niroshan-premaratne-life-story

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පසුගිය මහමැතිවරණ පරාජයෙන් පසු දැන් මාළු වෙළෙඳාමේ නිරත වන්නේය. මුට්ට කරගහමින් ජීවිතය ජයගන්නට දැරූ ප්‍රයත්න ගැන ඔහුගේ අතීත ජීවිත කතාව පසුගියදා පැවති රැස්වීමකදී මෙසේ හෙළි කර තිබේ.
1997 වෙනකොට මම හිටිය සාමාන්‍ය පෙළ පංතියේ .ඒකාලේ මම එක එක වෙළඳාම් කළා. සිල්ලර බඩු විකුණුවා, එළවළු විකුණුවා, ප්ලාස්ටික් බඩු විකුනුවා, පොළක විකුණන්න පුළුවන් හැමදේම විකුණුවා .මට ඕනා උඩරට එළවළු ටිකක් ඊළඟට විකුණන්න. අපි දෙයියන්දර පොලේ උඩරට එළවළු ගෙන්නන එක්කෙනා හිටියේ මම ඒ අයියට කිව්වා මට උඩරට එළවළු ගෝනි දහයක් විතර ගෙනල්ලා ඕනේ කියලා. මම එදා බස් එක පරක්කු වෙලා පොල් වගයක් අරගෙන යනකොට බස් එකේම දාගෙන මම යනකොට පරක්කුයි ටිකක් පොළට යනකොට ඉතුරු වෙලා තිබුණු එළවලු ගෝනි ටිකක් තමයි මට දුන්නේ. අපේ හාමුදුරුවනේ මගේ ජීවිතය වෙනස් කළේ ඉදිච්ච මාළු මිරිස් ගෝනියකුයි,  ටිකක් තැන්බිච්ච බිට් අල  ගෝනියකුයි, කැඩිච්ච බටාන ගෝනියකුයි. මම ගියාම මට කිව්වා මේ ටික විතරයි ඉතුරු තියෙන්නේ මේ ටික ගන්න කියලා කිව්වා. ගෝනි තුනයි තිබුණේ. ඒ කාලේ හැටියට මට මතකයි රුපියල් හයසිය පනහක එළවළු. මං මේ ටික අරගෙන ගිහිල්ලා දෙයියන්දර පොලේ මාලු මාර්කට් එකට එහායින් පොඩි ඉඩක් තිබුණා .මම ඔතන දාගත්තා.




දාගත්තහම තෝරන්න ගියාම මාළු මිරිස් ඉදිච්ච නැති ඒව නෑ. ඒ අයියාම  මට දුන්න බිට් ගෝනියා පොල එහා පැත්ත තිබ්බා ගලන ගඟක් තියෙනවා දෙයියන්දර හරහා යන. මේ ගඟට ගිහිල්ලා හෝදලා බීට් ගෝනියක් ගෙනල්ලා දුන්නා. මම වෙළඳාම් පොලේ දාගෙන හිටිය රුපියල් 30 ක විතර  වෙළදාම් කලා .කවුරුත් බලන්නෙවත් නෑ.මැස්සො වහනවා. ඇවිදගෙන යනවා. පැය දෙකහමාරක් දාගෙන හිටියා විකුණුනේ නෑ. සිකුරාදා උදේ නෙමෙයි සිකුරාද හවස මාවනැල්ල පොළ තිබුණා. ඒ පොළට මම හිතුවා මාවනැල්ල පොළට අරගෙන යනවා කියලා. මේ ටික මම ආයිත් මේ ගෝනි තුන බැඳගෙන jpd මුදලාලි මහත්තයා ඉන්නවා .එයාගේ ලොරියට දාගෙන මම කල්පනා කර කර යනවා රුපියල් හයසිය පනහත් ඉවරයි. විකුණන්නත් බෑ මේ ටික පොලේ ගෙනිහිල්ලාමම මොකද කරන්නේ කියලා. මම මුදලාලි තේ බොන්න එක සැරයක් නැවැත්තුවම මම මුදලාලිට කිව්වා මුදලාලි අද වැඩේ හරියන්නෙ නෑ මට මේක පාඩුයි මට සල්ලිත් නෑ දැන් වියදම් කරන්න. මට පොඩි උදව්වක් කරන්න කියලා.


මුදලාලි අහුවා මොකක්ද බං කරන්න ඕනේ කියලා .මම කිව්වා මම අද නාට්ටාමි වැඩේ කරන්නම් මුදලාලි ලොරිය කියලා. වෙනදට ඉන්නව නාට්ටාමි වැඩේ කරන්න ලොරියට මාමා කෙනෙක් .ඒ මාම අයින් කරල මට දුන්නා නාට්ටාමි වැඩේ කරන්න. ඒ කාලේ අපේ හාමුදුරුවනේ කිලෝ 65 රතුලූනු ගෝනි තියෙන්නෙ. මම හරිම කෙසඟ සිරුරක් තිබුනා කෙනෙක් 11 වසර ඉන්නකොට. මම ලොරිය බඩු භාග්‍යයක් බෑවා .ලොරි බාගයක් බාලා ඉවරවෙලා ඊළඟ ලූනු ගෝනිය කරට ගත්තහම මුදලාලිගේ වෙළෙඳ පොළට ගිහින් දාන්න මගේ ඉස්සරහට ආපු කවුදෝ කෙනෙක් මගේ ඇඟේ හැප්පුනා. මට මොකක් හරි වචනයක් කියවුනා එවෙලෙ. මම හිතනවා එවෙලෙ කියවුනේ හොඳ වචනයක් නෙමෙයි කියලා. බඩු මල්ල ගිහිල්ලා මුදලාලිගේ වෙළඳපලේ දාලා ආපහු සැරයක් යනකොට මම දන්න කියන රාජයියා මගෙ ශර්ට් ඒක කරකවල අල්ලගෙන හේතු කරගත්ත මුදලාලිගේම ලොරියට .මම ඇහුවා ඇයි අයියේ කියලා .මොකක්ද උඹ අර කියාගෙන ගියේ. මම කිව්ව සමාවෙන්න කියලා.



හැබැයි රාජයියා ගෙන් බේරෙන්න විදිහක් තිබ්බෙ නෑ .මාව තද කරල තව වචන කිහිපයක් කිව්වා. මම කොයිතරම් අමාරුකම් මධ්‍ය වුණත් ඒ කාලේ ආත්මාරක්ෂක සටන් ඉගෙන ගන්න පන්තියකටත් යනවා. බැරිම තැන මම රාජයියාව නවලා අනිත් පැත්තෙ අතින් අල්ලලා ලොරියට හේතු කරලා ආපු තරහ ට රාජ අයියට දෙකක් ගැහුවා. ගැහුවහම මේ මූනේ දෙපැත්තම රාජා අයියගේ කැඩුනා. ලේ බේරෙනව දැන්. ඒ අතර මම ෙපාළේ හිටිය රෙදි විකුණන අක්කා කෙනෙක්. එයාගෙන් මම ටක් ගාලා තුවායක් අරගෙන වතුර ටිකක් දාලා රාජා අයියගේ මූනේ තියලා ටිකක් තැව්වා. රාජයියා ට කලන්තෙ හැදුනහම මම රාජයියා ව එහෙම අරගෙන ගිහිල්ලා එතන එහා පැත්තෙ තියෙනවා තේ කඩයක් බඳු අයියාගේ තේ කඩේ. බන්දු අයියගෙ කඩේ බංකුවේ දිගෑරල පවන් ගහලා වතුරත් ගහලා මම එහෙම දිවුවෙ පොලිසියට. මම පොලිසියට යනකොට මගේ පංතියම හිටිය ලක්තිලක කියලා මගේ යාළුවා. එයා රට කජු විකුණා අදත් එයා රටකජු විකුනනවා මාවනැල්ල පොලේ .


මගේ පන්තියේ හිටපු යාළුවා .යාලුවගෙන් ඥාතියා තමයි රාජ අයියා .ලක්තිලක පණිවිඩය ගිහිල්ලා කියලා රාජා අයියගේ නංගිට ආපහු සැරයක් දුවගෙන් එනව පොල පැත්තට. මම කෙලින්ම ගියේ පොලිසියට එතකොට ඕඅයිසී මහත්තයා හිටියේ නෑ. හිටියේ ට්‍රැෆික් එකේ ඕඅයිසී මහත්තය. මගෙන් ඇහුවා මොකද උඹ කියලා. මම කිව්ව මට එක්කෙනෙක් ගැහුව කියල. එතන හිටපු රාලහාමිලා දෙන්නෙක්ට කිව්වා මෙන්න මූට ගහලා තියනවා ගහපු එකාව අරගෙන වරෙන් කියලා .මම පහලට එනකොට රාජ අයියත් මූණට තුවාය තියාගෙන ලේ බේරි බේරි පොලිසියට එනවා. ඕඅයිසී මහත්තය කිව්වා දැන් උඹ කිව්ව උඹට නේද ගැහුවා කියලා .එවෙලෙ මට කතා කරන්න දෙයක් නැති වුණා. ඊළඟට මගේ පැමිණිල්ල වෙනුවට ලියා ගත්තේ රාජ අයියගේ  පැමිණිල්ල .මම බංකුවේ වාඩිවෙලා මහහඬින් අඩනවා. ඊළඟට ඕඅයිසී මහත්තයා ආවා. ඊට පස්සේ එයා මගෙන් ඇහුවා උඹ මොකක්ද කළේ කියලා. මම කිව්වා සර් මට ගැහුව කියල. මගෙන් ඇහුව උඹ ඉස්කෝලෙ යනවද කියලා. තාම මං කිව්වා ඉස්කෝලේ යනවා කියලා. ඒ සැරේ රාජා අයියා ළඟට ඕඅයිසී ගියා .ගිහිල්ලා ඇහුවා මොකද උනේ කියලා රාජයියා පළවෙනි වචනෙත් පිට කරන කොටම ඕඅයිසී මහත්තය කිව්වා උඹ බීලා නේද ඉන්නේ කියලා. පොලිසියේ හිටියේ එක රාලහාමි කෙනෙක් එයාට කිව්වා මුව බලාගන්න කියලා. ඒ රාලහාමි හතරහමාරට of වෙන්න හිටියේ .රාළහාමිට of වෙන්න විදියක් නෑ. පැය දෙකක් රාළහාමි මට ගැහුවා .පැය දෙකක් ගියා ඕඅයිසී මහත්තය ඒන්න .මම වැටිලා අඩනවා.පයින් ගහනවා ,අතින් ගහනවා .ඕඅයිසී මහත්තයා ආවා .ඕඅයිසී මහත්තයා අවම පැමිණිල්ල ලියලා උසාවි දාන්න තීරණය කරලා තිබ්බේ .ඊට පහුවෙනිද මම විත්තිකරු වෙලා. මම තීන්දු කළා මම උසාවි යන්නේ නෑ මම අද රෑ බෙල්ල වැල දාගන්න මම කියලා මම ඒ තීරණේ හිටියා.


පැය බාගෙකට විතර පස්සෙ මගේ අක්කා එතකොට වැඩ කළේ හීගොඩ ඉස්පිරිතාලෙ.

එ හීගොඩ ඉස්පිරිතාලෙ වැඩ කරපු රාජ අයියගෙ අයියා කෙනෙක් හිටියා .ඒ අයියා පොලිසියට ඇවිල්ලා පැමිණිල්ල අස්කර ගත්තා. පැමිණිල්ලක් අස් කර ගත්ත නිසා උසාවි යන්නේ නැතිව මට ගෙදර ඉන්න අවස්ථාව ලැබුණා. මම ගෙදර ඉන්න හදනකොට ඕඅයිසී මහත්තයට කියලා ආවේ හරියටම 1997 ඔක්තෝබර් 23 වෙනිදා මමත් කවද හරි පොලිසියට එනවා කියලා. පොලිසියෙන් බහිනකොට මගේ උවමනාව තිබ්බේ C 3කුයි S 3කුයි අරගෙන හයයි තුනක් අරගෙන SI මහත්තයෙක් වෙන්න. මාස දෙකයි තිබුණේ මම විභාගෙට පාඩම් කළා. මට පුළුවන් වුණා C 3කුයි S  3කුයි ගන්න සාමාන්‍ය පෙළ විභාගයට. සතියට එක දවසයි මං එතකොට ඉස්කෝලේ ගියේ ‍.විද්‍යාව ,ඉංග්‍රීසි සාමාන්‍ය පෙල ෆේල් වුණා .හයයි තුනක් අරගෙන මම නාරන්දෙනියට ගියා උසස් පෙළ විභාග සමත් වෙලා රුහුණු විශ්ව විද්‍යාලයට එන්න අවස්ථාව ලැබුණා. මම විශ්වාස කරනවා මගේ ජීවිතය වෙනස් උනේ ආදලුවේ අයියා දුන්න මට නරක් වුන එළවළු ගොනු තුනයි, මුදලාලි දුන්න නාටාමි වැඩේ කරන්න දුන්න අවස්ථාවයි, රාජයියා ඇගේ හැප්පිලා මට පහර දෙන්න තැත් කිරීමයි කියලා මම විශ්වාස කරනවා.



ජේ පී ඩී මුදලාලි නොහිටින්න අද පාර්ලිමේන්තුවේ මම නෑ. ඒ වගේම තමයි රාජයියා පහර දුන්නේ නැත්නම් අපේ හාමුදුරුවනේ අද මෙතන කතා කරන්නේ වෙන මිනිහෙක්. ඒ වගේම මම 2000 වෙනකොට උසස් පෙළට පෙනී හිටපු ශිෂ්‍යයවක්. උසස් පෙළ අතරතුරත් මට ඕනා නිවේදකයෙක් වෙන්න .මගේ ගමනම තිබුනේ නිවේදකයෙක් වීමේ අරමුණින්. මම අවස්ථා ගණනාවක් හැම මාධ්‍යයකම ගියා. ඒත් මාව ගන්න කවුරුත් හිටියේ නෑ. මට කවදහරි වුවමනාවක් තිබ්බා මම ස්වාධීන රූපවාහිනියට යනවා කියලා. පළවෙනි දවස ගියාම ස්වාධීන රූපවාහිනියට මම හම්බුනා අමාරුවෙන් ගිහිල්ලා නිව්ටන් ගුණරත්න මහත්මයව. මම ඔහුට කිව්වා මට නිවේදක එක්වෙන්න පොඩි අවස්ථාවක් දෙන්න කියලා මම ඇප්ලිකේෂන් එකක් දුන්නහම මට කිව්වා අයිසේ නිවේදකයෝ ඕන තරම් ඉන්නවා මේක ඇතුලේ. තමුසෙට දන්වල එවන්නම් යන්න කිව්වා. හරියටම සතියකට පස්සේ දෙවැනි සතිය මම ආයෙමත් ගියා ස්වාධීන රූපවාහිනියට. මම නිව්ටන් ගුණරත්න මහතයාගේ  කාමරේට ගියාම එයා කිව්වා තමුසෙට මම කිව්වනේ දන්වලා එවන්නම් යන්න කිව්වා .දවස් දෙකයි. පස්වෙනි දවසත් මම ගියා. පස්වෙනි දවස ගුණරත්න මහත්තයට ටිකක් තරහ ගියා. එවෙලෙත් කිව්වා මට දන්වල එවන්නං කියලා .හත්වෙනි දවස ගිහිල්ලා කවදාවත් මම වාඩි වෙන්නේ නෑ සභාපතිතුමාගේ කාමරේට ගිහිල්ලා තප්පර දෙකයි කාලය මම එදා ගිහිල්ලා සභාපතිතුමාගේ මේස් ඉස්සරහින් වාඩි උනාම සභාපතිතුමා ඉක්මනට නැගිට්ටා පුටුවෙන්. නැගිටලා කිව්වත් තමුසෙ හරි වදකාරයෙක් කියලා ඉවරවෙලා එවෙලෙ කතා කරා ලලිත් සමරවීර කියලා මහත්මයෙක්ට .ටෙලිෆෝන් එකෙන් කතා කළ කිව්වා මෙන්න මේ දරුවාගේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් ගන්න කිව්වා. මම දන්නේ නෑ ස්ක්‍රීන් ටෙස්ට් කියන්න මොකක්ද කියලවත්. එතකොට ප්‍රවෘත්ති මැදිරියට ගිහිල්ලා මට මුලින්ම දුන්නා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන script වගයක්.  මට මේවා බලාගන්න කිව්වා .බලාගෙන කියන්න කිව්වා.  මම කිව්වා කියලා ඉවර වෙලා සභාපතිතුමාගේ කාර්යාලයට ආවම ඒ කාලේ තිබ්බේ බීටා ලොකු කැසට් එකක් තිබ්බා. ඒ කැසට් එක අරගෙන ඉවර වෙලා මට කිව්ව දන්වලා එවන්නම් කියලා ඉවරවෙලා සභාපතිතුමාට  බයයි මම තව දවසක් ඒ කියලා. ඊට පස්සේ මට කිව්වා ඔහොම ඉන්න කිව්වා. කියල ඉවරවෙලා එවෙලෙම කැසට් එක දාල ඉවර වෙලා සභාපතිතුමා නිව්ටන් ගුණරත්න මහත්මයා බලාගෙන ඉන්නවා ටීවී ඒක දිහා .ප්‍රවෘත්ති යන අතරේ නිව්ටන් ගුණරත්න මහත්මයා කිව්වා තමුසෙගේ වොයිස් එක හොඳයි කිව්වා .  හැබැයි තමුසෙගේ රූපය ගැලපෙන්නෙ නෑ කිව්වා ටීවී එකට.



එකට තියෙන්න ඕනි කිව්ව හොඳ පර්සනැලිටි එකක් තියෙන  රූපයක් ඔන කිව්වා. හැබැයි මට ලක්හඬ අශෝක මහත්මයාට කතා කරලා කිව්වා අශෝක ළමයෙක් ඉන්නවා මෙන්න මේ ළමයා බලන්න කිව්වා.  හත් සැරයක් අයිටීඑන් එකට යනකොට මට උදව් කරපු මිනිහෙක් හිටියා. ඒ සභාපතිතුමා කමර තුළ වැඩ කරපු නාලක කියන ඒ කාලෙ හිටිය කාර්යාල කාර්ය සහෝදරයා. කවදාවත් සභාපතිතුමාගේ කාර්යාලයට  යන්න වෙන්නෙ නෑ නාලක නොහිටියා නම් .නාලක මාව අදුරන්නෙත් නෑ. බොරු කිය කියා මාව හත් වෙනි වතාවටත් නිව්ටන් ගුණරත්න සභාපතිවරයාගේ කාර්යාලයටම යැව්වා. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ නිවේදකයෙක් වෙන්න මට ඉඩ හදලා දුන්නේ මම විශ්වාස කරනවා නාලක කියලා. ස්වාධීන රූපවාහිනිය වර්තමාන සභාපතිවරයාගේ කාර්යාල සහයකවරයා වන නාලක සහෝදරයට මමත් ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඔබ නොහිටින්න මම පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නෑ.


ඡීවිතය වෙනස් කරපු මිනිස්සු අතරේ ඔහුට ඇවිදින්න බෑ අපේ හාමුදුරුවනේ. 1988 අවුරුද්ද වෙනකොට මට අපේ ගෙදර අවුරුදු 2කට අඩු නංගි කෙනෙකුත් හිටියා. මගේ ලොකු අක්කට මාසෙකටත් වඩා අඩු දුවෙකුත් හිටියා .මට පොලේ යන්න පළවෙනි හුරුකිරීම කළේ සෝනි අයියා .සෝනි අයියා මට මුලින්ම දුන්නේ ෂොපින් බෑග් 20 ක් මාළු මාකට් එකේ විකුණන්න .ශොපින් බෑක් 20, 25 විකුණුවාම සෝනි අයියා මට හැමදාම දුන්නා රුපියල් දෙකක් තුනක් මට දෙනවා. සමහර දවසට මම සත පනහකට පුවක් කඩනවා මේ කාලේ .එක ගහකට සත පනහයි හම්බ උනේ .මේ සල්ලිත් දාලා මම සමහර දවසට ගෙදරට රෑට කන්න හාල් කිලෝ එක අරන් එන්නේ මේ සල්ලි වලින්. මම මගේ ඊළඟ පොත ප්‍රදානය කරන්නේ මම ආදරේ කරන කකුල් දෙකේ පණ නැති උනත් ඇවිදින්න මහා ලොකු හිතක් තිබුනේ සෝනි අයියාටයි.




අපේ අම්මා තරම් දූන් විදපු ගැනියෙක් මගේ ජීවිතයේ කවදාවත් මං දැකලත් නෑ, අහලා නෑ. අපේ අම්මගෙ ලගින්ම හිටුපු මම හිටිය කෙනෙක්.අම්මගෙ හැම හැගීමක්ම වින්ද කෙනෙක්.අම්මා අඩද්දිම අඩපු කෙනෙක්. අම්මා හිනාවෙනකොට හිනා වෙච්ච කෙනෙක්. මං මගේ මිලග පොත් දෙක මගේ අම්මටයි තාත්තටයි ප්‍රදානය කරනවා. ඒ වගේම සංකේතයක් විදිහට සරෝජනී මිස්ට 1997 දී මම හමුදාවට යන්න තීරණය කරලා හිටියේ සාමාන්‍යපෙල පන්තියේදී  ඉද්දී. හමුදාවට යන්න ඉන්නකොට මගේ සහතික ටික ඉරලා විසි කරලා මට සරෝජනී මිස් බැනලා කිව්වා උඹ වගේ ඇචෝ නෙමෙයි හමුදා ඉන්නේ. ලොකු ඇඟපත තියෙන ඒවුන්. උඹ සාමාන්‍ය පෙළ විභාගය කරපන් කිව්වා. සරෝජනී මිස්ටත් මම ඒ කාලෙ කිව්වෙ ආම්මෙ කියලයි. මම විශ්වාස කරනවා මට හම්බවුන ගුරුවරු අතරේ සරෝජනි මිස් වගේම තව ගොඩ  දෙනෙක් ඉන්නවා. මම එතුමියටත් මගේ පොත ප්‍රදානය කරනවා. මගේ ගමන සාමාන්‍ය පෙළ ගමන සමහර වෙලාවට කමල බන්දුටයි මටයි කමල බන්දු වෙන විදිහකට උප්පැන්න හදලා දුන්නා. කමල බන්දු ගෙයි මගෙයි හමුදා ජීවිතය අවසන් කළේ ඔබතුමිය. ඔබතුමිය නොහිටින්න සමහර වෙලාවට මගේ ජීවිතේ වෙනස් වෙලා. ඔබතුමිය මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක්. මේ පොත් ඇතුලෙ තියෙන්නෙ මගේ පාර්ලිමේන්තු ඇතුලෙ කතා කළ කතා කිහිපයක සටහන් ටික. ඔබ සියලු දෙනාට මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා. නව පාර්ලිමේන්තුවට යන්න තව බොහෝ පිරිසක් මට උදව් කරන්න ඇති .ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.