panadura-cctv-jeep-death

නෑදෑයෙකුගේ නිවසට යමින් සිටි බව කියමින් සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ජීප් රථයෙන් පැනීම හේතුවෙන් මිය යාමේ සිද්ධියක් මීට දින දෙකකට පෙර පානදුරින් වාර්තා විය. 


පානදුර උතුර වත්තපොල ප්‍රදේශයේදී සංචරණ නීති උල්ලංඝනය කළ බව කියන මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා රැගෙන යද්දී පොලිස් ජිප්රථයෙන් පැන දිවයාමට උත්සාහ කළ බවත් ඒ අවස්ථාවේ තුවාල හේතුවෙන්  මියගිය බවත් පැවසුණි. නමුත් පුද්ගලයා මියගියේ එසේ නොව පොලිස් පහර දීමකින් බව ඔහුගේ බිරිය චෝදනා කර තිබුණි.

ඒ අනුව
සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර සිද්ධියට අදාළ දර්ශන සීසීටීවී දර්ශනද සමග පරීක්ෂණයක් සිදු කරන ලදි.
කෙසේ වෙතත් අද (10) උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේ මෙම මරණය සිදුව ඇත්තේ අදාළ පුද්ගලයා මත්කුඩු ලබාගෙන සිටියදී ඇතිවූ අසාමාන්‍ය හැසිරීමක් නිසා බවට වෛද්‍ය සාක්ෂි මගින් තහවුරුවී ඇති බවයි.
නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පානදුර උතුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් 42 හැවිරිදි  මෙම පුද්ගලයා පොලිස් ජීප් රථයෙන් රැගෙන යමින් සිටියදී ජිප් රථයෙන් පැන තිබුනේ පානදුර වත්තෙපොළ කෙසෙල්වත්ත ප්‍රදේශයේදීය. තුවාල ලැබු සැකකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර සිටියදී පොලිසිය මගින් ඇප මත නිදහස් කර තිබූ නමුත් ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා  මිය ගියේය. ඔහුගේ මරණය ඝාතනයක් යයි බිරියගේ චෝදනා ලැබුණ නිසා පරීක්ෂණයක් පැවැත්වීම පිණිස සිද්ධිය වන අවස්ථාවේ ජීප් රථයේ ගමන් කළ උප පොලිස් පරික්‍ෂකවරයාගේ හා පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර පරීක්ෂණ සිදු කෙරිණි..
සැකකරු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක සහ පොලිස් සැරයන්වරයාගේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවය තාවකාලිකව අත් හිටුවා තිබූ බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුණි.


සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුවූ අතර එහිදී අනාවරණය කළ පරිදි මරණය වැටීමකින් සිදුව ඇති බවත් පහරදීමක් සිදුව නැති බවත්ය. තුවාල ලද අවස්ථාවේ සිදු කළ මුත්‍රා සාම්පල අනුව ඔහු ජීප් රථයෙන් පනින අවස්ථාවේ මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව හෙළිව ඇත. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ සිදුවිය.

මියගිය පුද්ගලයා ජීප්රියෙන් පැන්න අවස්ථාවේ සීසීටීවී දර්ශන පහතින්