මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කොට විශාරද නන්දා මාලනී ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබූ අතර
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නමැති වරදකරු පවසා ඇත්තේ තමන්ට සමාව දෙන ලෙසත් ඉතා සුලබව හමුවන එම්පී3 වර්ගයේ ගීත එකතු කර තමන් විකිණුවේ ලංකාවේ නීති අනුව එවැන්නක් වරදක් යයි දැනුවත්භාවයකින් තොරව බවත්ය.
ඒ අනුව ඔහු සිය තීන්දුව යළි සලකාබලන්නැයි අභියාචනයක් ගොනු කළේය.නමුත් එය ප්‍රතික්ෂේප වී තිබෙන අතර
මෙම දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් නැවත තහවුරු කර තිබේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල 2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් ගායනා කරන ලද “යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්” යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත “ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ” යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බවට පැමිණිල්ලේදී කියැවිණි.
0 Comments