piyumi-hansamali-speaks-facebook-live

අද දින (2) ඇප මත මුදාහරින ලද පියුමි හංසමාලි ඇතුළු පිරිස පස්සර බන්ඩාරවෙල වෙත නිරෝධායනය සඳහා රැගෙන යද්දී සියල්ලන්ට බැණවදිමින් පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායම ෆේස් බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කර ඇත.
එහිදී පියුමි පවසන්නේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගෙන තමන් ඇතුළු පිරිසට නිවේදක චමුදිත සමරවික්‍රම අසත්‍ය චෝදනා එල්ල කළ බවයි. එම අවස්ථාවේ අජිත් රෝහණ මහතා අසරණ වූ බවත් තමා අජිත් රෝහණ මහතාට මෙන්ම ගරු අධිකරණයට කිසිවක් නොකියන නමුත් චමුදිත සිදු කළ චෝදනා භාර නොගන්නා බවයි.
සාදයට 40-50 ක් ආවේ නැති බවත් මේ ඉන්නා 15 දෙනා පමණක් බවත් ඇය කියන අතර පාටියේ කේක් එක කපන්නත් පෙර ඉතා ටික වේලාවකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් විශාල සිද්ධියක් සිදුවූයේ නැති බවත්ය.


තමා පැයකින් ඇප ලබාගැනීම ගැනද චමුදිතට විශාල ප්‍රශ්නයක් තිබූ බවත් එවැන්නක් ඇසුයේ ඇයිද යන්න ගැටලුවක් බවත් ඇය කියා සිටියාය.
එසේම හිරුටීවි නත්තල් පාටියෙන් 150 ක් කොරෝනා පොසිටිව් වූ බවත් ඒ අය සියල්ලන් නිවෙස් වල නිරෝධායනය කරවූ බවත් මේ ආකාරයට රැගෙන යාමට තබා ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු නොකළ බව ඇය කියයි.
මෙම අවස්ථාවට එක්වූ අනෙක් අය පවසන්නේ ඔවුන්ට කට උත්තරයක් ලබාගැනීමට කියා ඊයේ නිවසින් ගෙන්නා ගත් පසුව මේ දක්වා රඳවාගෙන සිට අද දින සවස ඇප ලබාදී කිසිදු ඇදුමක් හෝ අතේ කිසිවක් නැතිව නිරෝධායනය සඳහා පස්සරට පිටත් කළ බවයි. අවසන් වරට උදේ කෑම පමණක් ලබාගෙන ඇති බවද ඇතැමුන් දන්වා සිටින ලදි.

තමන්ගේ දරුවන් ගැන බැලීමට හෝ අවස්ථාව නොදුන් බව මවකවූ දිවුලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී භාගේස්වරී මධුෂිකා චෝදනා කළාය.ඇගේ සැමියාද බස් රථයේ නිරෝධායනයට රැගෙන යමින් තිබිණි.
අධිකරණය නියෝග කළ පරිදි පීඑච්අයි මහතෙකු හරහා තමන්ව මේ ආකාරයට රැගෙන යන්නේ නැති බවත් පොලිසියේදී පීඑච්අයි මහතා කාමරයක රඳවා සිටි බවත් තමන්ට කිසිදු උපදෙසක් හෝ තම ඉල්ලීමක් බැලීමට ඔහු තම පිරිස වෙත ආවේ නැති බවත් චෝදනාවකි.


සිද්ධියට අදාළ පෙර විස්තරය

 ෂැංග්‍රිලා හෝටල් සාද කණ්ඩායම නිරෝධායනයට පස්සරට - හෝටලයක් ඉල්ලුවත් දීලා නෑ