අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් දෙදෙනා
අද දහවල් අභියාචනාධිකරණය මගින් නිදහස් කළ නමුත් අද සවස වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා ලබන
30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.
අභියාචනාධිකරණ ඇප කොන්දේසි ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට නොලැබීම හේතුව ලෙස දක්වා ඇත.

මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු
අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස්
දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද පෙරවරුවේ නියම කර තිබුණි.




දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින්
කොළඹ අපරාධ කොට්ඨාශය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කර රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණා.
 ඇප කොන්දේසි ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට නොලැබීම හේතුවෙන් ඔවුන්
ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.