
මහජන සෞඛ්‍ය පරීක්ෂක කපිල වික්‍රමනායක මහතා පවසා ඇති පරිදි සිරිපාල මහතා පසුගිය ජුනි 03 වනදාත්,
බිරිඳි ශීලා පසුගිය 14 වනදාත් පුතු ධම්මික පසුගිය 23 වනදාත් කොරෝනාව උත්සන්නවී මියගොස් තිබේ.
මියගිය 38 හැවිරිදි ධම්මික රාජපක්ෂ විවාහවී සිටි අතර බිරිය හා දරුවන් රෝගයෙන් බේරිණි.
මියගිය ධම්මිකගේ මිතුරන් ඔහුව සමාජ මාධ්‍ය තුළ හඳුන්වාදී ඇත්තේ පැණිදෙණිය මීවතුර ආරුක්කු පාලම යට පරණ කාර් අලුත් කරන ‘Classic කාර් දොස්තර මහත්තයා‘ යනුවෙනි.
රෝගය මුලින්ම පියාට වැළඳුණ බවත් පසුව පුතා ධම්මිකට වැළඳුණ බවත් පැවසෙන අතර ධම්මික රෝගයෙන් පීඩා විඳිමින් දැඩි සත්කාර ඒකකයේ සිටියදී මවටද රෝගය වැළඳී ඇය මෙලොව හැරයද්දී ධම්මික ඒ බවක් දැනගෙන සිටියේද නැති බව පැවසේ.
අවසන් වරට මියගිය ධම්මිකගේ අවසන් කටයුතු පෙරේදා (24 වනදා) මහයියාව ආදාහනාගාරයේදී සිදුකෙරිණි.



Comments
Post a Comment
Your comment will be visible after approval