shavendra-silva-speaks-on-lock-down-extend

දැනට ජුනි 14 වනදා දක්වා පනවා ඇති සංචරණ සීමා  21 දක්වා දීර්ඝ කිරීමට නියමිත බවට අද (6) ඉරිදා පුවත්පත් කිහිපයක් මගින් වාර්තා කර තිබේ. 

සෞඛ්‍ය අංශ හා සංවිධාන මගින් රජයෙන් මේ ගැන කළ ඉල්ලීම් සලකා අදාළ තීරණය ගන්නට නියමිත බවත් එය ලබන සිකුරාදා ප්‍රකාශ කරනු ඇති බවත් එම වාර්තා වල දැක්වේ.


මේ සම්බන්ධයෙන් අද උදෑසන ස්වර්ණවාහිනී  පත්තර විස්තර වැඩසටහනට අදහස් දක්වා ඇති යුද හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා කියා සිටියේ,

දිනකට 3000 කට ආසන්න ප්‍රමාණයක් තවම ආසාදිතයින් ලෙස වාර්තාවීම සැලකියයුතු තත්වයක් බවයි. සංචරණ සීමා රෝගීන් වර්ධනය නිසා අවස්ථා කිහිපයකදී දීර්ඝ කළ බවත් ඉදිරි කාලයේ  දීර්ඝ කිරීම ගැන විවිධ නිර්දේශ පැමිණ ඇති නමුත් තවම තීරණයක් ගෙන නැති බවත්ය. නමුත් ජනතාවගේ ආරක්ෂාව සලසා එම තීරණ නිසි වේලාවට ගනු ඇති බවත්ය.