
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විඳින හිටපු මන්ත්‍රී හා සිනමා නළු රන්ජන් රාමනායක අද (19) උදෑසන ගාල්ල කරාපිටිය රෝහල වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
ඔහුට පවතින ආබාධ තත්වයක් නිසා මීට ඉහත රෝහල් ප්‍රතිකාර ලද අතර එම රෝගයට අදාළ සායනය අද දින ගාල්ල කරාපිටිය රෝහලේ පැවැත්වෙන නිසා එයට සහභාගිවී වෛද්‍යවරයෙකු හමුවීමට හා ඖෂධ වට්ටෝරුව ලබාගැනීමට ඔහුව මේ ආකාරයට රැගෙනවිත් තිබේ.
වසර 4 ක කාලයක් සඳහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් සිර කර තබා තිබෙන අතර මේ හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පවා අහිමි විය.
Comments
Post a Comment
Your comment will be visible after approval