යෝජිත නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට දැඩි විරෝධයක් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 38 දෙනා එංගලන්ත තරග සංචාරය සඳහා පිටත්ව ගියේ තරග කොන්ත්‍රාත්තුවක් අත්සන් නොකර බවත්, ඔවුන් අත්සන් කළේ ප්‍රකාශ පත්රයකට (Declaration Form) පමණක් බවත් එම ක්‍රීඩකයන් වෙනුවෙන් මෙම ගැටලුව සාකච්ඡාවට කිර්මට පත් කළ නීතිඥ නිෂාන් ප්‍රේමතිරත්න මහතා පවසයි. හෙතෙම අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට සහ එංගලන්ත සංචාරයෙන් අනතුරුව යෝජිත නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අදාළව විනිවිදභාවය තහවුරු කිරීමට ක්‍රිකට් බලධාරීන් එකඟ වීම මත මෙම ප්‍රකාශ පත්‍රයට ක්‍රීඩකයන් අත්සන් කළ බවයි. මෙහිදී ක්‍රීඩකයන්ව ඇගයීමට ලක්කළ ආකාරය සහ ඔවුනට ලකුණු ලබාදුන් ක්‍රමවේදය ක්‍රීඩකයන්ට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබාදීමට ක්‍රිකට් බලධාරීන් එකඟ වූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙන්වා (09දා) එංගලන්තය බලා පිටත්ව ගියේය. ඒ, විස්සයි20 තරග 03ක් සහ එක්දින තරග 03ක් ක්‍රීඩා කිර්මටය. එම තරග මෙම මස 23දා සිට ජූලි මස 04දා දක්වා පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම් තවමත් පවතිනුයේ නොවිසඳුණු ආරවුලක් ලෙසයි. ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රධාන වශයෙන් ඉල්ලා තිබුණේ යෝජිත නව කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයන් විවිධ ගෙවීම් කාණ්ඩවලට ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසයි. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට පොරොන්දු වී ඇත්තේ එම ක්‍රීඩකයන් ඇගයීමේ ලකුණු, ක්‍රීඩකයින් එංගලන්තයෙන් ආපසු පැමිණි වහාම ලබා දෙන බවයි.
ක්‍රීඩක කොන්ත්‍රාත් ලබාදීමේදී මෙවර කාර්ය සාධනය සහ යෝග්‍යතාව ප්‍රධාන නිර්ණායක ලෙස සලකා ඇති අතර,මෙම කාණ්ඩ දෙක එක් එක් ක්‍රීඩකයාගේ සමස්ත ලකුණුවලින් 70%කින් සමන්විත වේ. ඒ 50%ක් කාර්ය සාධනය සඳහා සහ 20%ක් යෝග්‍යතාව සඳහා යනාදී වශයෙනි. ඉතින් 30% 10% බැගින් නායකත්වය, වෘත්තීයභාවය සහ අනාගත විභවය අනුවර්තනය වීමේ හැකියාවට ලබාදී තිබුණි.
(පැතුම් ශ්‍රී විජේරත්න)
0 Comments