rangana-herath-bangladesh

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙසින් පත්වීමට ශ්‍රී ලංකා හිටපු දඟපන්දු පුහුණුකරු රංගන හේරත්ට තිබූ අවස්ථාව ගිලිහී යනු ඇති බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රංගන හේරත් සමගින් වන ගිවිසුමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අකමැති වීම මීට හේතුව බවයි.  ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ හේරත් විසින් දෛනික ගෙවීමේ පදනම යටත්තේ බංග්ලාදේශයට කණ්ඩායමට සේවය කිරීමට කැමැත්ත පළ කොට ඇති බවත්, ඔවුන්ගේ සේවය දින 120ක කාලයකට පමණක් ලබාදීමට ඉල්ලා ඇති බවත්ය.

එහිදී රංගන එක් දිනක් සදහා ඇ.ඩො. 1500 (රු. ලක්ෂ 3කට ආසන්න මුදලක්)ක මුදලක් ඉල්ලා සිට ඇති බවද ඔවුහු වාර්තා කරති.කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත දන්වා ඇත්තේ හේරත් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් පුහුණුකරුවෙකු ලෙසින් ඔහුට එතරම් අත්දැකීම් නොමැති වීමත්, ඔවුන් දින ගණනට නොව ස්ථිර ලෙසින්ම දඟපන්දු පුහුණුකරුවෙකු කණ්ඩායමට බඳවා ගැනීමට බලාපොරොත්තු වන නිසාත් හේරත් සමගින් එකගතාවට නොපැමිණි බවයි. හේරත් සමගින් මෙම තනතුරට පාකිස්ථානු හිටපු දගපන්දු යවන ක්‍රීඩක සයිඩ් අජේමාල් හා ඉන්දියානු ක්‍රීඩක සයිරාජ් බහුටුන්ද නම් ඉදිරිපත් වී ඇත.

 (ඕෂිත වරකපිටිය)