sagara-kariyawasam-gammanpila

ඊයේ දිනයේ රජය මගින් තෙල් මිල එක්වරම ඉහළ දැමීම නිසා කොරෝනා වසංගතයෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැටිණි. සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විවේචන වලින් ඒ බව ඔප්පු විය.


මෙම අප්‍රසාදය මැද්දේ එම මිල වැඩි කිරීමට හේතුවූයේ ඇමති වරයා ලෙස කටයුතු කරන උදය ගම්මංපිල නිසි වේලාවට නිසි තීරණ නොගැනීම බව කියමින් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
මීට ඉහත වරාය නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නයේදී ගම්මංපිල - විමල් පාර්ශ්වයට එරෙහිව මාධ්‍ය ඉදිරියේ මත දැක්වූ සාගර කාරියවසම් මෙම අවස්ථාවේදී රජයට එල්ලවෙමින් පවතින අප්‍රසාදය වෙනතක හැරවීමට මෙම ප්‍රයත්නය දරා ඇති බවක් හදුනාගන්නට ලැබේ.