saman-rathnapriya-speaks

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සිදු කළ අදහස් දැක්වීමක් පහතින්
 


Covid 19 වසංගත තත්ත්වයෙන් බැට කන ජනතාවට  කොරේ පිටට මරේ කිව්වා වගේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා බරපතළ බඩේ පහරක් එල්ල කරල තියනවා .මේක ඉතාම බරපතළ වැරැද්දක් ආණ්ඩුව දේශපාලනිකව කරපු .කෝවිඩ් 19 නිසා මේ වසංගතය හින්ද අද ජනතාව පනහක් ,හැටක් ,හැත්තෑවක් සීයක් දවසකට මිය යනවා. ඒ වගේම දවසකට 3000- 3500 , 2500 කට covid හැදෙනවා . ආණ්ඩුව PCR ගන්නෙ අඩුවෙන් නිසා තමයි අපිට තුන්දාහක් ,තුන්දාස් පන්සීයක් ලෙඩ්ඩු වාර්තා වෙන්නේ. PCR ගන්න ප්‍රමාණය පනස්දාහක් ලක්ෂයක් කළොත් අනිවාර්යෙන්ම දවසකට රෝගීන් හත් අට දාහක් ලංකාවෙ මුණගැහෙනවාමයි.  එතකොට රජය ගන්න ක්‍රියාමාර්ග තුළ covid ලෙඩ්ඩු එළියට එන්නේ නැහැ. ජනතාව මිය යනවා .කන්න බොන්න විදිහක් නෑ. අද ඉතාම අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා මේ වසංගතේ නිසා මේ රටේ ජනතාව. අද කොළඹ නගරයේ විතරක් ඉන්නවා දෛනික වැටුප ලබන ලක්ෂ හයක් විතර ප්‍රමාණයක්.

මේ lockdown එක ඇතුලේ සංචරණ සීමා පැනවීම කියන කාරණය ඇතුලේ ඒ අයට දෛනිකව ආදායම අහිමි වෙලා තියෙනවා. කන්න විදියක් නෑ, තමන්ගෙ දරුවන්ට කෑම වේලක් දෙන්න විදියක් නෑ. රටේ ජනතාව හිගන තත්ත්වයට පත්වෙලා තියෙනවා .එවැනි තත්ත්වයකට පත් වෙච්ච රටක් ඇතුලෙ එවැනි තත්ත්වයකට පත් වෙච්ච ජනතාවට මේ වගේ ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් වැඩි කරලා වැරැද්දක් කරන්න ආණ්ඩුවකට පුලුවන්ද කියන ප්‍රශ්ණය අපිට තියනවා.


 සාධාරණ ආණ්ඩුවකට ජනතාව ගැන කල්පනා කරන ආණ්ඩුවකට එහෙම කරන්න බෑ. අද ආණ්ඩුව තෙල් මිල වැඩි කරා .තිබුණේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137යි. දැන් මේක 157 දක්වා වැඩි කරලා තියෙනවා. මේක සාධාරණද නෑ. ගම්මන්පිල ඇමැතිවරයා කියනවා දිගින් දිගටම තෙල් වලින් පාඩු ලැබුවා ඒ පාඩුව පියවගන්න අපි මේ කටයුතු කරන්නේ කියලා .ඔහු කියන විදියට රුපියල් බිලියන තුන්සිය තිස් එකක් අලාබයි ,ඒ අලාභය පියවගන්නලු මේ තෙල් මිල වැඩි කලේ. මේක පට්ටපල් බොරුවක්. අද තෙල් මිල යම් ප්‍රමාණයකට ඉහළ ගිහිල්ලා තියෙනවා .බැරලයක් ඇමරිකන් ඩොලර් හැත්තෑවයි සත අසූ දෙකක්.

  70,71 ප්‍රමාණයකට තමයි යන්නේ. නමුත් හරිම පැහැදිලියි සංඛ්‍යාලේඛන දිහා බැලුවහම ලංකාවට බොරතෙල් පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ බොරතෙල් ලංකාවට ගෙනාවට පස්සේ පෙට්‍රල් ලීටර් ඒක මිල වෙන්නේ රුපියල් අනූ හයයි. රුපියල් අනූ හය නැවෙන් ගොඩ බානකොට ඕනේ නම් මේකෙ ඉතුරු ප්‍රවාහන වියදම් දිහා බැලුවහම තව රුපියල් 12 ක් එකතු කරගන්න පුලුවන් එතකොට ගාන එකසිය අටයි. නමුත් විකුනන්නෙ අද 157 යි. හරිම පැහැදිලිවම රු.49 ක ශුද්ධ ලාභයක් ආණ්ඩුවට තියෙනවා. ඉතින් මේක ටිකක් අඩු කරගෙන පෙට්‍රල් මිල වැඩි කරන්නැතුව ආණ්ඩුවට ඉන්න තිබුණා ,ඩිසල් මිල වැඩි කරන්නැතුව ආණ්ඩුවට ඉන්න තිබුණා. ඊළඟට භූමිතෙල් මිල වැඩි කරන්නැතුව ආණ්ඩුවට ඉන්න තිබ්බා.

නමුත් ආණ්ඩුව රටේ මිනිස්සු ගැන හිතුවේ නෑ .අද තෙල් මිල ඉහළ ගියාම තෙල් විතරක් නෙමෙයි ඉහළ යන්නේ .bakery නිෂ්පාදන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අහන්න දෙයක් නෑ අද සේරම වැඩි කරලා තියෙන්නේ. මාළු පාන් එක ඊළඟට රෝස් පාන් එක හැම දෙයක්ම වැඩි වෙනවා. ඒළවළු මිල වැඩි වෙනවා, බත් කන බත් පැකට් එක වැඩි වෙනවා. මේ හැමදේකම මිල වැඩි කරන්න කටයුතු කරල තියෙන්නෙ ආණ්ඩුව. දැන් ඊට පස්සේ ඇමැතිවරයා කියනවා මම නෙමෙයි මේ තීරණය ගත්තේ ආණ්ඩුව කියලා. සමහර මන්ත්‍රීවරු කියනවා මේ ඇමැතිවරයා වගකියන්න ඕනි කියලා. ඇමැතිවරයා කියනවා නෑ මේකට වගකියන්න ඕන ආණ්ඩුව .ආණ්ඩුවේ පොදු තීරණයක් තමයි මේක කියලා.


අපි දැක්කා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ මේකට විරුද්ධයි කියපු කාරණය නිසා. විනය පරීක්ෂණ තියන්න කටයුතු කරමින් ඉන්නවා .නමුත් අපිට මන්ත්‍රීවරයෙක්ද ඇමතිවරයෙක් ද කියන එක කාරණා නෙමෙයි වැදගත්. රටේ ජනතාවට බරපතල අගාධයකට පත්වෙලා තියෙන මොහොතක කොරේ පිටට මරේ කිව්වා වගේ ඒ ජනතාවගේ කර උඩට තෙල් මිල වැඩි කරලා මේ වගේ ව්‍යසනයකට පත්කරපු උදය ගම්මන්පිල ඇමතිතුමා හරි නම් ඉල්ලා අස් වෙන්න ඕනේ. ඇමතිවරයෙක් ඉන්නේ ජනතාව පෙළන්න නෙමෙයි මෙතරම් සුවිශාල ලාභයක් ලබාද්දී පෙට්‍රල් ලීටරයකින් රුපියල් හතළිස් නවයක් වගේ ශුද්ධ ලාභයක් ලබද්දී ජනතාවට බොරු කියලා දිගින් දිගටම මිල වැඩි කරලා ඒකට කැබිනට් එක අල්ලලා බේරෙන්න හදනවා නම් මේ වගේ ඇමතිවරු අපිට අවශ්‍යයි ද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා .

මිල වැඩි කරන තීන්දුව ගත්තේ ආණ්ඩුව කියන විදියට උදේ ගම්මන්පිල නම් ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා අපි බල කරනවා. ඒ වගේම මිල වැඩි කරන තීන්දුව ගත්තේ උදය ගම්මන්පිල ඇමතිවරයා කියන විදියට ආණ්ඩුව නම් ආණ්ඩුව තීරණය ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. කරුණාකරලා අපි ආණ්ඩුවට කියනවා කැබිනට් එකට කියනවා ජනතාව තලා පෙලා දාන්න එපා .ලක්ෂ හැට නමයක් ඡන්දෙ දුන්නෙ මේ වැඩේට නෙමෙයි. ලක්ෂ හැට නමයක් ඡන්දෙ දුන්නෙ ජීවත් වෙන්න. කොරෝනා එක්ක ජීවත් වෙන්න නෙමෙයි .කොරෝනා නැතුව ජීවත් වෙන්න. ඉතිං ආණ්ඩුව අසාර්ථක තීරණ ගනිමින් ඉන්නවා. ජනතාව පෙළන තීරණ ගනිමින් ඉන්නවා. ජනතාව තලන තීන්දු ගනිමින් ඉන්නවා. ආණ්ඩුවේ වගකීම මේක නෙමෙයි කියන එක තමයි අපි කියන්නේ.