sarath-weerasekara-parliament

පහත පළවන්නේ රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කළ ප්‍රකාශයයි.

ගරු සභාපතිතුමනි වර්තමාන තත්ත්වය පිළිබඳ කතා කරද්දි වර්තමානයේ පොලීසිය භාර ඇමති ලෙස මා සම්බන්ධව යම් ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි මම හිතනවා .මන්ද මේ සම්බන්ධයෙන් ඉතාමත් සාවද්‍ය අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ සහ සමහර මාධ්‍ය ආයතන තුළින් ප්‍රචාරණය කරන නිසා ඒ වගේම ලෝකය පුරාම මා පිළිබඳව ඉතාම වැරදි හැඟීමක් ඇතිකළ හැකි පණිවිඩ නිකුත් කර නිසා. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර සභාවක්.  ප්‍රකාශයක් කරන විට වරප්‍රසාදවලට මුවා වී හෝ අසත්‍ය කරුණු ඉදිරිපත් නොකළ යුතුයි කියන සෑම වචනයක්ම හැන්සාඩ් ගත වෙනවා.

ඔනම දිනක අභියෝගයකට ලක් කරන්න පුළුවන්. ඒ අනුව මා කරන සෑම ප්‍රකාශයක්ම සත්‍ය බව ප්‍රථමයෙන්ම සඳහන් කරනවා. නිරෝධායන සඳහා පස්සර මධ්‍යස්ථානයට යන පොලිස් බස් රථයක් පිරිස නිරෝධානය නොකර නැවත හරවා යැවීමට මා තැත් කළ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළා.මා කිසි විටෙක එසේ කළේ නැහැ . ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ පසු ඔවුන්ට ඇප ලැබුනා. ඉන් පසු ඔවුන්ව පොලිස් පස්වන නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයන අතරතුර එක්තරා නීතිඥ මහත්තයෙක් මට දුරකතනයෙන් කතා කොට ඔහුගේ සේවාදායකයින් පොලිස් රථයකින් පස්සට ගෙන යන බවත් ඔවුන් සතුව ඇත්තේ තමන් හැඳ සිටින ඇඳුමින් පමණක් බවත් දින දාහතරක් නිරෝධායනයේට ගෙන යන්නේ නම් තමන්ගේ බඩුබාහිරාදිය ඇඳුම් යන ආදිය ගෙන යාමට  අවසර නොදීම අසාධාරණ බවත් කියා සිටියා.


 ඉන්පසු බස්රථය සිටි දෙදෙනෙක්ද මට එසේම පැවසුවා. එවිට මා බස් රථය ඔවුන්ගේ භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේන් විමසූ විට ඔහු දේ ඒය සත්‍යයක් බව පැවසුවා. ඉන්පසු මා ඔහුට පස්සේ මගකටත් මදකට නතර කරන ලෙස පවසා ,පොලිස්පතිට සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස්රථය තලංගම පොලිසියට යවා පිරිස බස්රථය සිටියදීම ඔවුන්ගේ ඥාති හිතවතුන්ගෙන් එම පිරිසට තම බඩුබාහිරාදිය ලබා දී නැවත පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබුණා .වුන දේ එපමණයි. මා කිසිම විටෙක බස් රථය ආපසු හරවා යවන්නට උපදෙස් නොදුන් අතර  නිෙරා්ධායනය පිලිබඳවත් කිසිම උපදෙසක් ලබා දුන්නේ නැහැ .පොලිසිය භාර ඇමැතිවරයා වගේම මහ ජනතාවගේ නියෝජිතයෙක් ලෙසයි කටයුතු මා කළේ .ඒකට මා පක්ෂ භේද ජාති භේද සමාජයේ ඔවුන් දරන තනතුරු ,ඔවුන්ගේ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැහැ. සියලු දෙනාටම සාධාරණයක් කිරීම තමයි ජනතාව මහජන නියෝජිතයන්ගේ බලාපොරොත්තු වෙන්නේ. දින දාහතරක් නැවතීමට තමාගේ ඇඳිවත පිටින්ම ගෙන යාම අසාධාරණයි .අමානුෂිකයි .ඊට නිසි කටයුතු කරන ලෙස මම පොලිස්පතිට උපදෙස් දුන්නා පමණයි. ඒ අනුචිත ක්‍රියාවක් විය හැක්කේ ආත්මාර්ථකාමී කුහක, දුෂ්ට මනසක් තිබෙන අයට පමණයි.


මගේ වසර 45ක හමුදා සහ දේශපාලන දිවිය තුළ ඕනෑම කෙනකුට මා උදව් උපකාර කළ ඇති ආකාරය ගැන ජනතාව සාක්ෂි දරනවා. එක්තරා මාධ්‍ය ක්ෂණයකින් එක්තරා නිවේදකයෙක්මට ඉතාම අපහාසාත්මක විදිහට ,ඉතාම පහත් විදියට චෝදනා කළා. ඒ වගේම තවත් මාධ්‍ය ජාලයකින් වෛද්‍යවරයෙක් වෙන්න මගේ පුතා ෂ්‍රැන්ග්‍රිලා හෝටලය දී ඊට දින හෙට කලින් විවාහ වූ බවත්, පෙර කී ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියා මට රුපියල් මිලියන දෙකක් ලබාදුන් බවත් දන්වා සිටියා. එය අමුලික බොරුවක්. මගේ පුතා ෂ්‍රැන්ග්‍රිලා හෝටලයදී විවාහ වූ පුවත සහ මට මුදල් ලබා දුන් පුවත අසත්‍යයක් බවත් මේ සභාවේදි මා ප්‍රකාශ කරනවා.  ඒ වගේම මගේ පුතා වෛද්‍යවරයෙක් වන ඔහු ඔවුන්ට ඇඳුම් ගෙන ගියා කියන පුවතත් ඉතාම අමූලික බොරුවක් .




ගරු සභාපතිතුමනි මා වසර 35 ක් නාවික හමුදාවේ රට වෙනුවෙන් සේවය කළා. මේ අය මේ මුදල් වෙනුවෙන්  තමන්ගේ ආත්මය පාවා දෙන ඒ මාධ්‍යවේදියාට සහ ඒ සමාජ ජාලය පුද්ගලයන්ට ඇත්ත වශයෙන් මම අනුකම්පා කරනවා .මම මුහුදේ දී මරාගෙන මැරෙන බෝට් සමග සටන් කර තිබෙනවා. සතුරු ප්‍රදේශයට ස්වෙච්ඡාවෙන් මුහුදෙන් ගොස් ඝාතනය වෙන්න ඔන්න මෙන්න සිටි යුද සෙබළු 400ක් මම බේරාගෙන තිබෙනවා .සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රතිසංවිධානය කළ සියලුම තර්ජන ගම්මානවල සිටි අහිංසක සිංහල සහ මුස්ලිම් වැසියන් ෙකාටින්ගෙන් මම බේරාගෙන තිබෙනවා . රටේ ඒකීයභාවය වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කොට තිබෙනවා. යුද්ධ කළ රණවිරුවන් සමහරුන් ඉතා දුෂ්ඨ ලෙස පාවා දෙන කොට මා ඔවුන් වෙනුවෙන් ස්වෙච්චාවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ද පෙනී සිට තිබෙනවා. අම්පාරේ අහිංසක ජනතාවගේ ජන ජීවිතය මා නගා සිටුවා තිබෙනවා. අද මම පොලීසිය භාර ඇමතිවරයා  ලෙස රටේ ජනතාව කප්පම් කාරයන්ගෙන්, පාතාල දාමරිකයන්ගෙන්, ස්ත්‍රි දුෂකයන්ගෙන් ළමා අපචාරකයන්ගෙන්, මත්ද්‍රව්‍ය තර්ජනයෙන් මුදාගෙන බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකරන්න දිවා රාත්‍රි වෙහෙසෙනවා ,ක්‍රියා කරනවා ,සැලසුම් හදනවා.


 එවන් පසුබිමක් තිබෙන මා හට මා කිසි විටෙක නොකළ දෙයක් කළැයි කියමින් අපහාස කරන අය කුමන අන්දමේ පිරිසක් දැයි මට සිතාගන්න බැහැ. මේ අපහස මට එන්නේ කොටි ත්‍රස්තයින්ගෙන්වත්, .IS අන්තවාදීගෙන්වත් ,පතාල දාමරිකයින්ගෙන් වත් නෙවෙයි .ඔවුන්ගෙන් මට තිබෙන්නේ ජීවිත තර්ජන පමණයි .මේ අපහස එන්නේ අපේම රටේ සාමාන්‍ය පුද්ගලයන්ගෙන්. මෙවන් පිළිකුල් ආකල්ප තිබෙන කුහක මිනිසුන් සහ මාධ්‍යවේදීන් ලෝකෙ කිසිදු රටක සිටී යැයි මා විශ්වාස කරන්නේ නැහැ. අපේ රට ගැන මා ලැජ්ජා වෙන එක අවස්ථාවක් මේ. මා හිතන්නේ වැදගත් දෙමව්පියන්ට දාව බිහිවුන කිසිදු සුජාත පුද්ගලයෙක් තවත් කෙනෙක්ට මේ විදියට අපහාස කරන්නේ නැහැ.


මට මුළු ලෝකේ ඉන්න අපේ රටේ කුහකයන් එසේ අපහාස කරන විට මගේ පුතාට සහ දියණියට සහ ලේලියට අපහාස කරන විට මා වෙනුවෙන් පෙනී සිටි ගෞරවනීය භික්ෂූන් වහන්සේලා, හිතවතුන් ,යහළුවන්, මැතිඇමතිවරුන්, මාධ්‍යවේදීන් හට මගේ ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ,අසත්‍යය දර්ශන, ඡායාරූප වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මගින් ජනතාව නොමග යවන ජනතාවට වැරදි තොරතුරු සපයන අයට විරුද්ධව ඉතා ඉක්මනින් කටයුතු කරන්න බවත් මතක් කළ යුතුයි .මෙවැනි අසත්‍ය තොරතුරු ඔස්සේ මහජන සාමය බිඳවැටීම විවිධ ජාතීන් හා ආගම් අතර බේද ඇති වීම ,ළමයින්ට කාන්තාවට එරෙහි ලිංගික අපරාධ සිදුවීම, ආගම් ඇදිහිලි වලට පීඩා සිදුවීම, විවිධ වංචා ඇති සිදුකිරීම වැනි වැරදියි සිදුකිරීමට තුඩු දිය හැකි නම් එය අප නවතාලිය යුතුයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කවුරුත් ගරු කරනවා. නිදහස් මාධ්‍ය භාවිතයට කවුරුත් ගරු කරනවා. බාධා කරන්නෙ නෑ. නමුත් ඒ අයිතීන් භුක්ති විදීමේ නාමයෙන් ද්වේෂය .වෛරය ඇති කරන ඉතාම ව්‍යාජ තොරතුරු සපයන ඒවා ප්‍රචාරණය කළ පුද්ගලයින් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය අන්තර්ජාල තුළ සැරිසරමින් විමර්ශන කටයුතු සිදු කරමින් වැරදි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අපි කියා සිටිය යුතුයි .




අවසාන වශයෙන් අද මට දිවයිනේ සුප්‍රසිද්ධ සැමගේ ගෞරවයට පාත්‍ර වුණ භික්ෂූන් වහන්සේ නමක් ජනවහරක් මතක් කර දුන්නා. උන්වහන්සේ කියන්නේ සඳ බබලන කොට බල්ලො බුරනවා නරි හූ කියනවා. සඳ බලන්නේ නැතිකොට බල්ලො බුරන්නේ ත් නෑ .නරි හූ කියන්නෙත් නෑ .උන් එළියට එන්නේ හද බබළන කොට පමණයි. මා ඉගෙන ගත් ආනන්ද පාසලෙන් සහ දෙමව්පියන් අපව සිංහල භාෂාවෙන් සාහිත්‍යයෙන් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය කොට තිබෙනවා. අපි සැලෙන්නේ නැත්තෙ වඩාත් පන්නරය ලබන්නේ අන්න ඒ නිසා. අපේ සිත පිරිසිදු නිසා. බුදු හාමුදුරුවෝ කියනවා ගන පර්වතයක් සුළඟෙන් නොසැලෙනක්  ෙමන් උගත් බුද්ධිමත් අය නින්දා ප්‍රසංසා හමුවේ නොසැලී සිටිනවා .බුදු හාමුදුරුවන්ට අපහාස කරනකොට බුදුහාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ ඉන්නවා දුශ්ශීල ජනයෝ. නමුත් ඔවුන්ගේ ඒ අපහාස වලට අපි නොසැලී ඉවසීමෙන් කටයුතු කළොත් පමණයි අපිට සාර්ථක ගමනක් යන්නට පුළුවන් කියලා. අවසාන වශයෙන් කියන්නේ අභූත චෝදනා කරන්නන් උපදින්නේ නිරයේම තමයි.