දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් දැක්වීමක් පහත පළවේ.
මොනව කරන්නද ඔය ෆයිසර් ගෙන්නන එක.. හැත්තට දාහක් ගෙනල්ලා කාට ගහන්නද..දැන් බලන්න භූතානය කරේ කොහොමද සති දෙකෙන් ෆයිසර් ගහලා ඉවර කරානේ. ඒ මොකද ඒ රටේ අග්‍රාමාත්‍යවරයා කවුද වෛද්‍යවරයෙක්. ඊශ්‍රාලයේ ගහලා හොඳටම ගැහුවෙ හොඳටම කළේ කොහෙද ඊශ්‍රායලය. මොකද අග්‍රාමාත්‍යවරයා කවුද හාර්වඩ් විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක්. එතකොට ජර්මන් චාන්සලර් මොකක්ද කිව්වේ මර්කල් මහත්මිය කිව්වේ මම මගේ රට දැන් කෝවිඩ් පාලනය කිරීම මම වෛද්‍ය විශේෂඥයින්ට සහ වෛද්‍ය විද්‍යාඥයින්ට භාර දීල තියෙනවා. මම මමත් මගේ කැබිනට් මණ්ඩලයත් වෛද්‍ය විද්‍යාව දන්නෙ නැහැ, සෞඛ්‍ය දන්නේ නැහැ .ඒ නිසා ඒ කට්ටිය රට පාලනය කරන්න දීලා අපි බලාගෙන ඉන්නවා ,අපි උදව් කරනවා. දැන් ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යතුමා කිව්වේ මොකක්ද ඒත් ඒකමයි. එයා කිව්වේ මම විශේෂඥවරුන්ට භාර දීල තියනවා මේක මර්දනය කරන්නට. ඒගොල්ලො එක කරයි අපි එක පිළිබඳ අවබෝධයක් නැති හින්ද ඒගොල්ලොන්ට දෙනවා. අපේ දීලා තියෙනනේ කාටද ?හමුදාපතිලාට. හමුදාවට.
ඔබතුමා එසේ කිව්වට ජනාධිපතිතුමාට වෛද්‍යවරුන් වැරදි වාර්තාවක් දෙනවනම් ජනාධිපතිතුමාට තීරණ ගන්න බෑ නේද මේක ගැන?
ඔව් ඉතින් ජනාධිපතිතුමා හිතාගෙන හිටියේ මේගොල්ලෝ තමයි top class මිනිස්සු කියලා ලංකාවේ ඉන්න. ඒ එක්කෙනෙක්වත් මහජන සෞඛ්‍යය කරලා තියෙනවද? virus විශේෂඥයින් හිටියද ඒ තැන? වසංගත රෝග විශේෂඥයන් හිටියද? නෑ.. ඒ කට්ටිය පැත්තක ඉන්නේ. ඒගොල්ලො එතැන ඇත්තේ නෑ. එතන ඉන්නෙ වෘත්තීය සමිතිකාරයොයි පාදෙණිය වගේ කිසි දෙයක් දන්නේ නැති. ඔය මිනිස්සුන්ට කටේ කයිවාරු ගහත හැකි හැබැයි පරිපාලනය කරන්න බෑ. රටක් කරන්න බෑ. අමාත්‍යංශයක් කරන්න බැහැ. ඒවා ගැන හිතන්නත් බෑ. හැබැයි කයිවාරු ගහන්න පුළුවන්. ලස්සන කතා පවත්වන්න පුළුවන් කට්ටිය කියපු දේශප්‍රේමී මිනිස්සුන්ගේ අමාත්‍යංශය පේනවනේ දැන් මොකද තත්වෙ කියලා.. ඒක තමයි තියෙන්නේ. ඒක වෙනම එකක්.
වැරදි තොරතුරු දීමෙන් තව සතියක් දෙකක් විතර ආයෙමත් නැවතත් lockdown වුණා. එතකොට මේ ජනතාවගේ ජන ජීවිතයේ ඉතාමත්ම පහලට ගියා?
මේ වගේ කඩ කඩ lockdown කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පහුගිය දවස්වල ලිපියක් ලියලා කිව්වා මේක හරියට මර්දනය වෙනකම් මේ lockdown එක දිගටම ගෙනියන්න. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ මොකක්ද. මේ ලංකාවේ බිහිවුණු පළමු වෘත්තිය විද්‍යාත්මක සංවිධානය වෛද්‍යවරුන්ගේ.. ඒ වෛද්‍ය සංවිධානය යටතේ තමයි සියලුම වෛද්‍යවරුන්ගේ සංවිධාන තියෙන්නේ.. ඒක වැඩ කරනවා අර colleges කියන ඒ විශාල ගණනාවක් එක්ක එකතු වෙලා වැඩ කරනවා. එතන තමයි ලංකා වෙන්න ඔක්කොම වෛද්‍යවරුන්ගේ හොඳම කට්ටිය ඉන්නෙ. ඒගොල්ලෝ තමයි මේ උපදෙස් දෙන්නේ. හැබැයි ඒව ගන්නවද. නැහැ .ඊට වඩා ඉහළනේ වටකරගෙන ඉන්නේ. ඒගොල්ලො බිස්නස් එතන ඉන්න වෛද්‍යවරු.
ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී පාදෙණිය වෛද්‍යවරයා කිව්වා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා?
ඔව් ඒකනේ මම කිව්වේ ගිය සැරේ එයා කවුද කියලා කිව්වනේ නමම කියල.. අද ඒ ලංකාවම කියනවා හරියටම හරි කියලා. ඒ තරම් ප්‍රතිචාරයක් මට ආවෙ නෑ මොහොකටවත්.. මොකද මේ මිනිස්සු දන්නවද ඔය මිනිස්සුන්ට පාරකට බහින්න හම්බ වෙන්නේ නැහැ අනාගතයේදී.
ජනාධිපතිවරයා උගත් වියතුන් තමයි මේ ආයතන වලට බඳවා ගත්තේ. එහෙම බඳවාගෙන තියෙද්දී ඇයි වෘත්තිය සමිතියක් කැඳවා ගන්නේ මේ සාකච්ඡාවට?
වෘත්තිය සමිතිය කරන්න ඕනේ වෘත්තීය ඉල්ලීම්නේ. ඒගොල්ලො දන්නෙ කොහොමද මේවා ගැන. ඒගොල්ලො තමයි කියවන්නේ. මොකද සමහරු ඉන්නවා ගිරව් වගේ කියවත හැකි. තෙල් බෙහෙත් කාරයෝ ඉන්නේ. ඉතිං ඒ මිනිහා එක කියන හැටියට මිනිස්සු අරගෙනත් යනවා. ඒ වගේ තෙල් බෙහෙත් කාරයෝ ටිකක් මෙතන ඉන්නවා. ඒගොල්ලොන්ගෙ බඩු ටික කරගෙන යනවනේ. කටට ආවහම කියන වචනෙ මොන කුමන්ත්‍රණ ද මොනාද සුදත් සමරවීර කරපු වැරැද්ද? සුදත් සමරවීර කරපු මොන කුමන්ත්‍රණයක්ද අනිත් එක එතන ඒගොල්ලොන්ටම වාර්තා දෙනවා. ඒගොල්ලොන්ට වාර්තා දෙන්න බැඳලා ඉන්න කවුද වෛද්‍ය පරිපාලකයෝ ඉන්නේ කවුද වෘත්තීය සමිති කාරයන්ට ඕන ඕන විදියට සංඛ්‍යාලේඛන දෙන්න. එහෙම කොහෙද අමාත්‍යංශය තියෙනනේ ලංකාවෙ තියා ලෝකෙ කොහෙවත්.
වෘත්තිය සමිතිකාරයෝ ඉල්ලන ඉල්ලන ඒව දෙන්න. ඒක වෘත්තිය සමිතියකට ඇති වැඩක් නෙමෙයිනේ ඒක අමාත්‍යාංශයට ඇති වැඩක්. ඔය අමාත්‍යංශයට ඉඩ හරින්න නිදහසේ මේ වැඩේ කරන්න මීට වඩා හොඳට කරයි. දැන් නම් විනාශ කරල තියෙන්නෙ. එකපාරට හරිගස්සන්න අමාරුයි නමුත් මීට වඩා හොඳට කරයි. තනිකරම නිග්‍රහයක්. සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ මේ විෂය පිළිබඳ හොඳටම විෂයානුබද්ධ අවබෝධයක් තිබෙන වෛද්‍යවරියක්. මොකද ඇය මහජන සෞඛ්‍යය අපේ අමාත්‍යංශය ඉතා හොඳින් ඒ කාර්යභාරය කරපු වෛද්‍යවරියක් ඒ කාලේ. හැමෝම එක පිලිගන්නවා. ඒකනෙ ඒතුමිය ඔය බොහෝ දේවල් වලට වෙනස් මත දරන්නේ. එතකොටනේ අර ජොන්ස්ටන් කියන්නේ එයාට අතතිය කියලා. එයාට නෙමේ ආතතිය තියෙන්නෙ ඔය කියන එවුන්ට තමයි ආතතිය තියෙන්නේ. තමන් ඉගෙන ගත්ත මිනිහා හිතන්නේ ඉගෙන ගත්ත එකාට ආතතිය කියලා. දන්නේ නැහැ තමන්ට මොලේ නැහැ කියලා. ඒ වගේ එතකොට ඔතන ඉන්න මහාචාර්ය තිස්ස විතාරණ. මේ ලෝකෙම පිළිගත්ත පුද්ගලයෙක් මහාචාර්ය විද්‍යාඥයෙක් වසංගත පිළිබඳව. ඒ මනුස්සයව ලංකා විතරක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ මනුස්සයා අර වාමාංශික අදහස් හින්දා ඒ මනුස්සයා ලංකාවට ආවා. නැත්නම් ඒ මනුස්සයට හොඳ job එකක් කරන්න තිබ්බා ඩබ්ලිව් එච් ඕ එකේ. ඒකෙ විද්‍යාඥයෙක් විදියට. ඒවා අතෑරලා දාලා ලංකාවට ආවා. අද එය වගේ මිනිසුන් නිකන් රස්තියාදු වෙනවා. මොකද ඒ මිනිස්සු තෙල් බෙහෙත්කාරයෝ වගේ කියව කියව යන්නෙ නෑ. ඒ මිනිස්සුන්ගේ ඔළුවෙ තියෙනනෙ සම්පූර්ණයෙන්ම තමන් දන්න දේවල්.
මෙතැන තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන කියවන එක නෙමෙයි ඒ වගේ කට්ටිය. මම හිටියනම් ඇමැතිවරයා විදියට මම ඉක්මනටම ගෙනල්ලා මහාචාර්ය තිස්ස විතාරණ වාඩි කරවා ගන්නවා මගේ කිට්ටුවෙන්ම. මොන දේශපාලන පක්ෂය වුණත්.
මම එහෙම තමයි ජයරුවන්ලාව ඇතුළුව ඔක්කොම මත දරන අමාත්‍යංශය කට්ටියත් ගත්තෙ. මට පුළුවන්කම තිබුණනම් මම ඇමැතිවරයා හිටයා නම් මම ඉස්සෙල්ලම ගේන්නේ මහාචාර්ය තිස්ස විතාරණරණ.. මොකද අපි මේ සෞඛ්‍ය අමාත්‍යංශ යනකොට එතුමා තමයි MRI එකේ අධ්‍යක්ෂකවරයා. එතන තමයි එතකොට පර්යේෂණ කරන්නේ රජයයෙ වයිරස් සහ වසංගත පිළිබඳව ඒකෙ අධ්‍යක්ෂකවරයා එතුමා.
දැන් රට ඇරියා ඔබතුමා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා. දැන් මොකද්ද හිතෙන්නේ?
දැන් මේක හිතන වෙලාවට අරිනවා, හිතන වෙලාට වහනවානේ. දැන් අර මනුස්සයාගේ සංඛ්‍යාලේඛන වැරදියි කියලා අරිනවා. මොකක්ද වැරැද්ද ? එයා කරලා තියෙන්නේ මේකේ මරණය ඒ වෙලාවෙම වාර්තා කරන්න බෑනේ. covid එකේ මනුස්සයෙක් මැරුනහම මරණ පරීක්ෂණයක් එදා දවසට කරන්න බැහැ. ඒ මොකද ඒ පුද්ගලයා මැරුණට පස්සේ එයාගේ පී.සී ආර් test ඒතකරනවා. ඒක කරල එක යවනවා බොහෝ වෙලාවට මැරුණ කට්ටියගෙ ඒවා යවන්නේ MRI එකට. එතකොට එකේ දවස් ගණනාවක් ඔතන හිර වෙනවා. දැන් පහුගිය කාලේ කිව්වනේ විසි එක් දාහක් හිර වෙලා තියෙනවා කියලා. ඉතින් එකේ ඉවර කරලා එතනින් පර්යේෂණ වාර්තාව ආවහම පරීක්ෂණයෙ එතකොට තමයි කියන්නේ මෙයා කෝවිඩ් කියලා. එතකොට තමයි එදාට සහතික වෙන්නේ මෙයා කෝවිඩ් ඒකෙන් තමයි මැරුනේ කියලා. එතකොට දවස් ගණනාවක් ගිහිල්ලා. සතියක් ගිහිල්ලා සමහර වෙලාවට. එතකොට එයාගෙ එයාව මැරුණ නැහැ කියලා කියන්නද. එයාගෙ මරණය ඒදාට වාර්තා කරනවා. මරණය නිශ්චිත විදිහට වාර්තා වෙන්නේ එදාට. හැබැයි මැරුනේ වෙන දවසක. ඒක අර කියන්නේ මේ දවස මැරුනේ කියලා. එතකොට මේ මරණ වාර්තා එවනකොට ඒගොල්ලො වසංගත රෝග අශයෙන් එවන්නේ එදා දවසෙ මරණ සංඛ්‍යාව කියලා නෙමෙයි මෙන්න මේ කාල පරිච්ඡේදයේ මරණ සංඛ්‍යාව කියලා.. මොකක්ද ඒකෙ වැරැද්ද?
එතකොට ඊට පෙර දිනට පසු දින ඊට පෙර දිනට වඩා ඊට පසු දින එකසිය එකක් වැඩියි. ඒ කියන්නේ වාර්තා වූ ප්‍රමාණ සහතිකලත් මරණ සංඛ්‍යාව එකසිය එකක් වැඩියි. ඉතින් ඒක එදා මැරුණද ඊට ඉස්සෙල්ලා මැරුණා ද ඊට පෙරද මැරුණා ද කියන එක නෙමෙයි වැදගත්කම එන්න එන්න මේ මරණ සංඛ්‍යාව වැඩියි.. ඉතින් ඒකට සුදත් සමරවීර මොකක්ද කරන්නේ ඒකට? සුදත් සමරවීර කියන්නද මැරුනේ නැහැ කියලා.. එක්කෝ මැරිච්ච නැති කට්ටියගේ නම් දැම්මාද එයා එහෙම නම් වැරදියි. මේ මැරුණ කට්ටියගේ සංඛ්‍යා ලේඛන ඒවලා තියෙන්නේ.. මේක හරියට කුමන්ත්‍රණ කියලා එක එක ඒව කරලා මිනිසුන්ගේ බෙලි කපන එක තමයි ඔතනට වෙලා වාඩි වෙලා ඔය මිනිස්සු කරන්නේ. ඔය මිනිස්සු කරන මේ පාප කර්මයෙන් මිදෙන්න සංසාර චක්කරයක් ඕනෙ වෙයි කවද හරි මේ කරපු අපරාධ වලට විඳවන්න.
ජනාධිපතිතුමා කිව්වේ එකසිය එකක් ආපු දවසේ නියම මරණ තිබ්බේ පහලවයි කියලා .එතකොට ඒ අනුව තමයි පරණ තීරණ අරගෙන තිබුණේ lockdown එක දික් කරන්න. එතකොට ගත්ත තීරණ වැරදි වෙනවා නේද?
හරි එදා දවස මැරුනේ පහලවයි. එතකොට හිතේ ඉස්සෙල්ලා මැරිල වාර්තා වුන සංඛ්‍යාවක් එදාට නොදා ඉන්න ද? එතකොට ඒ මිනිස්සු කොහෙද වාර්තාවෙන්නේ? මිනිහෙක්ව මැරුණයි කියලා නිශ්චිත කරගන්න කොහොමද? ඒක ජනාධිපති ද නිශ්චිත කරන්නේ? හමුදාපති ද ?නෑනෙ. මේ පී.සී.අර් පරීක්ෂණය. පී.සී.අර් පරීක්ෂණයෙන් තමයි සම්පූර්ණයෙන් මේ මනුස්සයා මැරුණේ කොරෝනා ද නැද්ද කියන ඒක කියන්නේ.. ඉතින් එතකන් කොහොමද සුදත් සමරවීර ඒ මැරුණේ කෝවිඩ් ගණයට දාන්නෙ කොහොමද. එයා මැරුණ හැටියෙ එයා හිතල නෑනේ ඕක කෝවිඩ් වෙන්න ඕනි කියල දැම්ම නම් වැරදියි. එතකොට එදා දවසේ මැරෙන්න ඇත්තෙ පහලවයි. එයා දන්න කොහොමද ජනාධිපති 15 ම කෝවිඩ් ද කියලා හරියට .කෝවිඩ් පී.සී.අර් ඒක එනකං. දැන් එදා 15 දානවා සුදත් සමරවීර. පස්සේ එනවා ඒ පහළොවෙන් හතරක් කෝවිඩ් නෙමෙයි කියලා.එතකොට එදාට කියනවා සුදත් සමරවීර එකොළහක් මැරුණ එකට පහළවක් දැම්මයි කියලා එදාට කියයි. මෙහෙම නෙමෙයිනේ යම් ක්‍රමවේදයක් තියෙනවනේ වාර්තාකරණ. ඒ ක්රමවේදයනෙ මේ ගලාගෙන එන්නේ. අනිත් එක මේගොල්ලන්ට බැහැ උගන්නන්න ඕක ඔය මරණ සංඛ්‍යාවක් ඕවා වාර්තා කිරීම්.
0 Comments