ග්‍රෑන්ඩ් හයිට්,කලම්බු හින්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් දේපළ සංවර්ධනය කිරීම හා නැවත පණගැන්වීම සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම වෙනුවෙන් භාණ්ඩාගාරයට අයත් සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් (පුද්.) සමාගම යටතේ වූ නව විශේෂ අරමුණු ආයතන (SPVs) හෙවත් උප සමාගම් තුනෙන් පළමුවැන්න ලබන සතියේ ලියාපදිංචි කිරීමට නියමිතය.

ඒ අනුව මෙම පළමු ආයතන පොකුර සෙලෙන්දිවා සදහා ප්‍රාග්ධනය රැස්කළ පසු, එය ඊළඟ පොකුරු වෙත සහ නැවුම් අරමුදල් සඳහා කොටස් වෙළෙඳ පොළ වෙත යනු ඇත.

එහිදී අනෙකුත් ආයතන පොකුරුඅතර ඓතිහාසික මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සී-නොර් සහ කොටුවේ ගෆූර් ගොඩනැගිලි ආදියටද එම ක්‍රියාවලියම අනුගමනය කරනු ඇත.මෙම සංකීර්ණ විධිවිධානය සිංගප්පුරුවේ ටෙමාසෙක් හෝර්ඩින්ග්ස් ආකෘතිය අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මහා යෝජනා ක්‍රමයක කොටසකි. ටෙමාසෙක් සිංගප්පූරු රජයට අයත් වූවක් වන අතර, එය ක්‍රියාකාරී කොටස් හිමියෙකු සහ ආයෝජකයෙකි. ටෙමාසෙක් විසින් සංවිධානය කරනලද දින 10ක සම්මන්ත්‍රණයකටද ශ්‍රී ලංකා නිලධාරීන් සහභාගී වූ අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ද කොළඹට පැමිණියහ.

SPV යනු මව් සමාගමක් විසින් නිර්මාණය කරන ලද උප සමාගම් වේ.

මේ අවස්ථාවේදී ඔවුන්ගේ වත්කම්, වගකීම් සහ නෛතික තත්ත්වය සමග මවු සමාගම සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ය. පසුගිය වසරේ ජූලි මාසයේදී පිහිටුවන ලද සෙලෙදිවා 100%ක් භාණ්ඩාගාරය සතුය. එහි තවත් SPV දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එකක් දේපල වෙළඳාම් ආයතන පොකුරකි. තවත් එකක් උරුම චතුරශ්‍රයක් නිර්මාණය කිරීම සඳහාය. ඒ සියල්ලම උන ක්‍රියාකාරී රජය සතු වත්කම් ඉලක්ක කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා,එවකට වටිනා රජයේ ඉඩම් විකිණුවා යන කටකතා දුරු කිරීමට රජය උනන්දු වෙයි.

අද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වන අතර, මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර ඇමතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාය.“සෙලෙදිවා යනු රජයේ ආයෝජන අංශයයි" පෙරේරා මහතා පැවසීය. "ඌන උපයෝපිත, ඌන ක්‍රියාකාරී රජයේ වත්කම් පවරා ගැනීම, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම, ඒවා ක්‍රියාකාරී සංවිධාන බවට පන්සින්ම සහ කොටස් වෙළෙඳ පොළෙහි ඔවුන්ගේ කොටස්වලින් 49%ක් ලැයිස්තුගත කිරීම සහ රජය වෙත 51%ක් රඳවා ගැනීම සඳහා එය පිහිටුවා තිබෙනවා.”හෝටල් දේපළ ක්ෂේත්‍රය.නියෝජනය කරන මෙම පළමු SPV මගින් කැන්විල් හෝල්ඩංග්ස් (පුද්.) සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීවීසී සහ සිලෝන්-හෙල්ඩ් හොටෙල්ස් කලම්බු (1963) ලිමිටඩ් යන සමාගම් ඒකාබද්ධ කරනු ඇත. එහිදී මෙම පළමු සමාගමට හයට්, දෙවැනි සමාගමට කලම්බු හිල්ටන් සහ තෙවැනි සමාගමට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අයත් වෙයි. එමෙන්ම කැන්විල් පාලනය කරන්නේ, රජයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සහ සේවක අර්ථසාධක අරමුදල මගිනි.ඒ අනුව කැන්විල්, හොටෙල් ඩිවෙලොපර්ස් සහ හොටෙල්ස් කලම්බු එක්ව SPV හි 90%ක කොටස් හිමිකාරීත්වය දරනු ඇති අතර, 10%ක් සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් මවු සමාගම සමග ප්‍රවර්ධන කොටස් ලෙස කටයුතු කරනු ඇති අතර, සෙලෙදිවාට නිෂේධ බලය ලබාදෙන කොටද හිමිවනු ඇත. "

එහිදී SPV හි කොටස්වලින් 49%ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වනු ඇති බව සෙලෙදිවා ඉවෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ෂමාහිල් මොහිදීන් මහතා පැවසීය. මෙම මුදල් ග්‍රෑන්ඩ් හයට් සම්පුර්ණ කිරීම, දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද කලම්බු හිල්ටන් හි කාමර අලුත්වැඩියා කිරීම සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් පුළුල් කිරීම සඳහා යොදා ගැනේ.

එය ලැයිස්තුගත කළ විට, කොටස් ඕනෑම කෙනෙකුට මිලදී ගත හැකි අතර, මෙය ව්‍යාපෘති නැතහොත් ඔබට නැවතත්පුද්ගලික අංශයෙන් කොටස් වෙළෙඳ පොළෙන් මුදල් රැස්කර ගත හැකියි. මේ යෝජනා දෙකටම අප අවස්ථාව ලබාදී තිබෙනවා.”"ඕනෑම උපායමාර්ගයක ආයෝජකයෙකුට පැමිණ එම වත්කම්වලින් ඕනෑම එකක් ලබාගත හැකියි. ඔවුන් එක් සඳහා ප්‍රාග්ධනය රැස්කිරීමේ මාධ්‍ය බවට පත්වනු ඇත. එහිදී සමාගම් කළමනාකරණය කරනු ලබන්නේ කළමනාකාරිත්වය විසිනි.

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන මොහිදීන් මහතා පැවසුවේ ක්‍රම දෙකක් පවතින බවය. “ඔබට උපායමාර්ගික ආයෝජකයෙකු ලබාගත හැකියි.හිමිකාර සමාගමක් යටතේ සිටියත්, ආයෝජකයා විශේෂඥතාව ගෙන එන්නේ නම්, ඒවා 49% - 51%ක කොටස් පදනමක් මත වෙන්කළ හැකියි. මන්දයත් එය අගය එකතු කිරීම සහ තාක්ෂණික විශේෂඥතාව නිසා මේ වත්කම වර්ධනය කර ලාභදායී කිර්මට පුළුවන්. එය අපගේ ප්‍රධාන පරමාර්ථයයි.”

මේවා දිගුකාලීන සැලසුම් වන අතර, ක්ෂණික ප්‍රමුඛතා පවතී. පළමු වැන්න නම්, ගැටලු රැසක් මධ්‍යයේ 2012 සිට එකතැන පල් වී ඇති ග්‍රෑන්ඩ් හයට් සම්පූර්ණ කිය. රු.බිලියන 22ක වියදමින් වැඩවලින් 24%ක් පමණක් සිදුකර ඇත. ඉතාලි කොන්ත්‍රාත්කරුවෙකුගේ සේවය අවසන් කිරීම නිසා ඔහුට යුරෝ මේවා දිගුකාලීන සැලසුම් වන අතර, ක්ෂණික ප්‍රමුඛතා පවතී. පළමු වැන්න නම්, ගැටලු රැසක් මධ්‍යයේ 2012 සිට එකතැන පල් වී ඇති ග්‍රෑන්ඩ් හයට් සම්පූර්ණ කිය. රු.බිලියන 22ක වියදමින් වැඩවලින් 24%ක් පමණක් සිදුකර ඇත. ඉතාලි කොන්ත්‍රාත්කරුවෙකුගේ සේවය අවසන් කිරීම නිසා ඔහුට යුරෝ 12.5%ක් දක්වා වැඩි විය. "මේ වසරේ දෙසැම්බර් මස අවසානයේදී අපි අවහල් ඇතුළු කාමර 222කින් යුත් මහල් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.”
පෙරේරා මහතා පැවසීය.

මාගා, දැන් අනෙකුත් උප කොන්ත්‍රාත්කරුවන් සමග ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස ක්‍රියා කරන බවත්, ගෝලීය හයට් හෝටල් දාමය මෙම  ව්‍යාපෘතියෙන් ඉවත් වී නැති අතර, කොටස් මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බවත් මොහිදීන් මහතා පැවසීය.එය කලම්බු හිල්ටන්ට සමාන විධිවිධානයක් වන අතර, එය ගෝලීය හෝටල් දාමය විසින් පවත්වාගෙන යනු ලබන නමුත් මුදල් අමාත්‍යාංශයට අයත් වන බව හෙතෙම සඳහන් කළේය.එමෙන්ම රු.මිලියන 269ක වියදමින් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලදී. "දැන් අපට අවශ්‍ය වන්නේ ඒ සඳහා වෙළෙඳ පොළක් ඇති කිරීමට සහ ඉතිරි සංවර්ධන කටයුතු පුළුල් කිරීමටයි" සෙලෙන්දිවා ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය. “යෝක් වීදියේ වූ ගොඩනැගිල්ලේ තවත් වර්ග අඩි 160,000ක් පමණ අක්‍රියව පවතිනවා. එම ප්‍රදේශය. වැඩිදියුණු කිරීම සඳහා කොටස් වෙළෙඳ පොළෙන් අරමුදල් රැස් කිරීමට අපට අවශ්‍යයි."

සෙලෙන්දිවා ඉවෙස්ට්මන්ට්ස් සංවර්ධනය කරන දේපළ කුමක් වුවද, නාගරික සංවර්ධන අධිකාරිය වෙත වාණිජමය වශයෙන් බදු දෙනු ලැබේ. "නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම ඉඩම් අත්පත් කරගෙන ඒවා දිගුකාලීන බද්දට අපට ලබාදෙනවා.” මොහිදීන් මහතා පැවසීය. "එය පුද්ගලික ආයෝජකයෙකු වෙනුවෙනුත් ඔවුන් කරන දෙයමයි. මෙහි වෙනසකට ඇත්තේ රජයේම ආයතනයක් ඒ වාණිජමය කොන්දේසි ගෙවීමයි.” එහෙත් මෙම මුල පිරීම චීනයට වටිනා දේපළ භාරදීමේ යෝජනා ක්‍රමයක කොටසක් යැයි අනියත බියක් පැවතිණි. පෙරේරා මහතා කියා සිටියේ  එවැනි කුමන්ත්‍රණයක් නොමැති බවත්, එය හුදෙක් ඌන ක්‍රියාකාරි, භාවිතයට නොගත් රජයේ වත්කම් වර්ධනය කිරීමේ උත්සාහයක් පමණක් බවත්ය.

"අපට ආයෝජකයන්ට වෙනස් ලෙස සැලකීමට නොහැකි බව පැවසීම වැදගත්” යැයි මොහිදීන් මහතා පැවසීය.

 "අපට කවුරුන් වුවත් විනිවිද පෙනෙන ක්‍රියාවලියක් පවතිනවා. තවද සිදුවන ඕනෑම අලාභයක් සඳහා වගවීමක් තිබෙනවා. මේ ආයතන වර්ධනීය මාවතට ගැනීම අපගේ වගකීමක්.” වගවීම ලැබෙන්නේ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කිරීමෙනි. එමගින් ආයතනික පාලනය සහ විනිවිදභාවය පිලිපැදිය යුතුය. මූල්‍ය ප්‍රකාශන අන්තර්ජාලය හරහා ලබාගත හැකිය. වෙනමමසෑම මාස 6කට වරක් කැබිනට් මණ්ඩලයට වාර්තා ඉදිරිපත් කළ යුතුය. ගිණුම් විගණනය කරනු ලබන්නේ ජාතික විගණන කාර්යාලය විසිනි. කෙසේ වෙතත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ගැන සැලකිලිමත් වීමේදී, 2018 ගිණුම් පවා තවමත් විගණනය කර නොමැත. මෙහි සඳහන් කිසිම ගොඩනැගිල්ලක් කඩා බිඳ දමන්නේ නැත. ඒවා සියල්ලම - ආරක්ෂිත වන අතර, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම පමණක් සිදුවෙයි. උරුම චතුරශ්‍රය කොළඹට විශේෂයෙන් වැදගත් බව මොහිදීන් මහතා පෙන්වා - දෙන්නේ, ආයතනික අමුත්තන්ට අමතරව, අගනගරයට සංචාරක වෙළෙඳ පොළක් අවශ්‍ය බවද සිහිපත් කරමිනි. "දැන් අපට කාමර 4,000කට - වඩා තිබෙන අතර, හෝටල් බොහොමයක් එනවා” ඔහු පෙන්වා දුන්නේය.

“මේ සියල්ල සඳහා ශක්‍යතාවක් අප විසින් නිර්මාණය කළ යුතුයි. කොළඹදී සංචාරකයන්ට දැකගැනීමට වැඩි දෙයක් නැහැ. අප විසින් විචිත්‍රත්වය, ආකර්ශනය ඇතිකළ යුතුව ඇත්තේ එය රැකියා උත්පාදනය කරන අතරම, විදේශ විනිමය ආදායම වැඩි කරන බැවිනුයි. අපේ බොහෝ දේපළ, යටත් විජිත ගොඩනැගිලි, සම්පූර්ණයෙන්ම අබලන් වී තිබෙනවා. අපි ඒවා යථාතත්වයට පත්කර ප්‍රදර්ශනය කළ යුතුයි. එම පරිසරය, වාතාවරණය සහ සංස්කෘතිය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සේම, කොළඹ නගරයට වෙනස්ම වෙළඳ නාමයක් නිර්මාණය කිරීමටත් අවස්ථාව සලසනු ඇති.” මොහිදීන් මහතා පෙන්වා දුන්නේය.දැන් සුදානම් වීමට කාලය පැමිණ ඇති බව බලධාරීහු පවසති. එවිට වෙළෙඳ පොළ යථා තත්වයට පත්ව ගෝලීය.ආර්ථිකය ජයථාතත්වයට පත්වන විට ශ්‍රී ලංකාව සූදානව සිටිනු ඇත.

(ද සන්ඩේ ටයිම්ස් - Namini Wijedasa ලිපිය ඇසුරෙනි)