පාකිස්තානයේ සින්ද් පළාතේ COVID-19 එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට එහි ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව ලබන මාසයේ සිට එම පිරිස් වෙත සිය වැටුප් හිමි නොවන බව නිවේදනය කර තිබේ.
තමන් සිය පළාතේ. සෞඛ්‍ය නිලධාරීන් හමුවී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. විශේෂයෙන්ම රජයේ සේවකයන් තුළ මෙම එන්නත්කරණය සදහා, උනන්දුවක් ඇති කිරීම මෙම තීරණයේ අදහස වී තිබේ.
"මේ තීරණය යටතේ එක්නත් ලබාගෙන. නොමැති ඕනෑම රජයේ සේවකයෙකුන්ගේ ජූලි මාසයේ වැටුප ලබාදීම අපි නවත්වනවා. දැනටමත් මේ පිළිබද නියෝගය මුදල් අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා." යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබේ.
මෙම එන්නත් හරහා ඇති වන අතුරු ආබාධ සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින සැකය මෙලෙස එන්නත්කරණය සඳහා යොමුවීමේ උනන්දුව අඩුවීමට හේතුව වී ඇතැයි පැවසෙයි.
0 Comments