sarath-fonseka-SPEAKS

 පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ අදහස් දැක්වීමක් පහතින්

අපි දන්නවා මේ රටේ ඉන්ධන මිල ඉහළ ගියොත් ඒක කෙලින්ම ජන ජීවිතයට සෑම අංශයකින්ම බලපානවා. ප්‍රවාහන ගාස්තු ,ආහාරපාන ,ගමන් වියදම් හැම දෙයකින් ම බලපානවා .එතකොට මේ රජය තීරණය කරලා තියෙනවා හදිසියේම ඉන්ධන මිල ඉහළ දාන්න.ඒකත් කුඩා ගණන් වලින් නෙමෙයි විශාල ප්‍රමාණයකින් .අපේ රජය ආපු වෙලාවේ 2015 අපි රජය පටන් ගත්තෙම සියලුම ඉන්ධන වර්ග ලීටරය රුපියල් 30කින් විතර මිල අඩු කරලා තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ තත්ත්වය පවත්වාගෙන ගියා. 

එතනට උඩට යන්න දුන්නේ නැහැ කවදාවත්. මේ රජය  ඇවිල්ල බාර ගන්න කොට බැරල් එකක් බොරතෙල් බැරල් එක මිල ලෝකයේ තිබුනේ ඩොලර් හැත්තෑ ගානකට තිබුනේ. ලෝක වෙළඳපොළේ තිබුන ගාන. එතකොට ඒ ගාන අනුව තමයි අපි ඉන්ධන මිල පාලනය කළේ .අපේ ඉන්ධන මිල සූත්‍රයක් තිබුණා. දැන් මේ රජයේ ආවයින් පස්සේ මේ ඉන්ධන බැරල් එක මිල ඩොලර් විස්ස දක්වා පල්ලෙහාට ගියා .එතකොට ලෝකෙ හැමතැනම ඉන්ධන මිල තුනෙන් දෙකකින් පමණ පල්ලෙහාට වැටුනා. නමුත් අපේ වර්තමාන රජය ඒක කරලා ජනතාවට සහනයක් දෙන්න උනන්දුවක් දැක්වුවේ නැහැ. එතකොට එක ප්‍රශ්න කරනකොට ඒගොල්ලො කිව්වේ බැරල් එක මිල පල්ලෙහා ගියාම යම්කිසි ප්‍රතිලාභයක් අපිට ඉතුරු වෙනවා නම් වෙනම අරමුදලක් හදලා ඒ මුදල් ඒවයි තැන්පත් කරලා ලෝක වෙළඳපොලේ ඉන්ධන බැරල් වල මිල ඉහළ යනකොට අපේම පාවිච්චි කරලා ඒ තැන්පත් කරන මුදල පාවිච්චි කරලා ජනතාවට සහන දෙනවා කිව්වා.



දැන් අද වෙනකොට මේ ගොල්ලෝ ඒ මුකුත් කරන්නෙ නැහැ. හිතුමතේට රජයට මුදල් නැති නිසා රජය බදු සහන ආදිය දුන්නා ව්‍යාපාරිකයන්ට ,ජාවාරම්කාරයන්ට .ඒවා කරලා මුදල් අහිමිකරගත්තා .ඒවා පිරිමහ කරගන්න හදනවා මේ බර ජනතාව මත පටවලා. ඉන්ධන මිල වැඩි කරනවා කියන්නේ රටේ  රජයට දරාගන්න බැරි වෙලා තියෙන බඩ ඒක සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවනවා කියන එක .එතකොට මේ ක්‍රමය මේ ආකල්ප අපි ඉතා පිලිකුලෙන් හෙළාදකිනවා .ජනතාවගේ ජීවිතය ජනතාවට අවශ්‍ය සහන දීම ජීවිත ශක්තිමත් කිරීම විශේෂයෙන්ම වර්තමාන තත්ත්වය යටතේ ජනතාවට රැකියාවක් කර ගන්න බෑ. ගමනක් බිමනක් යන්න බෑ ,මුදල් හදාල් නෑ ,කන්න බොන්න විදියක් නෑ, එවැනි වෙලාවක ඒ වාතාවරණය දී ඉන්ධන මිල ඉහළ දානවා කියන්නේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් . අපි ඉදිරියේ දී මේ ක්‍රියාදාමයට විරුද්ධව ඉතා තදින් පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුව ඇතුළතත් අවශ්‍ය වුවෙහාත් විශ්වාස භංග යෝජනා ගෙන ඒමට පවා අපි පැකිලෙන්නේ නැහැ විපක්ෂය හැටියට .ඒක තමයි අපේ බලාපොරොත්තුව.



ඊළඟට  රජය අලූත් ජාවාරමක් පටන් අරන් තියෙනවා .අලුත් ව්‍යාපාරයක් .දැන් රජයට මුදල් මදි වෙනකොට මේවා ඒගොල්ලො විහින් ඇති කරගත්ත ප්‍රශ්න. බදු ඉවත් කරලා බදු රහිතව ජාවාරම්කාරයින්ට අපි දැක්කා පහුගිය දවස්වල සීනි ගෙනදුන්නා ,පොල් තෙල් ගෙන දුන්නා, ඒ වගේ දේවල් කරල මුදල් අහිමි කරගෙන දැන් මුදල් හොයන්න හදනවා අපේ මාතෘ භූමිය විකුණලා. අපේ මාතෘ භූමිය තමයි අපිට පරම්පරා ගාණක් තිස්සේ ඓතිහාසිකව තියෙන ජන්මභූමිය. පෝසත් ,දුප්පත් ඕනම තරාතිරමක කෙනෙකුට එක හා සමාන අයිතියක් තියෙන දෙයක් තමයි මාතෘ භූමිය. මේ මාතෘ භූමියේ තියෙන වැදගත්ම ඉඩකඩම් විශේෂෙයන්ම කොළඹ. වැඩිම වටිනාකමක් තියෙන ඉඩකඩම් ක්‍රමානුකූලව විදේශිකයන්ට විකුණන්න මේගොල්ලෝ ආරම්භ කරලා තියෙනවා. සෙලෙන්ජිවා කියලා සමාගමක් හදලා රජය සමාගමක් .ඒ සමාගම හරහා මේ කොළඹ තියෙන දැන්ට මේගොල්ලෝ හඳුනාගෙන තියෙනවා අක්කර 15 ක ට ආසන්න ප්‍රමාණයක් ඉතා වටිනා ඉඩම්. ඒ ඉඩම් වලට අපි දකිනවා විශාල ව්‍යාපාර පැවැත්වෙන ස්ථාන. ඒ වගේම හමුදා මූලස්ථාන තියෙන ස්ථාන, හමුදා කඳවුරු තියෙන ස්ථාන ,පාසල් ප්‍රසිද්ධ පාසල් පවත්වාගෙන යන ස්ථාන, ඊළඟට සිද්ධස්ථාන තියෙන ස්ථාන ,මේ වගේ කිසිම තෝරා බේරා ගැනීමක් නැතිව ඒගොල්ලොන්ගෙ තියන කෑදරකමට වටිනා ඉඩම් විකුණන්න මේගොල්ලෝ දැන් පෙරහුරුවක් පවත්වාගෙන යනවා මේ කාලේ. ඒක අපි ඉතාම තදින්ම හෙළා දකිනවා.