අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැයකට ආසන්න කාලයක් කෑකෝගැසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තෙල්මිල ඉහළ දැමීමට හා තවත් කාරණා වලට විරෝධය දැක්වීමේ විරෝධතා පවත්වන ලදි.
මෙම අවස්ථාවේ රැස්වීම කල්තැබීමට හෝ විපක්ෂයට අවවාද කරන්නට නොගිය කතානායකවරයා රැස්වීම දිගටම කරගෙන ගියේය. විපක්ෂයේ, තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ,රෝහිණී කවිරත්න ආදී කිහිප දෙනෙකුට කතා පැවැත්වීම සඳහා වේලාවන් වෙන්කර තිබූ නිසා ඔවුන්ගේ නම් අඩගැසූවද ඔවුන් විරෝධතා සටන් පාඨ ඔසවාගෙන කෑ ගැසූ නිසා එම නම් අඩගැසූ අය කතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ අය ලෙස සලකන ලද කතානායකවරයා ඊළඟට තිබුණ සෞඛ්‍ය ඇමතිනියගේ කතාවට ඉඩ දුන්නේය. ඇය හෙඩ්ෆොන් දමාගෙන කොළයක් බලාගෙන සිය කතාව කරන ලද්දේ විපක්ෂයේ විශාල කෑගැසීම් නෑසුණ ගාණටය.
පවිත්‍රා ඇමතිතුමියගේ කතාවෙන් පසු සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ කතාව මැදක් වනතුරුම කෑකෝගැසීම තිබුණ අතර එය ඉන් පසු අවසන් විය.
විපක්ෂයේ විරෝධතා පාර්ලිමේන්තු රූපවාහිනී වීඩියෝවේ කැමරාවට හසුනොවන සේ සජීවී විකාශය පවත්වායාමට කැමරා කණ්ඩායම කටයුතු කරන ලදි.
0 Comments