pregnent women vaccine sri lanka

දිවයිනපුරා සිටින ගර්භණී මවු වරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.
 




දිවයින පුරා මේ වන විට ගර්භණී මවුවරුන් 275,000සක් පමණ සිටින බවට වාර්තා වන බව ප්‍රදීප් ද සිල්වා මහතා කියයි.

ඒ අනුව අවදානම් සහිත මවුවරුන්ට නිර්ණායක කීපයක් යටතේ කොරා්නා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රදිප් ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය.