
කොවිඩ්-19 වැළඳීමෙන් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ එකම පවුලක තිදෙනකු මියයාමේ සිද්ධියේදී සෞඛ්‍ය හෝ වෙන කිසියම් හෝ අගයකින් කිසියම් හෝ අතපසුවිමක් සිදුවූවා දැයි සොයා බලන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මෙය අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක් යැයි ද ඔහු සඳහන් කළේය.
මෙවැනි තත්වයක් වැළැක්වීමට ගත හැකිව තිබූ පියවර රජය හැටියට හෝ සෞඛ්‍ය අංශ හැටියට හෝ පවුලක් හැටියට හෝ ගැනීමේ අපහසුවක් හෝ නොහැකියාවක් ඇතිවී තිබුණා දැයි යන්න ද එසේ නැතිනම් නොසැලකිල්ල නිසා මෙම සිද්ධිය සිදු වූවාදැයි යන්න ගැන ද සොයා බලන බවත් එසේ සොයා බලා ඉදිරියේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් හේරත් මහතා ප්‍රකාශ කළේය.
මුරුතලාවේ එම සිද්ධියෙන් එකම පවුලක අවුරුදු 72 වයසැති පියා, 70 වයසැති මව හා 38 හැවිරිදි පුතා මියගියහ.පියා පසුගිය තුන්වැනිදාත්, මව පසුගිය 14 වැනිදාත්, පුතා පසුගිය 23 වැනිදාත් මෙසේ ජීවිතක්ෂයට පත්වූහ. පුතාගේ බිරිඳට හා දරුවන්ට ද කොවිඩ් ආසාදනය වී ඇතත් ඔවුන් මේ වනවිට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අතර, ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ගැන නොසලකා හිටියොත් දරුණු තත්වයක් ඇතිවිය හැකි යැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
(සුජීත් හේවාජුලිගේ)
- පෙර වාර්තාව
පේරාදෙණිය එකම පවුලේ තිදෙනෙක් සති 3 ක් තුළ කොරෝනාවට බිලි https://www.gossiplankanews.com/2021/06/peradeniya-dhammina-covid19.html
Comments
Post a Comment
Your comment will be visible after approval