දකුණු කොරියානු සමාගම් විසින් සිය සේවකයන් වෙත COVID-19 මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවසර ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීමට එරට සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබාදීම ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙහිදී කර්මාන්තශාලාව හෝ කාර්යාලය තුළ පිහිටුවන සායන හරහා මෙම එන්නත්කරණය සිදුකිරීමට සැලසුම වී තිබේ. ඒ හරහා සිය සේවකයන්ට මෙම COVID-19 මදන ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය වේගවත් කිරීම අරමුණ වී ඇත.පසුගිය පෙබරවාරි මාසයේදී ඇරඹුණු එන්නත්කරණය
යටතේ මේ දක්වා එරට තුළ එන්නත්කරණය සිදුකර ඇත්තේ. මිලියන 15.3ක ජනතාවකට පමණකි. එය සමස්ත ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් පමණ වෙයි. මෙයද එක් එන්නත් මාත්‍රාවක් පමණකි.ඒ අනුව එරට පිහිටි විශාලතම සමාගම් වන සිසුන්ගේ සමූහය සිය සිසුන්ගේ ඉලෙක්ට්‍රොනික්, සැම්සුන්ග් ඩිස්පිලේ සහ සිසුන්ගේ එඩීඅයි යන සමාගම් සිය සේවකයන් වෙත ලබන මාසයේ සිට මෙම එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත. එහිදී එක්සත් ජනපදයේ නිපදවූ Moderna එන්නත් ලබාදෙන බව පැවසෙයි. මීට අමතරව එරට නිෂ්පාදන සමාගමක් වන SK Hynix සහ පැනල නිෂ්පාදනය කරන LG Display යන සමාගමද මෙලෙස සිය සේවකයන් වෙත ඒත්තත් ලබාදීම භාර ගැනීමට ලියාපදිංචි වී ඇතැයි සදහන් වෙයි.
0 Comments