ප්‍රකට සන්නිවේදක උපුල් ශාන්ත සන්නස්ගල චීනය හා ලංකාවේ සම්බන්ධය පිළිබඳ සිදු කර ඇති විවරණයක් මේ සමග පළවේ.
චීනය ගැන තියෙන පළවෙනි කාරණාව මොන කරුමයක්ද මං දන්නේ නෑ මට හීනෙනුත් චීනා පේනවා....මම අවුරුද්දකට විතර කලින් තමයි සිංදුවක් දැම්මේ චීනං සරණං ගච්ඡාමි කියලා...
ඒ කියන්නෙ එතකොටත් මට චීනා පේනවා...පොර්ට් සිටිය ගොඩ කරන්න ගත්ත කාලෙත් මට චීනා පේනවා මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා චීනගේ මකර වගේ මගේ ඔළුව ඇතුලේ ලොකුවෙලා...
මම ඉස්සෙල්ලාම චීනා ගැන අහලා තියෙන්නේ කොණ්ඩේ බැඳපු චීනා කියලා...මේක ආඩම්බරයකටද කිව්වේ නැත්තම් චීනව අපහස කරන්නද...ඉස්සර අපි කතා බහටත් කියනවා ඕක ගිහින් කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට කියලා ඉස්සර අපි කතා බහට උනත් ඒ කියන්නේ චීනා මෝඩයා වගේ එකක්නේ මේ තියෙන්නේ...මේවා නිකං හැදෙන්නේ නෑ....
මම අහලා තියෙන කතාව...1840 සුද්දො මේ රටට මුඩුබිම් පනත ගෙනල්ලා 12 වෙනි වගන්තියෙන් ලංකාවේ කොටසක් අත්පත් කරගෙන ඒ ගෙනාපු දකුණෙන් ගෙනාව අය තමයි දැන් තොන්ඩමන්ලත් එක්ක දැන් ලංකාවේ population එකෙන් සෑහෙන කොටසක් ඉන්නේ....ඒ වගේම ඇමරිකාවේ railway හදද්දි ඇමරිකාවේ කෝච්චි පාරවල් උක්කොම හැදුවා කියන්නේ චීන්නු...කම්කරුවෝ විදිහට හරි වහල්ලු විදිහට හරි චීනෙන් පැටෙව්වා එහෙට...මොකෝ චීනේ ජනගහනය වැඩි...උන්ගෙන් කොටසක් තමයි ඇමරිකාවේ රේල්පාරවල් හැදුවේ...
එතකොට චීනට තේරෙන්නේ නෑලු ඇමරිකන්කාරයා කතා කරනවා එතකොට ඇමරිකන්කාරයා වැඩ කරලා පෙන්නනවලු මෙන්න මෙහෙමයි කරන්නේ කියලා එතකොට අරුන් යක්කු වගේ ඒ වැඩේ කරගෙන යනවලු...උන්ට භාෂාව තේරෙන්නේ නැති නිසා ponytail people කියන්නෙ චීනටලු මේ ponytail people අපිට ඇවිල්ලා තියෙන්නේ මොනා වෙලාද කොණ්ඩෙ බැදපු චීනා වෙලා...දැන් ඇමරිකාවේ ඉන්න මිනිස්සු ගත්තම උන්ගෙ population එකේ අංක එක ඇමරිකන් කියලා ගන්නවා,දෙක ස්පාඤ්ඤ උන්,තුන්වෙනි population එක උන්ගේ චීන්නු.,හතර ඉන්දියාව,ඇමරිකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටක් චීන්නු ඉන්නවා....අහලා තියෙන විදිහට 1949 මාවෝසේතුංගේ revaluation එක හරි අරගලය හරි විප්ලවයෙන් පස්සේ තමයිලු චීනා ටික ටික බුද්ධියට නැඹුරුවෙන්න පටන්ගත්තේ කියලා...
මේකට එක හේතුවක් වශයෙන් කියනවා චීනගේ population එක වැඩිවෙන්න වැඩිවෙන්න උනේ උන්ගේ භාෂාවේ අක්ෂර ගාන වැඩි උනා...රූප අක්ෂරනේ...ඉස්සර ඉදන් ගත්තොත් 54000 ක් තිබ්බාලු...දැන් ඔක්කොම පාවිච්චි කරන්නේ නෑ...අපිට හිතෙන්නේ නෑනේම මුන්ගේ 54000ක් වැඩ කරන්න මුන්ගේ capacity එකේ තරම ...අපිට අපි අපහස කරගත්තොත් එහෙම මොනවා කියන්න පුළුවන්ද...යකෝ අපිට තියෙන්නේ අකුරු 54 මිශ්‍ර සිංහල හෝඩියේ ඒ 54න් ලෝවැඩ සඟරාව කියවගන්න බෑනේ යකො තාම...capacity එකේ තරම වගේ එකක් කියන්න පුළුවන්නේ....54000 එක්ක මම හිතන්නේ මොලේ ධාරිතාව කොච්චරක් ඇතිද...
චීනා ටිකක් වෙනස් චීනා කපටි ජාතියක් කියලා තමයි කියන්නේ...අපි කපටියා කියලා හිතන් හිටියේ තම්බියනේ,නානානේ,මුස්ලිම් යාළුවනේ...හැබැයි මට හිතෙනවා චීනා ඊට වැඩිය කපටි කියලා...හැබැයි කපටිකම කියන්නේ නරකයක් විදිහට නෙවෙයි මම කියන්නේ ඥානයක් විදිහට..පෘතුග්‍රීසීන් ගෙරි හමක් පොරවගත්ත කතාව අහලා තියෙනවාද...පෘතුග්රීසියා කපටි කියලා කියන්න අපි ඒ වැඩේට අහු උනා කියලා කියන්න...ගෙරි හමක් ගෙනල්ලි කිව්වාලු අපට මේක එලාගන්න ඉඩ දෙන්න කිව්වලු ඕක කමක් නෑ කියලා කිව්වම උන් කරා කියන්නේ මේ ගෙරි හම කපන්න පුළුවන් තුනීම ගානට කැපුවලු කපලා එලුවලු Taprobanian එකේ භායක් අයිති කරගන්නවා..ඉතිං හරිනේ...ගෙරි හමනේ ඇතිරුවේ...
අපේ ජාතික ගොන්කම් වල ඉතිහාසයෙන් එකක්...ගෙරි හමේ කතාව ඇත්ත උනත් නැත්ත උනත් පෘතුග්රීසිකාරයට එන්න බෑනේ අපේ ආණ්ඩුවේ support එකක් නැත්තම්,deal එකක් නැත්තම්,චීනට එන්න බෑනේ එහෙම deal එකක් නැත්තම්...ගෙරි හම එලාගන්න ඉඩ දෙන්න ඒ කලේ හිටිය පාලකයගේ දැනුවත් කමක් තියෙන්න ඕනනේ...මේ deal එකක් කියන්නේ නරක එකක්ම නෙවෙයි...අපි කියන්නේ ගණුදෙනු කරකයි කියලා ආදරෙත් නරකයිනේ...
මට මතක් වෙනවා චීනගේ ඉතිහාසය ඉස්සෙල්ලාම තිබ්බේ චීන දත් බඳින ස්ථානය කියලා....
ඔරලෝසු හදන චීන්නු හිටියා,චීන රෙදි කඩ,චීනා පොඩි පොඩියට හිටියනේ අපේ රටේ...අපේ රටේ අය දත කහ උනගමන්,පණුවෝ කාපු ගමන්,ගියා චීනා ගාවට චීනා ගෙනාව රිදී දත්,සුදු පාට දත් එහෙම චීන ගැලෙව්වා මෙහෙ අයගේ තිබ්බා හොද දත් සේරම....අපේ ටිකක් සල්ලි තියෙන අය ඉස්සර හිටිය මුදලාලිලා වෙළඳාමේ ආවාම කොළඹට ඇවිත් දාගත්තා චීනගෙන් රත්තරං දතක් ....ලංකාවට වෙසක් කූඩු පුරුදු කරන්නේ චීනා...තව චීනගෙන් ආවා රතිඤ්ඤා,මල් වෙඩි,නිලා කූරු,රතිඤ්ඤා වල සද්දේ ඉදන් චීන පටස්නේ...අපේ ඒවා මොනවද අලි ඩොං....
තව ආවා චීනකටු...අපේ මහ නළුවා ගාමිණි ෆොන්සේකාගේ දුවත් මේක ඉගෙන ගෙන දෙහිවල හෝ ගල්කිස්සේ දාගෙන ඉන්නවා ඒ වගේ වෛද්‍ය මධ්‍යස්ථානයක්...ලංකාවේ සෑහෙන ප්‍රමාණයකට කටු ගහගෙන ඉන්නේ...රූපලාවන්‍ය වලට,හන්දිපත් රුදාවට,ගහපිය චීනා....තව දෙයක් ආවා චීන අඩි...ගමේ ඉන්න චන්ඩියා චීන අඩිකාරයා...අපේ අඩි මොන අඩිද අපේ අඩි පොල් අඩිනේ...පොල් අඩි කියන්නේ ගැහුවා වැටුනා..බ්රෘස්ලි නියම චීන අඩි කාරයෙක්....
චීන තමයි එව්වේ සටන් ශිල්පය...මම කිව්වේ චීන්නු හැමතැනම ඉන්නවා නමුත් හොඳ වෙලාවට එක දෙයක් ආවේ නෑ...චයිනීස් පොඩ්ඩක් කෑමට සෝස් දාලා තාම දෙයියනේ කියලා ගැරඬි ටික ඉන්නවා,මීයො ටික තාම ඉන්නවා,බල්ලොටික තාම ඉන්නවා,තාමත් ළිං වල වෙලවල් අයිනේ ගෙම්බො ඉන්නවා,දෙයියනේ කියලා මුන්ව කන්න පටන් ගත්තේ නෑ...කොරෝනා කාලේ ගෙවල් ඇතුලට වෙලා ඉද්දි තව ටික දවසකින් මෙහෙම lockdown එක ගියාම කෑම හිඟයක් ඇතිවෙලා චීනා මේ concept එකගේන්න බැරි කමක් නෑ...වියට්නාමයේ මම සංචාරයකට ගියා ඒ ගියහම මම දැක්කා බල්ලන්ගේ ඔළු ගහලා තියෙනවා දෙල්කද මාළු ලෑල්ලේ තෝරගේ ඔළුව ගහලා තියෙනව වගේ...මේ සුප් එකට මේ ලේ බහිනවා,දැන් මැරුවේ,,කුකුළගේ එළුවගේ වගේ බල්ලගේ ඔළුව ගහලා තියෙනවා...ඊට මෙහා පැත්තේ තියෙනවා බල්ලව හම ගහලා,ඊට එහා පැත්තේ හම වේලනවා...
චීන ගැන මරු කතාවක් කියනව හෝචිමිං...ලාඕසෙයි,වියට්නාමයයි,කාම්බෝජයයි ළඟ තියෙන රටවල් තුනක් ඔය අනුර බණ්ඩාරනායකයි ඉන්දිරා ගාන්ධිගෙ පුතා රජිව්ගාන්ධි වගේ තමයි හෝචිමිනුයි පොල්පොටුයි... හෝචිමින් වියට්නාමයේ,පොල්පොට් කාම්බෝජයේ එක වයසේ දෙන්නා. පොල්පොට් ඉගෙන ගන්නේ එංගලන්ත දේශපාලනය ඌ absorb කරන්නේ එංගලන්තයේ එක.යුධකාමීත්වය,පරාජය කිරීම,එංගලන්තයේ අධිරාජ්‍යවාදය absorb කලේ ඒක.....හෝචිමින් ප්‍රංශය.සංස්කෘතික දේවල්,ප්‍රංශ සංස්කෘතියේ දේවල්,උන්ගේ අරමුණු,උන්ගේ cultureහැදිච්ච හැටි,උන්ගේ පත පොත....දෙන්නා රටවල් දෙකේ පාලකයෝ වෙනවා...පොල්පොට් සියවසේ වර්ග ඝාතකයා...යාළුවා වියට්නාමේ නායකයා ඇමෙරිකාවට දුන්නා යන්නම....
හොචිමින් කොහෙද වියට්නාමයේ වියට්නාමය කොහෙද චීනය ළඟ තියෙන්නේ...වියට්නාමයේ ඉදලා උතුරු චීනෙට යන්න දූපත් 1968 ක් 1968 තමයි හෝචිමින් මැරෙන්නේ...මගෙන් ඉගෙන ගත්ත විශිෂ්ඨ ශිෂ්‍යයෙක් ඉන්නවා එයාගෙ නම සංජය නිල් රුවන්...ලක්ෂාන්ත අතුකෝරළ සිංහලට පරිවර්තනය කරපු වියට්නාම් නිර්මාතෘ හෝචිමින් විසින් රචිත සරගත නොවු සුතුවිලි කියන එකේ පිටුවක්....හෝචිමින් කියනවා වියට්නාම් ජනතාවට ''මෝඩයිනේ චීන්නු අපේ රටේ රැඳී සිටීම යනු කවරක්දැයි නුඹලා වටහා නොගන්නේ ඇයි? නුඹලාට මතක නැද්ද අතීතය.අන්තිමට චීන්නු ආපු සැරේ ඔවුන් අවුරුදු දාහක් මේ රටේ ලැග්ගා.ප්රංශකාරයන් පරදේශක්කාරයන්.ඔවුන් දුරුවලයි.යටත්විජිත කෙරුවාවන් දැන් මිය යමින් තිබෙන දෙයක්.සුද්දා ක්‍රමයෙන් ආසියාවෙන් බවත් වෙමිනුයි ඉන්නෙ.ඒත චීන්නු මෙහෙ නැවතුනොත් උන් ආයේ කවදාවත් ආපහු යන්නෙ නෑ..මටනනම් මුළු ජීවිත කාලේම චීන්නුන්ගේ අශූචි කකා ඉන්නවට වඩා හොදයි අවුරුදු පහක් ප්රංශකාරයන්ගෙ අශූචි ඉඹ ඉඹ ඉන්න එක....
''දැන් එතකොට හෝචිමින් එහෙම කියන්නේ හෝචිමින් හොදටම දන්නවා ප්‍රංශකාරයා කව්ද කියලා...ඉස්සර වියට්නාමයට කිව්වේ ඉන්දු චයිනා කියලා....මම ගිහින් තියෙන ගොඩාක් රට වල තියෙනව චයිනා ටවුන් කියලා එකක්...එක එක චයිනා ටවුන් එක එක වගේ සමහර ඒවගේ ඉන්නේ පදිංචිකාරම චයිනා උන්...සමහරු වෙළඳාමට ආපු උන්...වියට්නාමයේ ඉදන් උතුරු චීනෙට යද්දි මුහුද මැද්දේ තියෙනවා villages...පාවෙන ගම්...අපිට එහෙම බැලුවාම හිතන්න පුළුවන් නේද මේ පෝට්සිටි එකත් ඒ වගේ කියල හිතාගන්න පුළුවන් කියලා...මට එහෙම හිතෙන්නේ නෑ...පෝට් සිටිය ගැන මට බය හිතෙන්නෙ ඇයි දන්නවද දුප්පත්කමට පොඩි පොඩි බඩු විකුණපු චීන නෙවෙයි දැන් චීනා අහිංසක නෑ....චීන දැන alien කෙනෙක් වගේ...දැන් ඇවිත් ඉන්න චීනා හෙන එකක් එක්ක කොළඹ එකයි දෙකයි දෙකම අල්ලගන්න හදන්නේ මේ apartment වල චීන්නු පදිංචි කරයි..ඊළඟ ජාතික ගොංකම නෙවෙයි ජාතික වීරකම...අපි කියනවනේ විවෘත ආර්ථිකේ ගෙනාවේ ජේ.ආර් කියලා ඩබ්ලිව් විජේවර්ධන සර් තමයි මේක මට කිව්වේ...
විවෘත ආර්ථිකය ආනයනය අපනයනව පටන් ගත්තේ මහා පරාක්‍රමබාහු රජු...පරාක්‍රමබාහු මෙහෙ ඉන්න අලි අල්ලලා ලංකාවෙන් අලි පටවනවා...අතරමැදි වෙළඳපොළ තමයි බුරුමය...අපි යවන්නෙ දැන් බුරුමයට...ඇයි බුරුමේ ඕන වෙන්න ඇත්තේ...අපිට චීනෙට යවන්න පාරක් නෑනේ මේ හම්බන්තොට වරාය හදන්න හැදුවෙත් එහෙමනේ මේ මැද්දෙදි අල්ලගන්න...බුරුමේ ඉදන් ගොඩබිමෙන් චීනෙට යවන්න පුළුවන්...මේ වෙළඳාම කලා කියලා කියන්නේ ටිකල් කාසි වර්ගයකින්..මේ ටිකල් 100 අතරමැදි බද්ද වැඩි කරනවා ටිකල් 1000ට ලංකාවට කෙල වෙනවා...බුරුමේ කරන්නේ මොකක්ද දන්නවද දැන් බෙංගාලේ ඉන්න අලි අල්ලලා අර පාරේ යවනවා දැන් අපේ ආදායම ඉවරයි..
මෙන්න මෙතනදිලු අපි බුරුමය ආක්‍රමණය කරලා ඉතිහාසයේ පළවෙනි වතාවට රටක් ආක්‍රමණය කලා කියන්නේ...අලි මොකටද ගෙනියන්න ඇත්තෙ චීනා චීනා මේ ගෙනියන අලි මස් කරනවලු.මස් කලාම වැඩිම demand එක තියෙන්නේ හරක් මස් එහෙම හරි ගනන් මේ කකුල ගාව තියෙන මස් වල...ඒ වගේ චීනා අලියගේ demand කලා කියන්නේ මොන කෑල්ලටද...අලියගෙ අලි පුරුෂ ලිංගයට පට්ට demand ලු ඒ කාලේ හේතුව චීනගේ පුරුෂ ලිංගය පොඩිනේ විශාල හීනමානයකට මු විශාල පුරුෂ ලිංගය වෙනුවෙන් අලි මස් කෑවා කියලා කියනවා...තව එකක් ගම්පොළ පරාක්‍රමබාහු කාලයේ චීනෙන් ආපු කණ්ඩායමක් හතර හෝ පහ පරාක්‍රමබාහු අල්ලගෙන චීනෙට ගියා කියලා කියනවා ඉතිහාස පොතේ...බොහොම මෑත කාලයේ මම දැක්කා ජාතික රූපවාහිනියෙ පෙන්නනවා චීනෙන් ආපු කණ්ඩායකමක් කියනවා අපි හය වෙනි පරාක්‍රමබාහුගේ කාලයේ ඉදන් ඔයාලගේ නෑයෝ ඒකෙන් තේරෙනවා ගෙච්ච කියන එක ඇත්ත කියලා..
චීන්නු චීනෙ ඉදන් කියනව අපි පරාක්‍රමබාහු එක්ක නෑදෑ කමක් තියෙනවා ඒ නිසා උරුමක්කාරයා ඉතුරු වෙලා ඉන්නේ මම මට දීපන් කියලා..මේ අධ්‍යාපනික ආර්ථික ඔක්කොම ඇවිල්ලා ඇවිල්ලා මට චීනේ වෙච්ච අද්දැකීම් දෙකක් මම මෙතනදි කියනවා මම චීනේ කීපවතාවක්ම ගියේ අර්ල් ගුණසේකර මන්ත්‍රීගේ අයියත් එක්ක එයාගෙ නම doctor ජයන්ත ගුණසේකර එයා මහන වෙලා හිටිය කෙනෙක්..චීනේ හදලා තියෙනව ඔරලෝසු ලෝකේ තියෙන ඕනම brand එකක duplicate එක....මම එතන හිටිය ළමයත් එක්ක කතා කරලා මේ පෙට්ට්යම කීයද අහලා රුපියල් 50කට විතර ගන්න කතා කරලා මම රුපියල් 500ක් එයාට දෙනවා එතකොට එයා මට දෙන්න ඕන රුපියල් 450ක් දැන් අර box එක මම ගාව එතකොටම ලොකු චීනෙක් ඇවිල්ලා මොකක්ද අරුගෙන් අහනවා හැඟවෙන්නේ උබ කීයකටද මේක වික්කේ වගේ එකක්...
අරූ උත්තරේ දෙනකොටම ගහනවා අර ලොකු එකා පොඩි එකාට පාගන්න හදනවා මම ඒක වලක්වනවා ඇයි කියලා ආපු චීනා මට කියනවා sorry ලොකු වැරැද්දක් වෙලා මෙයාගෙන් මෙයා පොඩි එක්කෙනෙක්නේ මේ ගණුදෙනුව දන්නේ නෑ මේක ගොඩාක් මීට වඩා වටිනවා එහෙම කියලා ඌ මට 15000ක වගේ ගානක් ඌ මට කියනවා.ගොන් මිනිහෙක්නම් ඒ ගානත් දීලා ඒක ගන්නවා මමකිව්වා මට 500 දෙන්න කියලා.අරගෙන මම කිව්වා මගේ යාළුවන්ටත් මාර චීන්නු ඉන්නේ මානව හිමිකම් මොන රෙද්දක්වත් නෑ අර පොඩි එකාට ගැහුවා කියලා..
පස්සේ ගිහින් නගරයෙන් 2km විතර එහා supermarket එකටගියා....ගිහින් මම අර 500 කොළේ දුන්නම හොර සල්ලියක් supermarket එකෙන් මට චෙක් කරලා කිව්වා මේක හොර සල්ලියක් කියලා.ඒ වෙළඳාමෙදි ඒ දෙන්නම කලේ act එකක්...ඒ අතරේ සල්ලි මාරු කරලා මට දෙන්නේ හොර සල්ලියක්..දැන් මට මල පැනලා ඇයි ඒ මම පොරනේ...450ක විතර බඩු මම supermarket එකෙන් බඩු ගත්තා මේ supermarket එකේ girl ගාන අනිත් පැත්තට මාරු කරගෙන් ඉතුරු දෙන්න ඕන 50 නම් මට දුන්නා 450ක්...චීනෙ එහෙම රටක් කොණ්ඩෙ බැඳපු චීනගේ දුවලත් තාම ඉන්නවා,පොඩි පොඩි හොරුත් ඉන්නවා,මාර හොරුත් ඉන්නවා චීනේ හොයන්නබෑ....අපි drink එකක් දාලා යනවා ටිබටයට..ඒ යද්දි බස් එකේ අපි සින්දු කියනවා කොහොම හරි මේ අපේ guide හිටියේ චීන තරුණයෙක් අපිට මූව ආව දවසේ ඉදලා පෙන්නන බෑ ඇයි දන්නවද ඌ උගේ ගෑණු ළමයව එක්කන් ආවා මට හොදටම sure මේ තරුණයා මේක බලනවා කියල...
අපි ගෙවන්න ඕන guide ට විතරනේ අපි බලන තැන් වලට යන්න ඕන guide විතරයිනේ අපි කන hotel එකෙන් guideගේ කෑම කෙහොමත් දෙනවනේ මේ කෙල්ලෙක් එක්කගෙන ඇවිත් උන් දෙන්නා කුටු කුටු ගගා ගියහම අපිට කොච්චර ඉරිසියයිද දැන් අපි තරහියි මේ guide එක්ක...අර girlගෙ නම ඩේසි...මගේ තියෙව වාචාල කමට මම ඒකිට කතා කලේ කුණුහරපෙන්...ටිබෙටෙ යනවා දවස් තුනකට විතර පස්සේ සිංදුත් කියනවනේ අපි යනකොට මේ චීන තරුණයා මගෙන් අහනවා මම සිංදුවක් කිව්වට කමක් නැද්ද කියලා මට දාඩිය දැම්මා මොකද උච්චාරණයේ කිසි තැනක කිසි අවුලක් පේන්නේ නෑ..මම බැලුව ඇස් දෙක දිහා කෙල උනා තමයි කියලා වැඩිම වාචාලකමට අරුන් දෙන්නව Bite කලේ මම...තව දවස් 15 ක් විතර යන්න ඕන..මූට සිංහල පුළුවන්...
මම කිව්වා කමක් නෑ කියන්න කියලා...මූ පටන් ගද්දිම කිව්වේ නන්දා මාලනියගේ ඌ announce කරලමයි පටන් ගත්තේ මම ඉස්සෙල්ලාම කියන්න බලාපොරොත්තු වෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කල මම කැමතිම සිංහල ගායිකාව නන්දාමාලිනියගේ මේ ගීතය මන්දනාව කාරනාව යන්න අපේ වන්දනාව කියලා මූ පටන් ගත්තා මූ ඉවර කලේ අමරදේවගේ මින්දද හී සර වගේ ගීතයකින්...පට්ට සිංහල පුළුවන්....මූ මට කියනවා ඔයගොල්ලො පළවෙනි දවස් තුන හතරේ අපිට බැන්න එකට අපි තරහ නෑ ලංකාවෙන් එන හැම group එකක්ම ඔයගොල්ලෝ වගේ තමයි මගේ job එක මේක guide කරන එක...ඒ නිසා ලංකාවෙන් එන ගොඩක් group බාරදෙන්නේ මට මම දවස් තුනක් විතර ඕගොල්ලන්ව කව්ද කියලා හොයාගන්න සිංහල දන්නේ නෑ වගේ ඉන්නවා මගේ නම සරත්...මම කැළණි campus එකේ සිංහල උපාධියක් කලේ මට සරත් කියලා නම තිබ්බේ කියලා හාමුදුරු කෙනෙක්ගේ නමකුත් කියනවා..මේක ලංකාවේ ඔක්කොම ටික දන්නවා චීනා සෙල්ලං නෑ....මම ජාතික ගොංකම් අස්සේ ප්‍රාදේශිය ගොංකම් කියන්නම්...
මම යාළුවො ටිකත් එක්ක හොදට බීලා කිංජු එකට ගියා ඉස්සර මම බිව්වාම හරි aggressive එකෙක්ටවත්කතා කරන්න දෙන්නේ නෑ...අපිට පුරුදු මේසයක් තියෙනවා පුරුදු වෙච්ච තැන ඉල්ලනවා ඒක අපේ හැටි..හුරුතැන නැති නිසා මට කේන්ති ගියා මම ඇහුවා මේ අය යන්නේ නැද්ද,ඒ අය කාලා ඉවරයි නේද,ඉවරයිනම් යවන්නේ නැත්තෙ ඇයි කියලා මම කතා කරද්දි මේ චීන්නු ටික යාං හෑලි කියන් ගත්තා සිංහලෙන් සිංහලෙන් කතා කරපු එක නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නේ යාන් හෑලි කියපු එකේ..
අපි සමහර double meaning කෑලි කිව්වාම සිංහල උන්ටවත් තේරෙන්නේ නෑනේ යාන් හෑල්ල තේරුම් ගන්න විශාල සිංහල භාෂා ඥානයක් ඕන...චීන්නු සෑහෙන දේවල් ටිකක් දන්නවා..මතකද ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො කියන එක්කෙනෙක්
ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැකගන්නට මෙලො වේ
සමත්වෙතොත් පුත නුඹ වේ
අන්තිමට කියනව එහෙම උනාම සුරඹුන් අතේ නැළවෙන්න පුළුවන් කියලා මේ කවියෙන්...
ජාතිය රණ දෙරණ ම තේ
ගැටී වැටී මළ මොහො තේ
සුන්දර සුරඹුන්ගෙ අ තේ
නැළවෙන බව සිතනු පු තේ
නැළවෙන් සුරඹුන්ගෙ අතේ ඒ කියන්නේ සහරානගෙ theory ගෙනාවේ ටිබෙට් ජාතික හාමුදුරුවො වගේනේ...ඇයි ඒ..? ශුද්ධ වූ ආගම සහ ශුද්ධ වු අයිතිය ඉල්ලන ISS ත්රස්තවාදයට තොපි මෙහෙ මරාගෙන මැරුනාම සුරංගනාවියො 72ක්ද කොහොද හම්බවෙනවා කියලනේ ඒ මඟුල වෙනුවෙන්නේ මේ හරක් මැරෙන්නේ...උන් කපටි කිව්වට කපටි නෑ සමහර තැන් වලදි අම්බගොන් යක්කු...එතකොට සහරන් මැරෙන්නේ දිව්‍යලෝකේ යන්නනේ කන්‍යාවියක් හම්බවෙන්න එතකොට ටිබෙට් ජාතික හාමුදුරුවන්ගේ නැද්ද ජාතිය රන් විමනක්වේ,ආගම මිනි පහනක්වේ,එය රැකගන්නට මරාගෙන මැරියන් මැරුනොත් එහෙම උඹ උපදින්නේ සුරඹුන් අතේ දිව්‍යලෝකේ....
ටිබෙට් ජාතික හාමුදුරුවො වගේඅය හිට්ලර්ගේ න්‍යාය ව්‍යාප්ත කිරීම සඳහා ලෝකෙට යවපු නියොජිතයො වෙන්න බැරිද ඒ කාලේ...බුදු දහම ව්‍යාප්ත කරන්න මිහිඳු හාමුදුරුවො ආවා වගේ පිවිච්චි කලාද කියලා මට හිතෙන්නේ ඇයි දන්නවද දැන් චීන කෙල්ලො සිංදු කියනවා,සිංහල ඉගෙන ගන්නවා,අපිට තාම ඉංග්‍රීසිත් බෑ අපේ තත්වෙත් එක්ක ගත්තාම මට හිතෙන්නෙ මේ වෙලාවේ ලංකාව ඇතුලේ plant වෙලා ඉන්නවා ටිබෙට් හාමුදුරුවො වගේ චරිත...මම එක්කෙනෙක් කියන්නම්...මම එයාවදන්නේ නෑ එයා මෙන්නමෙහෙම අදහසක් ගෙනාවා ඒ තමයි ITN එකේ දොරමඬලාවේ මේ ඉන්න චීන මහත්මයා නම දානවා මහාචාර්යවරයෙක්,එයා PHG එකක් කරලා තියෙනවා දොරමඬලාවේ ඉන්න සියල්ලන්ටම වැඩිය ලස්සනට සිංහල කතා කරනවා...කතා කරලා එයා දොරමඬලාවේ කියනවා ඔබ දන්නවද ඔබේ රටේ වඩාම වටිනා සම්පත මොකක්ද කියලා ඔබේ රටේ වටිනාම සම්පත තමයි ථේරවාදී බුදු දහම....
අපේ මිනිස්සු මේ දොරමඬලාවේ බලලා මොනවා කියන්න ඇතිද අර චීනට සාදු සාදු කියනවා අපේ එවුන්ගේ නැට්ට වෙනතකල් ගොම අපේ උන්ට අපේ දේ වල වටිනාකම කියල දෙන්න එක්කො පිටින් අපු එකෙක්....තොපි කවදාවත් ජාතිය ආගම ගැන කැක්කුමක් තිබ්බ කාලකණ්ණිනෙවෙයි...තොපිට මේක ඉගැන්නුවේ හැමදාම පිටින් ආපු එවුන්...දැන් බලපන් දොරමඬලාවේ චීන ජාතිකයෙක් ඇවිත් කියනවාඅපේ රටේ ථේරවාදී බුදු දහම තමයි වටිනාම දේ කියලා....මහත්මයා තරහ වෙන්න එපා මහාචාර්ය වෙන්න පුළුවන්...උබ අම්බ කපටියෙක්,පට්ට කපටියෙක්....
ඒ තමයි ඒ චීන මහාචාර්යවරයා මේ වෙද්දි දන්නවා ලංකාව කියන රටට ENTRY POINT එක ඇතුල්වීමේ යතුර දන්නවා....විමල් විරවංශ ජේ.වී.පේ එකෙන් කැඩෙනකොට entry point එක අල්ලගන්නවනේ ජාතිය ආගම එක්ක අද උනත් කියන්නේ ඒකනේ,ජැක්සන් ඇන්තනී සිංහලෙන් මහාවංශය කරේ කතෝලිකයෙක් විදිහට ජැක්සන් ඇන්තනී යතුර අල්ලගත්තා...මොහිදින් බේග් සිංදුවක් කිව්වේ පන්සලේ යතුර අහු උනා entry point එක....මේ චීන මහාචාර්යවරයා කලේ අන්න ඒ entry pointඑක...ඇයි දන්නවද මුන් මහායානේ...මුන් බන කියනවද ගිහින් බල්ලගේ ඔළුව කපන්න එපා කියලා වියට්නාමයේ අපිට එව්ව නියොජිතයො entry point එකට... ථේරවාදී බුදු දහම ඔබේ රටේ වටිනම දේ කියනකොට අපි අහු වෙලා ඉවරයි... entry point එක තියෙන්නෙ විවේචනයේ නෙවෙයි අගය කිරීමේ,ගොනාට ඇන්දවීමෙ....
මේ චීන entry point එකේ ඉන්නේ ථේරවාදි ගැන කවි කියාගෙන,සිංදු කියාගෙන,දැන් news කියනවා,චීන තානාතිපති කාර්යාලයේ වෙසක් සමරනවා,face book නැති චීනේ මාධ්‍යක් විදිහට ඇවිත් ඒක භාවිතා කරනවා,....මට දවසක් physics කරන ගුරුවරයෙක් කියනවා කැළණි පාලම උඩ යුද හමුදාවට පා තිය තිය ගමන් කරන්න දෙන්නෙ නෑලු ඒ පා තියෙන තාලේ තියෙන pattern එක physics එක්ක මොකක් හරි සූත්‍රයක් කිව්වා මට මතක නෑ..යම් මොහොතක ඒක සම උනොත් එහෙම පාලම කඩා වැටෙනවා...ඒ නිසා navy එකයි army එකයි කකුල් තියෙන්නේ system දෙකකට....
අපේ ලොකේ කැරකෙනකොට චීනේ තියෙනවනේ මම කතාවක් අහලා තියෙනවා චීන්නු කතාවෙලා එක විනාඩි පහක් එක තාලෙට උඩ පැන්නොත් ලෝකේ balanced එක නැති වෙනවා කියලා...ඒ නිසා චීනො මම තමයි උබලගේ පළවෙනි භක්ති ගීතය ලිව්වේ,මම තමයි උබලට ඉස්සෙල්ලාම සිංහල උගන්නන්නේ ඒ නිසා චීනා ඔයා මගේ සතුරෙක් නෙවෙයි උබ කකුල් ගහලා විනාඩි පහක් හොල්ලන වෙලාවේ මටත් passport එකක් දීපන් උබලත්එක්කපය ගහන්න මාත් එනවා චීනෙට.....
0 Comments