අන්තර්ජාලයෙන් වේලාව වෙන්කරවාගෙන පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී ගණිකා නිවාස දෙකක් වටලන ලද බව පොලිස් ආරංචි සඳහන් කර තිබේ.
මෙම ස්ථාන වලින් සැකකාරියන් හතරක් හා සැකකරුවන් දෙදෙනකු 27දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. සැකකරුවන් දෙන්නා ස්ථාන දෙකේ කළමනාකරුවන්ය. සැකකකාරියන් මුදලට අලෙවි වූ අයයි. ඔවුන් අගුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය, කැලණිය, හලාවත යන ප්‍රදේශයන්හි පදිංචි වයස 23-30 අතර පසුවන අයයි.
වෙබ් අඩවියක් ඔස්සේ චැනලින් ආකාරයට රුපියල් 1,500 -2000 මිල ගණන් වලට වේලාවන් වෙන් කරගැනීමේ ක්‍රමයට මෙය පවත්වාගෙන ගොස් ඇත.
නිරෝධායන කාල සීමාවේදී සම්බාහන මධ්‍යස්ථාන වලට වසා දැමීමට දන්වා තිබියදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර ඉදිරිපස දොර ජනේල වසා තිබියදී ගැණුම් කරුවන්ට පමණක් දොරවල් විවෘතකරගෙන සේවාවන් ලබාදී ඇති බවද හෙළිව ඇත.
සැකකරුවන් හා සැකකාරියන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments