ඒව තමයි මතුවෙන්නේ නමුත්  ඇඟ පුරා තියෙන විවිධ අවයව වලට මෙකෙන් බලපෑම් ඇතිවිය හැකි.



එතකොට ඒ අවයව ඉදිමීමක් විශාල වීමක් ද සිද්ධ වෙන්නේ?

ඔව් අපි ඒකට කියන්නේ inflammation කියලා.. ඉදිමීමක්ම තමයි වෙන්නේ. නමුත් ඉදිමීමක් පමණක් නොවෙයි ඒ අවයව වල ක්‍රියාකාරීත්වයට ප්‍රශ්නයක් ඇතිවෙනවා. වකුගඩුවලට බලපෑම්වහාම මුත්‍රා හැදෙන්නේ නැහැ. එතකොට වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. අක්මාවට බලපෑම්වම අක්මාවෙන් නියම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නෑ කියන්නෙත් තවත් අවයව වලට බලපාන්න පුළුවන්. ඒ වගේම පෙණහලුවල ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ නැති උනාම ඔක්සිජන් මට්ටම අඩු වෙන්න පුලුවන්. හෘදවස්තුවේ ක්‍රියාකාරිත්වය සිදු වුණේ නැති උනාම බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන්න පුලුවන්. ඒ වගේ වෙන වෙන දේවල් මතුවෙන්න පුළුවන්  අර අවයව වල ක්‍රියාකාරිත්වය නිසි
පරිදි සිදු නොවන නිසා.




ගොඩක් අය මැලිකමක් දක්වනවා රෝහල් වලට එන්න මේ තියන වාතාවරණයත් එක්ක. ඔවුන්ට ජනතාවට දෙන පණිවිඩය මොකක්ද?

ඉතාමත්ම වැදගත්. මේ කොරෝනා තත්ත්වය නිසා ගොඩක් පිරිසක් රෝහල් වලට එන්න මැලිකමක්  දක්වනවා .නමුත් අපි දරුවා ගැන කල්පනා කරනවා නම් දරුවාට යම් කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් වහාම රෝහලකට පැමිණෙන එක තමයි වැදගත් වෙන්නෙ. මොකද මේ හැම රෝගයක්ම මම මේ කතා කරන්නේ මේ රෝගී තත්ත්වය ගැන නමුත් ඩෙංගු වෙන රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන් මේ ඕනම රෝගයක් උත්සන්න වෙන්නේ අපි නිසි ප්‍රතිකාර නිසි කාලයට ගත්ත නැත්තං. ඒ නිසා ඉතාමත්ම වැදගත් මොන තත්ත්වයක හිටියත් දරුවෙකුට රෝගී තත්ත්වයක් තියෙනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න. එහෙම හැකියාවක් නැත්නම් ලගම තියන රජය රෝහලට යන්න.


දැන් මේ රෝගී තත්ත්වයෙන් දරුණුන බව තියෙන්නේ කුඩා දරුවන්ට සහ සාමාන්‍යයෙන් වැඩුණු දරුවන්ට  පමණ ද නැත්නම් වැඩිහිටි පුද්ගලයන්ටත් මේක හැදෙනවද?

ඔව්.. මේක ළමයින්ට විතරක් හැදෙන රෝගී තත්ත්වයක් විදියට තමයි දැනට වාර්තාවෙන්නේ.. නමුත් අපි  අමතක කළයුතු නැහැ මේක අලුත් රෝගයක්. මේ corona කියලා කියන්නේ තාම අවුරුදු එකහමාරක් විතර තියන රෝගයක්. අපි දන්නේ නැහැ මේකෙන් අනිත් අයටත් බලපෑමක් ඇති වෙයිද කියලා. දැනට ලෝකෙ පුරාම වාර්තා වලින් කියන්නේ අවුරුදු එකේ සිට අවුරුදු විස්ස අතර කට්ටියට තමයි මේක වැලඳෙන්නේ කියලා.අපි  ලංකාවේ දැකලා තියෙන්නේ අවුරුදු අටත් පහළොවත් අතර ළමයින්ට. ඒකෙ තේරුම  අනිත් අයට හැදෙන්නේ නෑ කියන එක නෙමෙයි අපි හැමෝම ඒකෙන් අවධානය සිටිය යුතුයි මොකද  මේක අලුත් රෝගයක් නිසා. අපි හරියටම ඒ ගැන විස්තර දන්නේ නැහැ.


නව ප්‍රභේද දැනෙනවා.. මේ නව ප්‍රභේදත් එක්කච මේ ඇතිවුන තත්ත්වය නැත්නම් ඒ පරණ තිබුණු ප්‍රභේද  වලටත් මේ තත්ත්වය තිබිලා වෙනවා ද?

ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. පරණ ප්‍රභේද වලටත් මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මොකද මේ රෝගය මං මේ කතා කරන රෝගය මුලින්ම වාර්තා වුණේ 2020 අප්‍රේල් වල. ඒ කියන්නේ ඒ වෙනකොට නව ප්‍රභේද ගොඩක් තිබුණු කාලයක් නෙවෙයි. ඒ රෝගය ඒ විදිහටම තිබුණා. ඒ වගේම දැනට ලෝකයේ විශ්වාසයක්තියෙනවා මේ ඕනම ප්‍රභේදයකින්  මේ තත්ත්වය ඇතිවිය හැකි කියලා..

ඒක නිසා විවිධ අවයව වලට විවිධ මට්ටමින් බලපෑම් ඇතිකරන්න පුළුවන්. සමහර වෙලාවට ඉතාමත්ම සුළු බලපෑමක් පමණක් වෙන්න පුළුවන්. සමහර විට මරණය දක්වාම මේක පැතිරෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොන ප්‍රභේදයෙන් ද මේක හරියටම වෙන්නේ කියලා දැනට විශ්වාස කරන විදියට ඕනෙම ප්‍රභේද එකෙන් මේ තත්ත්වය ඇතිවිය හැකියි.


ඔබතුමා ඉන්නේ දැඩිසත්කාර ඒකකයට රිජ්වේ එකේ.. ඔබතුමාලට දැන් කොහොමද මේ covid ආසාදිතව දැඩි සත්කාර ඒකකයට ළමයි කොපමණ ප්‍රමාණයක් වගේ ආවා ද?


අපි අමතක කරන්න ඕනේ නෑ කෝවිඩ් කියලා කියන්නේ ළමයින්ට බොහෝ විට ඉතාමත්ම සුළු රෝගී  තත්වයක් ඇති කරන තත්ත්වයක්. අපි කෝවිඩ් මුල් අවස්ථාවේ සිට දැඩි සත්කාර ඒකකයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකය තමයි කෝවිඩ් ආසාදිත වෙලා දැඩි සත්කාර ඒකකයක් අවශ්‍ය වන රෝගියෙක් ලංකාවේ කොයි අස්සක මුල්ලක හිටියත් අන්තිමේදී අපි මෙතැනට ගෙන්නගන්නවා.. දැනට අපි පහුගිය අවුරුදු එකහමාරක බලාගෙන තියෙන්නෙ රෝගීන් විස්සකට අඩු  ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකයේ. ඒකෙ තේරුම ළමයින්ට ඒ තරම්ම බලපෑමක් ඇතිකරන ලෙඩක්  නෙමෙයි කොරෝන කියන්නේ. නමුත් මේ වන විට මේ අලුත් රෝගී තත්ත්වය නිසා දරුවෝ හය දෙනෙක්  දැනට දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. ඉතින් ඒකෙන්ම පේනවා දරුවන්ට මේ කෝවිඩ් බලපාල තියෙන්නෙ  මේ විදිහටයි කියලා. දරුවන්ට දැඩි සත්කාර ඒකකය අවශ්‍ය වෙන්නේ මට්ටමට අමාරු වෙලා තියන්නෙ මෙන්න මේ නව රෝගී තත්ත්වය නිසයි.



කොරෝනා තත්ත්වය යම් කිසි විදිහකට ලමයින්ගේ ප්‍රතිශක්තිය හොඳ හින්දා ළමයින්ට මේකේ තියන බලපෑම අඩුයි කියලද වෛද්‍යතුමා කියන්නේ?

ඒක හරි අමාරුයි කියන්න.. මොකද තාමත් මේක අලුත් රෝගයක් නිසා ඇයි මේ ළමයින්ට මේක අඩුවෙන් හැදෙන්නෙ කියන එක කවුරුත් දන්නේ නැහැ .ඉතින් ඒක වාසනාවක් කියලා අපි දැනට හිතන්නේ. කොහොම වුණත් ළමයින්ගෙ ප්‍රතිශක්තිකරණය හොඳ නිසා වෙන්න පුළුවන් මේ අලුත් රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එකේ තේරුම මේක ඇත්තටම ප්‍රතිශක්තියත් එක්ක බැඳුණු රෝගයක්.. එතකොට ප්‍රතිශක්තිය කොරෝනා රෝගයට විරුද්ධව අපේ ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය නිසා අපටම රෝගයකබවට පත්වෙලා තියෙන ගතියක් තමයි අපිට පේන්නෙ .එකත් අපි හරියටම දන්නේ නෑ. නමුත් ඒ වගේ බලපෑමක් තමයි මේ තියෙන්නෙ.