නවසිලන්තය තුළ ව්‍යාප්ත විය හැකි COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම අවම කිරිමේ අරමුණින් එරට තුළ යළිත් වරක් මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමටත්, ජනතාවගේ ආශ්‍රිතයන් පහසුවෙන් හඳුනාගැනීම සදහා වන QR කේතයට ස්කෑන් කිරීම අනිවාර්ය කිරීමටත් තීරණය කර ඇතැයි එරට අගමැතිනී ජෙසින්ඩා ආඩන් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අගමැතිනිය "ඩෙල්ටා ප්‍රබේදයේ ඉහළ යාමත් සමගින්ම රට තුළ අවදානම ඉහළ ගොස් තිබෙනවා, ඒ නිසා අපි හැකි උපරීමව කටයුතු කරමින් මේ තත්වය පාලනය කරමින් ව්‍යාප්තිය අඩු කර ගැනීමට කටයුතු කරනවා." යනුවෙන් පවසා ඇත.දැනටමත් නවසිලත්තයේ වෙලින්ටන් නුවර සඳහා පනවා අති අදියර 2 COVID-19 අවදානම් නිවේදනය තවදුරටත් දිගු කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇත. එම නගරයේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු ජාතික සංචාරකයෙකු යළිත් මවු රට බලා යැමෙන් අනතුරුව COVID-19 ආසාදිතයෙකු බවට පත්වීමත් සමග මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කෙරී තිබුණි. මේ අතර ඔස්ට්‍රේලියාව සමග නවසීලන්තය ක්‍රියාත්මක කළ ට්‍රැවල් බබ්ල් සංචරණ සංකල්පය තාවකාලිකව අත්හිටුවීමටත් නවසීලන්තය පසුගියදා තීරණය කර අත.
0 Comments