sinofarm-second-jab-sms

කොළඹ මහනගර සභා සීමාව තුළ සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම (SMS) කෙටි පණිවුඩයක් මගින් දැනුම් දීමට සැලසුම් කර තිබේ.

ඒ පිළිබඳව පැහැදිලි කරන කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනි, වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය,



"කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 8 වනදා සිට ලබාදෙනවා. මෙහිදී ගිය මාසේ 8 වනදා එන්නත් ලබාගත් අයට තමයි මේ මාසේ 8 වනදා එන්නත් ලබා දෙන්නේ. ඒ අනුව කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ අදාළ එන්නත ලබාගත් සියලු දෙනාටම කෙටි පණිවුඩයක් එවනවා. එහි සඳහන් ස්ථානයට පැමිණ එම එන්නත ලබාගන්න පුළුවන්. වෙනදා එන්නත් දුන් ස්ථානයට යෑමට හැකියාවක් නොමැති අයට සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාපිත කරන එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ අදාළ දිනයේදී එන්නත ලබාගන්න පුළුවන්. අදාළ කෙටි පණිවුඩය අද දිනයේ සිට දිනකට හෝ දින දෙකකට කලින් බලාපොරොත්තුවන්න පුළුවන්," යනුවෙන් පැවසුවාය.