ලෝකයේ අංක දෙකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ජපන් ජාතික 23 හැවිරිදි ළාබාල ක්‍රීඩිකා නයෝමි ඔසාකා පසුගිය සතියේ නිවේදන කර තිබුනේ ඇරඹෙන්නට නියමිත ප්‍රංශ විවෘත ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තරගයේදී තමන් මාධ්‍ය මගහරින බවත් ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන දඩය ගෙවන්නට සූදානම් බවත්ය. මාධ්‍ය වේදීන් අසන අනවශ්‍ය ප්‍රශ්න වලට තමන් එකඟ නැති බවද ඇය පවසා තිබුණි.
මේ නිසා ඇය වටා ක්‍රීඩා ලෝකයේ අලුත් රැල්ලක් පැනනැගි අතර ක්‍රීඩාවේ නාමයෙන් මාධ්‍ය සිදු කරන අනිසි බලපෑම ගැන විශාල සාකච්ඡාවක්ද ජනිත විය.
මේ අතර ඉරිදා ඇරඹි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය අතරතුර ඇය පරාජයන්ටද ලක්වූවාසේම කිසිවෙකු නොසිතූ ලෙස ඇය තරගාවලියම අතැරදමන්නට තීරණය කළාය. ඇය කියා සිටියේ මීට මාස ගණනක සිට තමන්ට “මානසික අවපීඩනයෙන්” හා “කාංසාවෙන්” පෙළෙන බවත් නිසි ආකාරයට තරග වැදීමට මානසික සුදානමක් නැති බවත්ය. ඒ ආකාරයටම ඇය පෙර කියූ ලෙසම මාධ්‍ය හමුවෙන්ද මගහැර ගියාය.
ටෙනිස් ක්‍රීඩාවේ විශාලතම නම් වලින් එකක් වන ඔසාකා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගයෙන් ඉවත්වීමත් සමඟ දඩ මුදල් ගෙවා ටෙනිස් ලෝකය මවිතයට පත් කළාය. ඉරිදා පැවති පළමු වටයේ තරඟයෙන් ඇය පරාජය වූ අතරම නිමාවෙන් පසුව මාධ්‍යයට මුහුණ දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ද දඩ මුදලකට යටත්විය.
සිව් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ නයෝමිගේ මෙම බිඳ වැටීම ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධියක් බවට දැන් පත්ව ඇත
"සලකා බැලිය යුතු පළමු දෙය ඔසාකා මහත්මියගේ සෞඛ්‍ය තත්වයයි.
ඇයට හැකි ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමි"
"ඇය තරුණ වියේදී ඉහළට පැමිණියා. ඒ නිසා ඇය සිතන්නේ කුමක්දැයි අපට සිතාගත නොහැකිය."
යනුවෙන් ජපාන ටෙනිස් සංගමයේ (JTA) විධායක අධ්යක්ෂ ටොෂිහාසා සුචිහාෂි අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
තමන්ගේ අමුතු තීරණය ගැන ඊයේ නයෝමි ට්විටර් සටහනක්ද තැබූ අතර තමන්ගේ මානසික සෞඛ්‍ය ගැටලුව නිසා මේ දේවල් සිදුවන බවත් මාධ්‍ය හෝ රසිකයින් කිසිවෙකු අමනාප නොවන ලෙසත් ඉල්ලා ඇත.
0 Comments