online-delevery-issues

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වර්ධනය වී ඇතැයි වාර්තා කර තිබේ.අධිකාරිය සඳහන් කරන්නේ මේ දිනවල ලැබෙන දෛනික පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවන බවයි.
වැඩිම පැමිණිලි සංඛ්‍යාව අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සහ ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බව දන්වා තිබේ.


 අයථා ලෙස ඩිලිවරි ගාස්තු අය කිරිම වැළැක්වීමට හා මිල නියාමනයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද අධිකාරිය දන්වයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 1977 කෙටි දුරකථන අංකයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.