ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තීරණාත්මක එක්දින සහ විස්සයි20 තරගාවලිය ලබන සතියේ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර් සංචිත එක්දින පුහුණු තරගය ඊයේ පැවැත්වුණා.
විස්සයි20 පුහුණු තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල නවාතැන්ගෙන ඉන්නේ මැන්චෙස්ටර්හි old trafford ක්‍රීඩාංගනයේ. මේ ක්‍රීඩාංගන ඉඳලා තමයි පුහුණුවීම් සහ පුහුණු තරඟ සඳහා ඔවුන් සහභාගි වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය සඳහා සූදානම සැලසුම් සහ එංගලන්තෙන් එල්ල වන අභියෝගය පිළිබඳව ඔවුන් තක්සේරු කරලා තියෙන විදිය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු mickey arthur අද දවසේ දී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මිකී ආතර් මෙන්න මේ විදිහට සඳහන් කළා.
අපි පසුබෑමක් ඉන්නවා. අපි හඳුනා ගත යුතුයි අපේ ක්‍රිකට් බ්‍රැන්ඩ් එක වෙනස් කළ හැකි ක්‍රීඩකයන්. අපි මේ දිනවල ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් කරනවා .අපිට හොඳ කාලයක් ලැබිලා තියෙනවා පුහුණුවීම් සඳහා අපි මහන්සියෙන් වැඩ කරනවා .ඉතාමත්ම හොඳ තරගකාරීත්වයකින් යුක්ත පුහුණු තරග දෙකක් අපිට ලැබෙනවා. දක්ෂතම ක්‍රීඩකයන් 24 දෙනෙක් තමන්ගේ ස්ථාන වෙනුවෙන් එකිනෙකා සමගින් තරග කරන කොට ඉතාමත්ම හොඳ තරගකාරී තරග රටාවන් අපිට දැකගන්නට පුළුවන් .මේක අපිට තරගාවලියේදී වඩා වැදගත් වෙයි.
එංගලන්ත ක්‍රීඩකයන්ගේ තරග රටාවන් අධ්‍යයනය කරන ආකාරය සහ එංගලන්තයෙන් එල්ලවන අභියෝග වලට මුහුණ දෙන්න සූදානම් වන ආකාරය පිළිබඳව mickey arthur මෙන්න මේ විදියට අදහස් දැක්වූවා.
එංගලන්ත ක්‍රීඩකයින් මේ දිනවල ප්‍රාන්ත තරග සඳහා ක්‍රීඩා කරමින් ඉන්නවා .අපි ඔවුන්ව අධ්‍යනය කරනවා. මට අවශ්‍ය වෙන්නේ ඕනෑම කණ්ඩායමක් සමග තරග කරන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරගන්න.අපි ටික ටික ඉදිරියට යමින් සිටිනවා. මේ තරගාවලිය තුළ දී එය දැක ගැනීමට හැකියාව ලැබෙයි.
බංගලාදේශ තරඟාවලි අසාර්ථකත්වය පිළිබඳව mickey arthur අදහස් දැක්වුවේ මෙන්න මේ විදියට..
මැද පන්දුවාර වල දී shrek rotation එක තමයි අපි වැඩි කරගන්න ඕනේ .ලබා ගත්ත ආරම්භය පවත්වාගෙන ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා හොඳ අවසානයකට් පරිවර්තන කරන්න අපි කටයුතු කරන්න ඕනේ. අපි බංගලාදේශ අවසන් තරඟයේදී එක කළා. අපි යම් යම් වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී මේ තරගාවලිය තුලදි කරන්න බලාපොරොත්තු වෙනවා .ඒ තුළින් හොඳ ප්‍රතිඵල අපේක්ෂා කරනවා.
ශ්‍රි ලංකා සංචිතය ගත්තාම අපි දකින ප්‍රධානම දුර්වලතාවය තමයි එක දෙක තුන ස්ථානවල ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් සහ ස්ථාන වල වඩා දක්ෂතා දක්වන ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් ඉන්නවා .එතකොට මේ ක්‍රීඩකයන් සාපේක්ෂව පරිණත ක්‍රීඩකයන් නිසා ඔවුන්ව කණ්ඩායමට යෙදෙව්වාම අංක හතර පහ ස්ථානවල හොඳින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන්ට සමහරවිට කණ්ඩායම් තුළ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ට පිතිකරණ ලැයිස්තුවේ වඩා පහලින් තමයි ක්‍රීඩා කරන්න සිදු වෙන්නේ. ඉතින් මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ අසාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. බංගලාදේශ තරගාවලියේදී පළවෙනි තරග දෙකේදී අපි ඉතාම පැහැදිලිවම දැකපු කාරණයක්. ඉතින් මැද පෙළ ක්‍රීඩා කරන දක්ෂ ලෙස ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයින් ramesh mendis වගේ ක්‍රීඩකයෙකු අපේ පලවෙනි තෝරාගැනීම බවට පත් වෙන්නෙත් නැහැ .මේ ගැන mickey මෙන්න මෙහෙම අදහස් දැක්වූවා..
ඒක ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක් .ඒක තමයි අපි කතා කරමින් ඉන්නේ .අපිට එක දෙක තුන ක්‍රීඩා කරන්න ඔන තරම් ක්‍රීඩකයන් ඉන්නවා. නමුත් හතර පහ හය ස්ථාන වල ක්‍රීඩා කරන්න පිතිකරුවන් නැහැ .අපි උත්සාහ කරනවා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ව හතර පහ හය ස්ථාන වල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බවට පරිවර්තනය කරගන්න.. මට හොඳ සැලසුමක් තියෙනවා මැද පෙළට ක්‍රීඩා කරන්න ඕනි කවුද කියන එක ගැන. එක දෙක තුන ධනුෂ්ක , කේ ජේ පී සහ අවිශ්ක ක්‍රීඩා කරනවා. හතර පය හය ස්ථානවලට අපි පුහුණුවීම්වලදී යම් සැලසුම් කිහිපයක් කළා .අත්හදා බැලීම් කිහිපයක් කරා. ඒ දේවල් අපි තරගයේදී යොදාගන්න බලාපොරොත්තු වෙනවා.
2020 පිතිකරණ ලැයිස්තුවේ පිළිබද Mickey Arthur අදහස් පළ කළේ මේ විදියට..
අපි බලනවා ලෝකේ හොඳම කණ්ඩායම් මොනවද කරන්නේ කියන එක ගැන. ඒ අනුව අපි බලනවා අපි කොහොමද අපේ පිතිකරණ ලැයිස්තුව 2020 තරග රටාවට ගැලපෙන විදිහට හොඳ ලැයිස්තුවක් හදාගන්න කියන එක ගැන. ඉතින් අපේ එකිනෙකාට එකිනෙකට වෙනස් rolls තමයි ලබා දෙන්නේ. ඉතිං ඒ දේවල් ඔවුන් හොඳට කළොත් ඔවුන්ට ලෝකයේ හොඳම ක්‍රීඩකයන් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා..
මේ දිනවල මිකි අතුලු ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත තරගවලට අවධානය යොමු කරලා තියෙනවා.. ඉතින් ප්‍රාන්ත තරගවල ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබෙනවා නම් මේක ඉතාමත් වටිනා දෙයක් බවයි මිකී ආතර් සඳහන් කරන්නේ.. ඔහු සඳහන් කරන්නේ ඒ වගේ අවස්ථාවක් ක්‍රීඩකයෙක් ලැබෙනවා නම් මේ සඳහා උපරිම සහයෝගය ඔහුට ලබා දිය යුතු බවයි.. දිමුත් කරුණාරත්න ඒවාගේම රොෂෙන් සිල්වාට පහුගිය කාලයේ දී මේ ප්‍රාන්ත තරග සඳහා ක්‍රීඩා කරන්න ආරාධනා ලැබිලා තිබුණා.. රොෂේන් සිල්වා ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරඟ සඳහා ප්‍රයෝජනයක් ලබා ගත්තෙ නැති එකෙ ඔහුට ඒ අවස්ථාව ලබා දුන්නා නම් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් වඩා හොඳ වෙයි කියලා තමයි අපේ විශ්වාසය..
ශ්‍රී ලංකා කණ්ඩායම් මේ දිනවල පුහුණුවීම්වලදී බය නැතුව ක්‍රීඩා කරන විදිය ඒ වගේම positive බැට් කරන විදිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරපු බව තමයි මිකී ආතර් සඳහන් කරන්නේ.මේ සියලුම දේවල් එක්ක තමන්ගෙ consistency තියා ගැනීම අත්‍යවශ්‍යම දේ බවත් මිකී ආතර් පෙන්වා දුන්නා. ඊයේ පැවැත් වෙච්ච පන්දුවාර 50 පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ද ක්‍රීඩකයින් දක්ෂතා දැක්වූයේ මෙන්න මේ විදියට.
තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුණේ ramesh mendis. ඒ වාගේම පිතිකරුවන් අතරින් අවිශ්ක ප්‍රනාන්දු ඉතාමත්ම හොඳින් ලකුණු අතරට පිවිසුනා. මේ හැරෙන්න බලාපොරොත්තු තබාගෙන හිටපු පිතිකරුවන්ගෙන් හොඳ ඉණිමකින් ලොකු ඉණිම ටිකක් අපිට දැකගන්නට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි පන්දු යවන්නන්ට වඩා හිතකර තණ තීරුවක් බව තමයි අපිට මේ තරගය දිහා බැලුවහම පෙනී ගියේ .පන්දු යවන්නන් ඉතාමත්ම හොඳින් තමන්ගේ දක්ෂතා අතරට පැමිණීම කැපී පෙනෙන සහ වැදගත් සාධකයක් බවට පත්වනවා.. කෙසේ වෙතත් බංගලාදේශ තරඟාවලියේ දී පුහුණු තරගයේ දී වැඩිම ලකුණුලාභියා වෙච්ච නිරෝෂන් දික්වැල්ල පළමු තරග දෙකටම ක්‍රීඩා කළේ නැහැ .ඉතින් මේ පුහුණු තරඟ වලදී දක්වන දක්ෂතා කණ්ඩායම තේරීමේ දී කොහොමද වැදගත් වෙන්නේ, කොහොමද යොදාගන්න කියන එක පිළිබඳව මිකී මෙලෙස අදහස් දැක්වුවා..
දික්වැල්ලව අපි මැද පෙළ පිතිකරුවෙක් විදියට යොදා ගන්න තමයි බලාපොරොත්තුව. ඔහු swep එක ගහනවා. ඒ වගේම ස්ට්‍රයික් එක rotate කරනවා. මැද පෙළ පිතිකරුවෙක් කරන්න අවශ්‍ය දේ ඔහු ඉතාමත්ම හොඳින් කරනවා. ඉතින් අපි මුල් ස්ථාන තුන සඳහා අනිවාර්යයෙන්ම කුසල් ජනිත් ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දුව යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ramesh mendis ඉතාමත් හොඳින් කළා. අපි බලනවා තත්ත්වයන් සහ තරගයේ ස්වභාවය අනුව ඒ වගේම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය අනුව කණ්ඩායමේ සංයුතිය හැදෙන්නේ කොයි ආකාරයටද කොයි විදිහටද අපේ කණ්ඩායමේ සංයුතිය නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙන්නේ කියලා. ඇත්තටම ramesh mendis ඉතාමත්ම හොදින් දක්ෂතා දැක්වූවා පහුගිය මාස හය තුළදී. ටෙස්ට් තරග වලදී ඔහු ඉතාමත්ම හොඳටම තමන්ගේ හැකියාවන් පෙන්නුවා .ඒ වගේම මේ තණතීරු තුලදී රමේෂ් හොඳට පන්දුව කැව්වා. ප්‍රවීන් ජයවික්‍රම ගැන විශේෂ කතා කළ යුතුයි ඔහු ඉතාමත්ම මැනවින් මේ තරගයේදී පන්දු යැවුවා මම දැක්කා. දඟ පන්දු යවන්නන් අතර තරගයක් නිර්මාණය වෙන එක ඉතාමත්ම හොඳයි .මොකද අපිට ලොකු කුසලානය ක්‍රීඩා කරන්න වෙන්නේ බොහෝ විට දග පන්දු යවන්නන්ට හිතකර තණතිරු වල. ඉතින් මේ ටෙස්ට් කණ්ඩායම ගැන මම සෑහීමකට පත් වෙනවා. අපේ white ball team එකත් ඒ මට්ටමට ගේන්න තමයි මම උත්සාහ කරන්නේ. ගොඩක් ක්‍රීඩකයින් දැන් හොඳින් තමන්ගේ දක්ෂතා පෙන්වමින් ඉන්නවා අපි බලනවා ඔවුන්ව මොන මොන තැන් වලට ද ආදේශ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ඒ තැන් වලට සුදුසු ක්‍රීඩකයන් ඒ ඒ තරග වලට අනුව ආදේශ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
ලසිත් මාලිංග එක්දින පිටෙන් ඉවත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතළ පාඩුවක්. ඔහුගේ ඉවත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යනව බල ඇණියේ රික්තකයක් නිර්මාණය කරලා තියෙනවා .ඉතින් මේ රික්තය පුරවන්න බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියලා මිකීට ප්‍රශ්නයක් යොමු උනා. ඒකට මිකී දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
ඇත්තටම ලසිත් මාලිංග කියන්නේ legend එකක් .ඔහු ලෝකේ බිහිවෙච්ච විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඔහුව replace කරන එක පහසු දෙයක් නෙමෙයි. එයා තමයි හොඳම ක්‍රීඩකයා. හැබැයි අපිට හදාගන්න පුළුවන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. දුෂ්මන්ත චමීර මේ දවස්වල ඉතාමත් හොඳින් තමන්ගේ කාර්යය කරමින් ඉන්නවා.. ඉතින් චමීර ඒවගේම උදාන නුවන් ප්‍රදීප් අපිට ඒ තැනට ගේන්න පුළුවන් ක්‍රීඩකයන්. ඒ වගේම අපිට තරුණ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා ඔවුන් ඉතාමත් හොදින් දක්ෂතා දක්වමින් ඉන්නවා. විශේෂයෙන්ම ධනංජය ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු ඒ වගේම ඉශාන් ජයරත්න සහ චාමික කරුණාරත්න මේ ක්‍රීඩකයන්ව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අරගෙන ඉන්න.
මෙන්න මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත අභියෝගයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ.. 2020 ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ඉන්න එංගලන්තයට මුහුණදීම සඳහා පුහුණු වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර් සංචිතයට 2020 තරගයට හෙට දවසේ දී ක්‍රීඩා කරනවා..
- CRICK VIDU
0 Comments