sanjana-gamarachchi

මං බඳින කෙනාට වාහනයක් තියෙන්න ඕන කියල වැඩසටහනකදී මං කියපු දේ ‘බීඑම්ඩබ්ලිව් එකක් තියෙන්න ඕන විදිහට‘ ගියා මම කියපු කතාව හරියට අහපු නැති අය මට ඇති වෙනකල් මඩගැහුව‍ෙ වැරදි කතාවක් තමයි සමාජගත වුණේ’ මේ සිද්ධියෙන් පස්සේ මගේ ෆෙස්බුක් එකට ඉන්ස්ටර්ග‍්‍රෑම් එකට සමහරු බීඑම්ඩබ්ලිව් වල රූප එවන්න ගත්තා’ මම දාන ඡායාරූපවලට රූප දාලා කමෙන්ට් කළා’ මඩ ගහන අයට ඇති තරම් මඩගහන්න දීලා මම පාඩුවේ බලාගෙන හිටියා’
නව පරපුරේ නිළියක නිවේදිකාවක වන සංජනා ගමාරච්චි සමග පැවැත්වූ සාකච්ඡාවක් පහතිකන් පළවේ.

●සංජානා ගමාරච්චි...මම හිත්න්නේ දැනටමත් ආදරය කරන සහ මේක දකිනවා ඇති කියලා මම හිතනවා...BMW එකක් ගැන පොඩි කතා බහක් වෙලා රටේ ගොඩක් දෙනා අතර මේ සංජානා ගැන කතා උනා...නමුත් සංජානාට ඒ ගැන තියෙන්නේ වෙනත් උත්තරයක්...පිටින් ලස්සනට හිනා වෙලා ඉන්න සංජානා ඇතුලේ ලස්සන කතාවක් තියෙනවා සමහරක් විට මේ මොහෝතේ වැටිලා ඉන්න ඔබත් නැගිට්ටවන්න පුළුවන් වෙයි අපි අහලා බලමු සංජානගෙන් ඒ කතාව...ආයුබෝවන්...සංජානා ගමාරච්චි නම හරි නේද....?
                                                ''මගේ නම දිගයි මේ කොට කරලා තමයි තියෙන්නේ...මගේ නම තියෙන්නෙ පාලටුව ගමාරච්චිගේ සංජානා ඔනාලි...මම මුලින් field එකට ආවාම සංජානා ඔනාලි කියලා තමයි පාවිච්චි කලේ මොකද මේ චූටි කාලේ පොතේ ගමාරච්චි කියලා ලියනකොට කට්ටිය විහිළු කරයි කියලා බයට සහ ලැඡ්ඡාවට ගමාරච්චි කෑල්ල හැංගුවා පස්සේ මට මගේ පළවෙනි drama එකේ ශ්‍රියන්ත මෙනඩිස් මහත්මයා හම්බුනාට පස්සේ මගෙන් නම අහනවා ඔයාගේ නම මොකක්ද කියලා මම කිව්වා සංජානා ඔනාලි කියලා...මගෙන් ඇහුවා ඔයාට surname එකක් නැද්ද කියලා මම කිව්වා තියෙනවා සර් කියලා ඊට පස්සෙ ඇහුවා මොකක්ද කියලා මම මගේ සම්පූර්ණ නමම කිව්වා ඊට පස්සෙ කිව්වා ඔයාගේ නම ලස්සනයි surname එකත් එක්ක  field එකට යනකොට සංජානා ගමාරච්චි කියලා පාවච්චි කරන්න කිව්වා එතකොට නමට බරක් තියෙනවා කිව්වා...ඒක හොඳයි කිව්වා ඉතිං එදා ඉදන් සංජානා ගමාරච්චි කියලා තමයි පාවිච්චි කරන්නේ...
●අධ්‍යාපනය ලබන්නේ මුලින්ම..?
                     ''මාතර සුජාතා බාලිකා විද්‍යාලය....1 වසරේ ඉදන් A/L වෙනකල්ම ගියේ ඒ ඉස්කෝලෙටම තමයි....''


●ඊට පස්සේ රංගන ක්ෂේත්‍රයට ඒන්නේ..?
                           ''රංගන ක්ෂේත්‍රයට ඒන්නේ දෙරණ අවුරුදු කුමාරි උනාට පස්සේ....හිරු එකේ 2018 අවුරුදු කුමාරි තරඟ තිබ්බා ඒකෙන් හොඳම 12දෙනා අතරට විතරයි එන්න පුළුවන් උනේ මට WIN කරන්නබැරි උනා....හිතේ දුකක් තිබ්බා චූටි කාලේ ඉදාලා හරිම ආසාවෙන් හිටිය දෙයක්...ඊට පස්සේ 2019 අවුරුදු කුමරි තරඟයෙන් මම තුන්වෙනියා උනා...ඒත් එක්කම තමයි රංගන ජීවිතයට එන්නේ...2018 ඉදන් 2019 වෙනකල් මම TV commercials විතරයි කලේ...''
●පළවෙනි telly dramaඑක වෙන්නේ..?
                    ''ජීවිතේ ඇති තුරා....ITN නාලිකාවේ විකාශනය උනේ...''
●සංගීත් ගැන කතා බහට ලක්වෙන්නේ ඒ නාට්‍යයෙ නේද...?
                             ''නැහැ.....සංගීත් අයියා ගැන කතා බහට ලක් වෙන්නේ දෙරණේ මුතු ලෙන්දොර telly drama එක විකාශනය උනා ඒක මගේ හතරවෙනි telly drama එක...ඒකේදි අපි දෙන්නගෙ character එක කොල්ල කෙල්ල නිසා ඉතිං ඔන්න ඉතිං gossip ගහන්න පටන් අරන් තියෙනවා.... ''
●ඔබ දැන් නැගී එන රංගන ශිල්පිණියක්නේ....ඒ වගේ කෙනෙක්ට මේ industry එකේ මොනවද තියෙන බලපෑම්...?
                            ''බලපෑම් කියන්නේ.....මම අළුත් කෙනෙක්...මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ මම තනියම ගමනක් යන කෙනෙක්...ඉතිං එක එක බලපෑම් තියෙනවා මඩ ගහනවා gossip ගහනවා...අපිට වඩා ඉහලින් ඉන්න අය අපිට කපනවා,අපිත් එක්ක සම වයසින් අපිත් එක්ක field එකට  ආව අය අපිට කපනවා ඉතිං මට කාත් එක්කවත් තරඟයක් නෑ...මම යන්නේ මගේ ගමන...මට පුළුවන් විදිහට මම ගමන යනවා ඒ වගේ තමයි ඉතිං.... ''
●දැනට...?
                  ''මේ දවස් වල විකාශය වෙන්නේ දිවිතුරා හිරු නාලිකාවේ...තව එන්න drama ටිකක් තියෙනවා....''
●ඒ අතර චිත්‍රපට තියෙනවද...?
                     ''චිත්‍රපට ආරාධනා ලැබිලා තියෙනවා....ගියපාර කොරෝනා session එක එද්දි එකක් පටන් ගන්න තිබ්බා බැරි උනා...මේ  පාරත් එකක් පටන් ගන්න තිබ්බා ආයිත් කොරෝනා වසංගතේ එක්ක curfew දාලා නිසා ආයිත් නෑ....''
●ඔබ ගැන සමහර මිනිස්සු අතර පොඩි පැල්ලමක් ගෙනාව වචන කීපයක් ඔබ අතින් පිට වෙනවනේ bmw එකක් නැති කොල්ලෙක් මට එපා,මට ඕන BMW එකක් තියෙන කොල්ලෙක් ඕන කියලා කිව්වා...මටත් හිතන දෙයක් තමයි මෙහෙම කෙල්ලො ඉන්නවාද කියලා...ඔබ මේක කොහොමද දකින්නේ...ඔබ අතින් මේක වැරදිලා පිට උනාද නැත්තම් මිනිස්සු අතරට ගියේ වෙනත් අදහසකින්ද මොකක්ද උනේ..?
                          ''මම කිසිම වෙලාවක ඒ program එකේදි එහෙම කිව්වෙ නෑ....මමකියන්නේ මට මේ සල්ලිවත් වාහනවත් ඕන කියලා නෙවෙයි...මම ආදරේ කරන කෙනාට කවුරුවත් වචනයක්වත් කියනවට කැමති නෑ...ඒ නිසා තමයි මම ඒ දෙවල් කියන්නේ මොකද මම එතන කතා කරපු හැමදේකටම හැංගිච්ච කතා තියෙනවා....ඒ කතා එක්ක තමයි ඒ හැමදේම කිව්වේ ඉතිං...එයාට කාගෙන්වත් වචනයක් ඇහෙනවට මම කැමති නෑ ඒක මට දුකක්....මට ඕන තරම් අය වචනකියයි....මට කිව්වට කමක් නෑ මම කැමති නෑ මගෙ පවුලේ අයටවත් මම ආදරේ කරන කෙනාටවත් ඒක එහෙම වෙනවට....''
●මේක ඔබේ රංගන ජීවිතේට මහා කඩාවැටීමක් කියලා හිතුනේ නැද්ද...අඬපුවාර නැද්ද වැටුනේ නැද්ද....?
                          ''ඇත්තටම program එක විකාශය වෙලා පහුවෙනිදා රෑ programඑකත් කරලා ඇවිත් ගෙදර  මම නැගිට්ටේ 10ට විතර මොකද මම හොඳටම නිදිමරලා හිටිය දවස් ටිකක් ඒක....නැගිටිද්දි මගේ PHONE  එකට CALLS ගොඩක් ඇවිත් තිබ්බා...මම බැලුවා ඇයි මේ මොකක් හරි කරදරයක්වත්ද කියලා බැලින්නම් කරදරේ වෙලා තියෙන්නේ මට...සංජානා ගමාරච්චි කියලා ගහපු ගමන් BMW එක තමයි උඩට එන්නේ...මම බැලුවා ඇයි මේ කියලා...මුලින් මාව මාර විදිහට shok උනා මොකද මම මේ කොච්චර හිනාවෙලා හිටියත් මගේ ඇතුලින් දුකක් තියෙන කෙනෙක් මොකද මගේ අම්මා නැති වෙලා තාම අවුරුද්දක්වත් නෑ....

ඒකත් එක්කමේක ආවාම මට හිතාගන්න බැරි උණා මම මොකක්ද කරන්නේ කියලා...අම්මා නැති උන වෙලාවේ මම මැරුණනම් හොඳයි කියලා හිතපු කෙනා අඩියක් ඉස්සරහට තිබ්බ කෙනා එකපාරටම DOWN උනා....ඒ වෙලාවෙදි මගේ වටේ මගේ යාළුවෝ හිටියා,තාත්තා නංගී හිටියා,නංගිත් කියනවා ඇයි අක්කෙ මෙහෙම කියන්නේ ඇයි එහෙම ඒ අය හිතන්නේ කියලා...මම කිව්වා නංගි හිත්න්න එපා එහෙම තමයි මිනිස්සු බනිනවා,හොඳ කියන මිනිස්සු හරිම අඩුයි මමකිව්වේ ඒ දේනෙවෙයි මගේ හිතේ තිබ්බ දෙයක් මට ඒක කියාගන්න තේරුනේ නෑ ඒ වෙලාවේ .....එහෙම ඉද්දි මමඇත්තටම ඇඬුවා...මගේ ජීවිතේ කඩා වැටිච්ච වෙලාවේ මට පිහිට උන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා හැමදේම මම එයාට කියනවා මම මගේ ආගම ගොඩක් අදහන කෙනෙක්...

ආගම අනුව තමයි මම ජීවත්වෙන්නේ....හාමුදුරුවෝ මට උපදෙස් ටිකක් දුන්නා,බුදු හාමුදුරුවන්ටත් මඩ ගැහුවනේ කොච්චර දේවල් කලාද එහෙම කරපු එකේ මම කවුද....ඒ නිසා ඒ දේවල් ගණන් ගන්න එපා එහෙම තමයි ජීවිතේට බාධක එනවා ඒක ගැන හිතන්න එපා කියලා...පස්සේ පස්සේ ඒ දෙවල් එක්ක මට ඒක පුරුදු උනා....මේ ළඟදී මම COPY CHAT  එකට මම ගියා ඒකෙන් මගෙන් නර්මදා අක්කි අහනවා මඩ ගහන එක සම්බන්ධයෙන් මොනවද හිතන්නේ කියලා...ඉතිං මම කියනවා මඩ ගහන එක හොඳයි මඩ ගහන්න ගහන්න මම කැමති මඩ ගහන්න ගහන්න මම නැගිටිනවා කියලා ඉතිං මේ voicecut එක අරගෙන මේ අපේ කොල්ලෝ එකට ‍gossiගහලා තියෙනවා ඒකත් වැරදි විදිහට අර්ථකථනය කරලා මිනිස්සුන්ට දෙනවා මම එවා බලලා විනෝදයක් ලබනවා ඇත්තටම මට හිනා යනවා ඒවා දකිද්දි...මම මුලින් වැටුනා තමයි ඒත මම නැගිට්ටා ඒකෙන් මට ලැබිච්ච ප්‍රයෝජන ගොඩක් තියෙනවා ඇත්තටම මට වැඩ ආවා ඒ bmw එක නිසා ඒ සතියම මම එක පැය හතරක් එක දිගට නිදි නෑ මම ඒතරම් වැඩ මම අතඇරියෙත් නෑ ආපු වැඩටික පුළුවන්තරම් ඔක්කොම කලා....අදටත් මට කියන්න තියෙන්නේ gossip ගහපු අයට මම ගැන වැරදි ප්‍රචාර යවපු අයට ඇත්තටම ගොඩක් පිං ඇත්තටම ඔයාලා නිසා මම අද හොඳ තැනක ඉන්නවා කියලා මට හිතෙනවා... ''


●ඒ වගේම තමයි ඔබගේ මවගේ අභාවය...ඔබ ආදරේ කරපු අය අතර මුල්ම කෙනා....?
                                 ''ඇත්තටම මගේ හැමදේම අම්මා....අදටත් හොයන්නෙත් අම්මා....අම්මා නෑ ඉතිං ඒක මට කියන්න තේරෙන්නේ නෑ....මගේ බුදු දහම තමයි මම හැමවෙලේම විශ්වාස කරන්නේ මම හරි බයයි  බුදු දහමට අපි අතින් වැරදි වෙන්න පුළුවන් වැරදි උනා කියලා හැමවෙලේම වැරද්දක් උනා කියලා හිත හිත ඉන්නවට වඩා ඒක අමතක කරලා ඒක අතීතේ මම දැන් ඉදන් හොඳ විදිහට ඉන්නවා මම හැදිච්ච කෙනෙක්...අම්මා නැතිවෙනකොට මම හිටියේ කොළඹ...අම්මා හිටියේ මාතර....අම්මා නැති උනේ අම්මාට පිළිකා රෝගයක් තිබ්බා...ඒ රෝගය මාස 8ක් විතර තිබ්බා,injection දුන්නා අම්මාට අම්මා මාර විදිහෙ දුකක් වින්දා...එයාට ඒක ශක්තියක් වෙන්න ඇති අම්මයි තාත්තයි දෙන්නම ගුවන් හමුදාවේ වැඩ කලේ අම්මයි තාත්තයි දෙන්නම ලොකු නිළයක් දරපු දෙන්නෙක්...ඒකෙන් ලැබුන ශක්තිය එක්ක ඒ injection එක දුන්නම හරි අමාරුයි ඒ රෝගයේ ඉන්න අය ඒ අයගේ නෑදෑයො දන්නවා injection එක ගහලා දවස් තුන හතර යනකල් ඒ අයට අමාරුයි කන්න බෑ,වෙව්ලනවා ඒ හැමදේම මගේ ඇස් දෙකෙන් දැක්කා...

මම එක තැනකදි මම අදහන ආගම මම හිතුවා ආයිත් අදහන්නේ නෑ කියලා ඒ හේතුව මම කොළඹ හිටියා අම්මා මාතර හිටියා අම්මාට අමාරු වෙලා ambulance එක කොළඹට ගේනකල් මම ලෑස්ති වෙලා ඉන්නවා අම්මා බලන්න යන්න ඒක පාරටම පුංචි කතා කරලා කියනවා අම්මට ටිකක් අමාරුයි ඔයා කලබල වෙන්න එපා පුළුවන් ඉක්මනට මාතර එන්න කියනවා....මට ඒ වෙලේ මට හිතාගන්න බෑ...මම ඒ වෙලේ යාළුවට කිව්වා මෙහෙම දෙයක් පොඩ්ඩක් හොයලා බලන්න කියලා මාව ඒවෙලේ වෙව්ලනවා මම ටක්ගාලා මගේ අතේ වාහනේ තිබ්බෙත් නෑ මම ඉක්මනට PICKME එකක් දාගත්තා මම යනගමන් මම පිරිත් අහනවා මම කිය කිය ගියේ අම්මේ මම එනවා මම එනවා ඉන්න ඔයා ඉන්න කියන එක...මම යද්දිත් අම්මා නැති වෙලා..මට ඒක කියන්න තෙරෙන්නේ නෑ...එවෙලේ මම හිතුවා මම මෙච්චර දේවල් කලා මම බණ ඇහුවා මගේ අම්ම ආරක්ෂා කරලා දේනන කියලා මම ඉල්ලුව මට විශ්වාසයක් තිබ්බා අම්මාට කොච්චර අමාරු තිබ්බත් අම්ම ළඟට මමගියනම් අම්මට පණ එයි අම්මා මැරෙන්නේ නැතිවෙයි කියන එක මට තිබ්බා...අම්මගෙයි මගෙයි බැඳීම මට කියන්න තේරෙන්නෙ නෑ...හැමදේම කලේ අම්මත් එක්ක මම...මම යද්දි අම්මා නැති වෙලා...තාත්ත දන්නවා මට ඒක දරාගන්න බෑ කියලා නංගිට තාත්තට හරි එකතුයි මම තාත්තට එකතු නෑ කියන නෙවෙයි මම අම්මා මම හැමවෙලේම අම්මා තාත්තා කිව්වා කට්ටියට මාව අයින් කරන්න කියලා අම්මා ගාවට එක්කන් එන්න එපා මෙයා මොකක් හරි කරයි කියලා...කට්ටිය කිව්වා නෑ එයාට යන්න දෙන්න කියලා මමගියා trollyක අම්මගේ මූණ පේන්නේ නෑ වහලා...ඒත් මම හිතුවෙ අම්මා ඇති මැරිලා නැතුව ඇති කියලා තමයි.....

ඒක ඇරියා ඒකෙත් සුදු රෙද්දක් දාලා තිබ්බා මට තේරෙන්නේ නෑ කෙහොමද කියලා..ඊට පස්සෙ මම ඒත් වාඩි වෙලා හිටියා කවුරු කොහොම කිව්වාත් මම විශ්වාස කලේ නෑ අම්මා නැති උනා කියලා...පස්සෙ VAN එකක් ආවා මල්ශාලාවට ගෙනියන්න වෙන්න ඇති...ඊට පස්සේ එක සැරයක් පෙන්න කියලා කිව්වා නංගි තමයි මට ඉස්සරහින් හිටියේ නංගියේ යාළුවො එක්ක නංගි එක පාරටම faint වෙලා වැටුනා...තාත්ත අවුලෙන් හිටියේ ඒත එයා පෙන්නුවේ නෑ අම්මා සුදු රෙද්ද අරිනකොට අම්මා ඇස් පියන් හිටියේ එකපාරට අම්මගේ අතtrollyයෙන් බිමට වැටුනා මම කෑගහලා කිව්වා අම්මගේ අත අල්ලගන්න අම්මා වැටෙයි කියලා ඒ feeling එක තේරෙනවා අම්මා කෙනෙක් නැති දරුවෙක් කොච්චර අසරණ වෙනවද කියලා ඇත්තටම....අසරණයිනේ....ප්‍රශ්ණයක් එද්දි හැමදේම අපි අම්මටනේ කියන්නේ මම තාත්තට වැඩිය අම්මට කිට්ටු මට මොකක් හරි ප්‍රශ්ණයක් ආවාම දැන් මගේ ළඟ අම්මා නෑ...ඒ දුක මට දරාගන්නබෑ....මගේ අම්ම තමයි හොඳම අම්මා අම්මා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා මම මේ    field එකට එද්දි අම්මයි තාත්තයි දෙන්නම කැමති උනේ නෑ...අපේ තාත්ත හරිම සැරයි මම පළවෙනි ළමයා නිසා මාව හැදුවේ හිර කරලා වගේ dancing team එකට තේරුණා යන්න දුන්නෙ නෑ,sport වලට තේරිලා ගෙදර ඇවිත් කිව්වා කියනවා නෑ බබා ඕවට යන්න එපා කළු වෙයි කියලා මාව රවට්ටනවා චූටිකාලේ .....එයාට ඕන මාව ඇස්මට්ටමේ තියලා මාව හදන්න...

මම ලොකුවෙලා රස්සාවක්වත් කරනවට කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි අපේ තාත්තා...අම්මා තමයි තාත්තගෙන් ලැබෙන පීඩනය ඔක්කොම දරාගෙන හිටියේ....මම  field එකට එද්දි මම කන්නේ නැතුව ඉදලා තියෙනවා ඒ කියන්නේ මම පොඩිකාලේ හරි අහිංසක කෙනෙක් ඒ ආව පීඩනේ එක්කද දන්නේ නෑ කඩාගෙන යන්න වගේ feeling එකක් ආවා ඒවෙලේ මගෙශක්තියට හිටියේ මගේ අම්මා...ඊට පස්සෙ අම්මා තාත්තට කියලා තාත්තව කැමති කරවගෙන හරි මෙයා යන්නෙ කොහෙද ඔයා එතන ඉන්න ඕන,මෙයා එක්ක ඉන්න ඕන මෙයාව ආරක්ෂා කරන වගකීම අම්මා බාරගන්නවනම් හරි යන්න කිව්වා...ඉතිං අම්මාත් එක්ක තමයි මේ අපු ගමන මම ආවේ හැමදේම අම්මා නිසායි...අද අම්මා නෑ ඒ උනාට....මම කවදාවත් ගත්ත තීරණේ වැරදි කියලා හිතන්නෙ නෑ ඒ ආව නිසයි රුපියලක් හරි මගෙ මහන්සියෙන් මම හම්බකරන්නේ...මම හරි කැමති මගේ අයට දේවල් මම විසින් ඇරන්දෙන්න එයාලා සතුටුකරන්න හැමදේම මමදෙනවා දැන් නංගිට අම්මා නෑ කියන්න මේවා ඕන කියලා නංගි මට තමයි කියන්නේ...ඉතිං මම කවදාවත් බෑ කියන්නේ නෑ හැමදේම මම අරංදෙනවා...අම්මා නැතිවෙන්නත් කලින් ඉදන් මටකියලා තියෙනවා බබා මම නැති උනොත් නංගිව හොඳට බලාගන්න කියලා ලොකු වගකීමක් දීලා ගියේ... අම්මා නැතිවෙන වෙලේ පුංචි ළඟ ඉදලා තියෙනවා එයාට අම්මා ඇඟිලි දෙකක පෙන්නලා තියෙනවා මම හිතන්නේ නංගිවයි මාවයි බලාගන්න කියලා වෙන්නැති....''


●මේ වෙලාවේ කොහොමද ඔබ නැගිට්ටේ...?
                              ''මට නැති උන දේවල් මට නැතිවෙලා ඉවරයි....අම්මා නැති වෙලා නෑ අම්මා ඉන්නවා මේ කොහේ හරි....අම්මා මට උගන්නපු දේවල් තියෙනවා මට හිතෙනවා මම මාර ශක්තිමත් මට මාර දේවල් දරාගන්න පුළුවන් කෙනෙක් කියලා හිතෙනවා ...මට දරාගැනීමක් නැති උනානම් උනේ මගේ අම්මා නැති වෙච්ච මොහොතේ විතරයි....අනිත් හැම තැනදිම මම මාර විදිහට දරාගන්න කෙනෙක්...මම හිතුවා කවුරු කොහොම කිව්වාත් කිසිම කෙනෙක් කන්න බොන්න අඳින්න දෙන්නේ නෑ....මම දෙයක් කරගත්තොත් විතරයි මට තියෙන්නේ මම හිතාගත්ත ඕන දෙයක් කියන්න මට බනින්න ඒක එයාලගේ සතුට වෙන්න පුළුවන්...එහෙම සතුටු වෙනවනම් ඒක පිනක් කියලා තමයි හිතෙන්නේ....කවුරු මොනා කිව්වාත් මට දැන් ප්‍රශ්නයක් නෑ....මම බුදු දහම දැඩිව විශ්වාස කරන කෙනෙක් අපි කරන ක්‍රියාවට ප්‍රතිඵල අපිට ලැබෙනවා ඒ නිසා මමඕනම දේකින් නැගිටිනවා කියලා මම හිතාගෙන ඉන්නේ.....''


●අනාගතේ මොනවගේ බලාපොරොත්තුද තියෙන්නේ...මොනවගේ තැනකටද එන්න හිතාගෙන ඉන්නේ....?
                             ''අනාගතයේ බලාපොරොත්තු ලොකුවට නෑ මොකද කොරෝනා වසංගතයත් හැමතැනම  තියෙනවා....ලොකුවට හීන නෑ මගේ මේ මොහොතේ ජීවත් වෙනවා හෙට දවස ගැන හිතනවා හිතන්නේ නැත්තේ නෑ...කොයිවෙලේ මොනව වෙලා මට මැරෙන්න වෙයිද මොනවා වෙයිද කියලා මට කියන්න බෑ....මේ මොහොතේ ජීවත් වෙලා අනුන්ගේ දෙවල් හොයන්නෙ නැතුව,කාටවත් ඊර්සියා කරන්නෙ නැතුව තමන්ගෙ දෙයක් බලාගෙන මම කැමති ඒකට තව අඩියක් හරි ඉස්සරහට යන්න තමයි මම බලන්නේ මගේ හැකියාවෙන්...මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තියෙනවා.....ඒවා තමයි ඉතිං....''

●ආදරේ ගැන මොනවගේ අදහස්ද තියෙන්නේ...මේ වෙනකොට පෙම්වතෙක් නැද්ද....?
                               ''මේ වෙනකොට පෙම්වතෙක් නෑ මම ඇත්තමයි කියන්නේ කවුරුවත් පිළිගන්නේ නෑ....පෙම්වතුන් වෙන්න කවුරුත් මගෙන් අහන්නෙත් නෑ....ආරංචි එනවා යාළුවන්ගෙන් ඇහුවා එහෙම කියලා එහෙම ඉතිං මගේන කවුරුත් අහන්නේ නැතුව කාත් එක්කවත් යාළු වෙන්න බෑනෙ.....මම හරි කැමති හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න....පෙම්වතෙක් නිසා මම ගොඩනගාගත්ත field එකේ වැඩ මම නතර කරපුකෙනෙක්....මම ආදරෙන් පැරදිච්ච කෙනෙක්.... ''

●පැරදුන ආදරයෙන් ජීවිතේට මොනවගේ දෙවල්ද තිබ්බේ...?
                      ''ලොකු අද්දැකීම් නෙවෙයි මම කියන්නේ...මම ආදරේ කරද්ද මම මාර serious....එයාට විතරයි එයාට love කරද්දි මට තව කට්ටිය හොය හොය ගිහින් එයාලා එක්ක chat කරන්න බෑ...මම අදටත් instagram,facebook බලනවා හරිම අඩුයි...ආදරෙන් පැරදුනා ඒකමම පිළිගන්නවා....ඒ වෙච්ච දේ අද මට ලොකු හයියක් වෙලා තියෙනවා...අවුරුදු එකහමාරකට කලින් මට පෙම්වතෙක් හිටියා...මට ආස හිතුනා ලස්සන family life එකක් ගත කරන්න මොකද අපි මොනදේ කරත් මේ රස්සාවත් ස්ථිර දෙයක් නෙවෙයි family life එකට අපි මුල් තැන දෙන්න ඕන...ඒ නිසා එයා කැමති උනේ නෑ මම රඟපානවට මගේ එතකොට පළවෙනි drama එක විකාශනය වෙලා ඉවර උනා විතරයි...ඒත් එක්කම එයා මට කියනව නවත්තන්න වැඩ මමකැමති නෑ කියලා ඉතිං එයාගේ හිත මම රිද්දන්න කැමති නැති නිසා එයාගේ සතුට වෙනුවෙන් හරි මමනතර කරන්නම් කියලා නතර කලා.....එයාගේ ප්‍රශ්න නිසා ඇත්තටම  break up උනා...අන්තිමේදි මට එයත් නෑ මගේ field එකේ  වැඩත් නෑ...මම හිතාගත්ත කමක් නෑ නැති උන දේවල් නැති උනා කමක් නෑ මම ආයිත් පටන් ගන්නවා කියලා මම පටන් ගන්නව හැබැයි මම වැටිලා නෑ මම අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිත් තියෙනවා... ''

●ඔබේ මේ ප්‍රශ්ණය මොනයම් හෝ කාන්තාවකට අත්විදින්න වෙන ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්....ඒ වගේ කෙනෙක්ට ඒ වගෙ ප්‍රශ්ණයක් ආවොත් මොකක්ද කරන්න කියන්නේ ඔබ....?
                                  ''ආදරේ සම්බන්ධයෙන් කතා කරනවනම් මට ලැබිච්ච අද්දැකීම් එක්ක මම කියන්නේ අපෙ ජීවිතේට පෙම්වතුන් එන්න පුළුවන්...හැබැයි අපිට ඒ කෙනා කියනවනම් මේක කරන්න එපා අරක කරන්න එපා කියලා අපි දෙසරයක් හිතන්න ඕන....අපි ගොඩනගාගත්ත දෙයක් තියෙනවනේ ඒ දේ මේ පුද්ගලයා නිසා නැතිකරගන්නවද,මේ කෙනා මාත් එක්ක දිගටම ඉදීද,මගෙ පවුලේ අයට මේ පුද්ගලයා සලකයිද කියලා ගොඩක් ලොකු වපසරියක් අපිට හිතන්න තියෙනවනේ...අපි ක්ෂණිකව හිතලා මෙයාතමයි මට හොඳම මෙයා තමයි මම බඳින්නේ කියලා හිතලා හැමදේම මම නැති කරගන්නවනේ...මම කියන්නේ කසාද බැඳලා නැත්තම් කාසඳ බැන්දට පස්සෙ නතර කරන එක වෙනයි එයා කියන විදිහට වැඩ කටයුතු එහෙම නැතුව එයා කියන පලියට හැමදේම කරන්නයන්න එපා මට උනා වගේ මඟදි එයා දාලා යන්න පුළුවන් එතකොට මට එයාත් නෑ මගේ වැඩත් නෑ...''


●වෙන ටෙලිනාට්‍ය ඉස්සරහට එන්න තියෙනවද..?
                       ''රූගත කිරීම් කරපු ඒවා ටිකක් ඉස්සරහට එන්න තියෙනවා....music video ටිකක් එන්න තියෙනවා...බලන්න කියලා තමයි කියන්නේ....''
●ජීවිතේ ගැන ඔබට දැනෙන දේ සහ මේ බලන අයට කියන්න තියෙන දේ මොකක්ද....?
                       ''මට කියන්න තියෙන්නේ මට තියෙන අද්දැකීම් එක්ක අපි දෙයක් උනාට පස්සේ අපි ඒක ගැන හිත හිත තැවි තැවි ඉන්නවට වඩා ඒ දේ උනා ඒක වෙලා ඉවරයි කියලා අපි එතනින් හැමතිස්සෙම හිනාවෙලා ශක්තිමත් විදිහට ජීවිතේට මූණ දෙන්න අපේ ජීවිතේ ගැන අපිට වගකියන්න බෑ...ඒ නිසා හැමවෙලේම අනුන්ගේ දෙවල් හොයන්නේ නැතුව තමන්ගේ දෙයක් බලාගෙන තමන් ඉන්නතැනින් අඩියක් හරි ඉස්සරහට යන්න බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ....''

-සාකච්ඡාව - කෝනාර ව්ලොග්