සමිතා මුදුන්කොටුවගේ මවගේ උපන්දිනය පසුගියදා ඇය සැමරුවේ දුව පුතා හා අලුත් සැමියා සමගිනි.
ඒ වෙනුවෙන් කළ වීඩියෝවක්ද ඇය යූටියුබ් වෙත එක්කර තිබුණාය.සමිතාගේ පියා දැනට ජීවතුන් අතර නැත. මව පමණක් සිටී.
මවගේ උනන්දුව නිසා තමා ඉගෙන ගත් හැටිත් තමා දැන් සිටින තැනට එන්නට ඇය උදව් කළ සැටිත් සමිතා පෙන්වා දුන්නාය.
එහිදී ඇය මවගේ ගුණ පෙන්වා දුන් අතර අම්මා කුඩාකල සිට බලාගත් බවත් අනතුරුව 2010 සිට තමා දරුවන් සමග තනිවූ පසුව අම්මාවත් බලාගෙන කටයුතු කළ බවත් කියා සිටියාය. ඇතැම් අවස්ථාවල පිටරට යාමේ අවස්ථා තමා මව නිසා අත්හළ බව කීවාය.
එම අවස්ථාවේ ඇය හෙළිකර සිටියේ පිළිකාවක් නිසා මවගේ පියයුරු සැත්කමකින් ඉවත් කර තිබෙන බවත් ඇය ඉතා දුක් වේදනා සහිතව තමන්ගේ ජීවිතය ගොඩනගාගත් බවත්ය.
තමාට මවගේ සැත්කම වෙනුවෙන් මුදල් පවා නොතිබුණ බවත් වෛද්‍යවරුන් පවා උදව් කළ බවත් ඇය කියා සිටියාය.
තමන්ගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න දන්නේ තමන් පමණක් බවත් අම්මා මෙන්ම තමන්ද අනන්ත දුක් වේදනා ඉවසාගෙන ජීවත්වන බවත් කියා සිටියාය.
තමා දැනටත් අම්මා බලාගෙන ජීවත්වීම සතුටට හේතුවක් බවද ඇය කියා සිටින්නීය.
සමිතාගේ මව ගුරුවරියක වන්නාසේම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවකව සිටි බවද ඇය කියා සිටින්නීය. ඇය ඉදිරිපත් කළ වීඩියෝවේ මවගේ ගීතයක් පසුබිමින් ඇසිණි.
0 Comments