පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ පළකළ අදහස් දැක්වීමක්මේ සමග පළවේ.
මේක කවදාවත් මුදලින් මනින්න බෑ වෙලා තියන විනාසේ .අති දැවැන්ත විනාශයක් මේක. පරිසරය විනාශ වුණා, මත්ස්‍ය සම්පත විනාශ වුණා, කොරල් පර විනාස උනා, වෙරළ විනාශ වුණා ,ලංකාවේ ධීවර ජනතාව විනාශ වුණා ,ධීවර කර්මාන්තයෙන් යැපෙන මිනිස්සු විනාස උනා ,ලුණු කර්මාන්තය විනාස වෙන්න නියමිතයි. මිනිස්සුන්ට මාළු කන එක අර්බුදයට යන්න නියමිතයි. මේ සියල්ල විනාශ වෙලා තියෙන්නෙ. එතකොට අඩුම ගානේ දකුණු වෙරළ තීරයේ සහ බස්නාහිර වෙරළ තීරය ධීවරයන්ට අවම වශයෙන් වසරක් යනකල් වත් ජිවත් වීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගෙවන්න ඕනේ. රුපියල් පන්දහක් එවනවා කියලා හරියන්නේ නැහැ.
අගමැතිවරයා කියලා තියෙනවා රුපියල් පන්දාහක් ගෙවනවා කියලා. පන්දහක් කොහොමත් කොරෝනා නිසා ගෙවනවා කිව්වා. එහෙම නෙමෙයි දැන් වසරක කාලයක් සඳහාවත් ධීවරයන්ට ධීවර පවුල් වලට ධීවර කර්මාන්තයෙන් යැපෙන අනිත් අයට ජීවත් වීම සඳහා උදව් කරන්න ඕනේ. ඒ වගේම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අද නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පවා කියලා තියෙනවා සමහරවිට වන්දි ගන්න බැරි වෙයි .සමහරවිට අපිට ගෙවන්න වෙයි කියලා .දැන් අන්තිමට වෙන්න ඉඩ තියෙන එක තමයි මේක සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරියට අනුගමනය නොකිරීමයි ,නැව ගෙන්වා ගැනීමේදී කරපු ඉතාම මුද්ග ක්‍රියාවලියන් විසින් ලංකාවේ මුහුදු සීමාවෙන් ඇතුල්ට නැව එනකොට එක ගිනි ගැනීමක් තිබුණෙ නෑ රසායනික කන්දක් විතරයි තිබුණේ. ලංකාවට මේක කළමනාකරණය කරගන්න බැරි වුණු නිසා තමයි ගිනි ගැනීම සිදු වුණේ කියලා අදාළ නැව සමගම ලංකාවේ න්දි ඉල්ලන්න ඉඩ තියෙන තත්ත්වයක් දැන් තියෙන්නේ.
එතකොට ඉතාම ලොකු ප්‍රශ්නයක් මෙතැන් ඇතිවෙලා තිබෙනවා. ඒ විතරක් නෙමේ වන්දී ගැනීමේ ක්‍රියාවලියම ප්‍රශ්නයක් තියෙනවා. අදාල නැව් සමාගමේ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් දාලා තිබුණා විදේශීය ප්‍රකට වෙබ් අඩවියක. ඒකෙ කියලා තියෙනවා වචන දෙකක් නැව් රක්ෂණ වලට අදාල වචන දෙකක් එකක් තමයි constructive total lose. ඒ කියන්නේ මේ නැවේ විනාශ නොවී ඉතිරිවෙලා තිබෙන සියලු බහාලුම් ටික ලංකාවට පවර ගත්තත් ,වෙලා තියෙන හානිය පියවන්න බෑ කියන එක. ඉතිරිව තියන දේපලවල වටිනාකමට වඩා වැඩි සිදුවෙලා තිබෙන හානිය කියන එක තමයි ඒකෙන් කියන්නෙ .එතකොට මේක රක්ෂණය දී බරපතළ ප්‍රශ්නයක් මේකට වන්දි ගන්න පුළුවන්ද කියන එක. අනිත් එක තමයි මේක පාවිච්චි වෙනවා general average කියලා වචනයක් එකේ තේරුම නැව විතරක් අදාල නැව් සමාගම විතරක් මේකෙ වගකීම බාරගන්නේ නෑ, cargo ස්ලා මේ බහලුම් වල හිමිකරු උනුත් එවැනි දෙක හානිය වගකීමක් බාර ගන්න ඕනේ කියන එක තමයි general average.
.එතකොට ලංකාවට මේ තනි නැවුම් සමාගමකට වගේ නඩු පවරලා වන්දි ගන්නවට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයක් මේ නැවට අදාළව තියනවා .ඒ නිසා නැව ලංකාවට ගෙන්නපු එකේ ප්‍රශ්නයක් තියෙනවා. නැව කොළඹ වරායේ නැංගුරම් ලන්න තීරණය කරපු එකේ ප්‍රශ්නයක් තියෙනවා .නැවේ රසායනික කාන්දුව ගින්නක් දක්වා වර්ධනය වෙද්දී ජාත්‍යන්තර උපදෙස් විශේෂඥයින්ගේ උදව් ඉල්ලුවේ නැති ප්‍රශ්නයක් තියෙනවා. නැව ගිනිගත් ගන්න පටන් ගත්තට පස්සේ තෙල් කාන්දුවක් විය හැකියි කියන පූර්ව නිගමනයකට ගිහිල්ලා තෙල් ඉවත් කරන්න සහ හානිය වලක්වන්න අර බංකබුෂ් ගෙන්න ගන්න ඒවට ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා.
ඒවා කළේ නෑ. ඊට පස්සේ දැන් නැවෙන් වන්දි ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන මූලික ලංකාව ඇතුලේ ජාත්‍යන්තර නීතිතිත් කලයුතු නීතිමය ක්‍රියාමාර්ග ටිකත් අරගෙන නෑ. ඒ නිසා වන්දි හම්බ වෙනවා වෙනුවට ලංකාවට නැව් සමාගමට සල්ලි දෙන්න වෙන තත්ත්වයක් තමයි දැන් උද්ගත වෙලා තියෙන්නෙ .මේක පොදුවේ රටට හානියක් උනාට මේකෙනුත් හම්බකරගන්න පිරිසක් ඉන්නවා. මේකෙන් කොමිස් ගන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ඉතාම මුද්ග තීරණ සඳහා උපදෙස් දෙමින් ඉන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමා බලයට පත්වෙද්දී කිව්වේ ජාතික ආරක්ෂාව ගැන කිව්වා .
දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකටද ?දැන් සාගරය සම්පූර්ණයෙන් විනාශ වෙමින් යනවා. දැන් තාප්ප වල පරිසරය ගැන චිත්‍ර ඇන්දනෙ ඒ ඒ දවස් වල. දැන් සාගරේ සම්පූර්ණ විනාශ වෙමින් යනවා, වෙරළ විනාශ වෙමින් යනවා. විස පොල්තෙල් ගෙන ඒක ඉඳලා, දැන් ලුණු වල විස අඩංගු වෙන්න ඉඩ තියෙනවා .මාළු වල විස අඩංගු වෙන්න ඉඩ තියෙනවා කියන එක ඉඳලා ජනතාවට සෞඛ්‍යය අර්බුදයට යමින් තිබෙනවා.
ධීවර ජනතාවගේ ආර්ථිකය අර්බුදයට යමින් තිබෙනවා. ඒත් අතර මේ කොළඹ තිබෙන වටිනා ඉඩම් ටික අරන සෙලෙන්ජීවා කියන සමාගමක් හදාගෙන ඒකෙන් ඉඩම් ටික මංකොල්ලකාලා ඒවා විදේශික සමාගම් වලට විකුණන්න යනවා ලංකාවේ සම්පත් ටික අහිමි වෙමින් යනවා .කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න මැයි තුන්වෙනිදා හොර රහසේ ගිවිසුමක් අත්සන් කරල තියනවා. ඒකෙ අදානි සමාගමට 51% කොටස්. 34% කොටස් කීල්ස් සමාගමට. 15%යි තියෙන්නෙ වරාය අධිකාරියට. ඊට පස්සේ දැන් ේ වරාය නගර කොමිසන් පනත යටතේ වරාය නගරයේ මුළු භූමියේ සැලකිය යුතු විශාල ප්‍රමාණයක් අවුරුදු අනූ නවයකට චීනෙට පවරලා දින තියනවා .
එතකොට මේ සම්පත් සියල්ලත් විකුනනවා එතකොට ජාතිය කිව්වේ මොකේටද ?මිනිස්සුත් නෙමෙයි නම්, පරිසරේ නෙමෙයි නම් ,භූමියක් නෙමේ නම් ,ඉඩමුත් නෙමේ නම්, මේකෙ තියෙන සම්පතුත් නෙමෙයි නම් ,වරාය වලුත් නෙමෙයි නම් ,මුකුත් නෙමෙයි නම් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව කියලා කිව්වෙ කොයි ජාතික ආරක්ෂාවකටද. දැන් හෝ මේ නැවෙන් සිද්ධ වෙන හානිය වැලැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතුයි.
අද හවස් වෙද්දි වෙන්න තියෙන විනාශය ඉවර වෙලා තියෙයි .ඇත්තටම මේකෙන් තෙල් කාන්දුවක් සිද්ද උනොත් එහෙම ඉතා දීර්ඝ කාලයක් යනකන් සාගරය, වෙරළ තීරය සහ දී ජනතාව රපතළ ව්‍යසනයකට මුහුණ පානවා .ඒක ලොකු ප්‍රශ්නයක් විදියට තියෙනවා .ඒක සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුයි කියලා හිතනවා. අපි ඉල්ලනවා මේක අහගෙන ඉන්න හැම දෙනාගෙන්ම තමන්ට පුළුවන් විදිහට මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පියවරක් ගන්න. ඊයේ රාත්‍රියේ නැව ඇදගෙන ගිහිල්ල තියෙන වන්දියක් මොකක් හරි තියන අවස්ථාවන් අහිමි කරගන්න ගිය වෙලාවේ එකට අදාලව ආණ්ඩුව පාර්ශවකරුවෝ විපක්ෂයේ අය මේ සියලු දෙනා ලොකු මැදිහත් වීමක් කළා ඊයේ රාත්‍රියේ .විශේෂඥයෝ ඉංජිනේරුවෝ ඔක්කොමල්ලා මැදිහත්වීමක් කළා. ඒ මැදිහත්වීම විසින් තමයි මේ මට්ටමෙන් හරි මේක බේරුනේ. නමුත් තෙල් ඉවත් කිරීම වගේ එකක්වත් කරගන්න බැරි වුණා .ඒ නිසා ඒ සඳහා මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලනවා.
0 Comments