නවසීලන්තයේ වෙසෙන වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා Pfizer-BioNTech එන්නත අනුමත කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇතැයි පවසයි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඊයේ (21දා) මේ පිළිබදව අනාවරණය සිදු කර තිබේ.
මෙහිදී ආසන්නතම විද්‍යාත්මක සහ වෙද්‍ය විද්‍යාත්මක දත්ත වෙත අවධානය යොමු කරමින් ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකරලද ඇගයීමකට අනුව මෙලෙස තරුණ ප්‍රජාව වෙනුවෙන් Pfizer-BioNTech එන්නත ලබාදීමට තීරණය කළ බව අගමැතිවරයා පවසා තිබේ. නවසීලන්ත දත්ත අනුව අද වනවිට වයස අවුරුදු 12ත් 15ත් අතර පසුවන දරුවන් 265,000කට ආසන්න පිරිසක් එරට සිටින බව පැවසෙයි. එසේම මේ දක්වා නවසීලන්තය තුළ Pfizer-BioNTech එන්නත් මාත්‍රා මිලියන 1ක් ජනතාවට ලබාදී ඇති අතර, එරට සමස්ත ජනගහනය මිලියන 5ක් වන බව පැවසෙයි.
0 Comments