susantha-chandramali-speaks

ජීවිතේ අපිට හැමදාම එකම විදිහට සලක්නෙ නෑ...සමහර අවස්ථා වලදී අපිට ඉතාම අසීරු කාල පරිච්ඡේදයක් පසු කරන්න වෙනවා...අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් පසුගිය දවස් වල අභියෝගාත්මක ඉතාම අසීරු කාල පරිච්ඡේදයක් පසු කරා...ඇය මේ කාලය තුල ලබපු අත්දැකීම් ලබපු පන්නරය සමස්ත කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ලොකු පන්නරයක් විශ්වාස කරන නිසාම ඇය එකඟතාවය පළකලා අපිට ඇයගේ කතාව කියන්න... එහෙමනම් අපි අහමු ඇයගේ කතාව....ඇය සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය...ආයුබෝවන් ඔබට...ඇත්තටම පහුගිය කාලේ මොකක්ද උනේ...?
                                  ''මම ඉතාම සැහැල්ලුවෙන් ලැබෙන විදිහක් හොඳයි කියලා බාරගන්න කෙනෙක්...පොඩි කාලේ ඉදන්ම මම ඒ පුරුදු වෙච්ච හැටි...හැබැයි 2020 මාර්තු මාසේ ටිකක් අභියෝගාත්මක කාලයක් කියලා මාට කියන්න පුළුවන් මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම අභියෝගය කියලා හිතෙනව ඒක...මට හිටපුගමන් මගේ ශරීරයේ පුංචි වෙනසක් සිදු උනා...මම කැමති ඒක ඒ විදිහටම කතා කරන්න...මගේ මේ පියයුරුවේ පොඩිවෙනසක් ඒ කියන්නේ තද ගතියක් වගේ දැනුනා මට...පිළිකාව ගැන මම වැඩසටහන් කරලා තියෙනවා සෞඛ්‍ය ආමාත්‍යංශය මමත් මගේ දුවත් එකතු වෙලා...ඒ නිසා පිළිකාව ගැන මම ටිකක් අවධානයෙන් ඉන්න කෙනෙක්...පරීක්ෂණ කටයුතු වලට මම අවුරුද්දකට සැරයක් මම අනිවාර්යෙන්ම පෙනී සිටිනවා...පිළිකාව මූලික ලක්ෂණය නම් පනිනවා වගේ පොඩි ගැටිත්තක් තියෙනවා කියලා ඒත් මගේ තිබ්බේ හකුරු බෑයක් පීරිසි කෝප්පයක් අනිත් පැත්ත හැරෙව්වා වගේ තද ගතියක් තිබ්බා...ඉතිං මගේ ළඟපාත අය ඉන්නවනේ මගේ අම්මා මගේ නංගිලා මගේ දුව ඒ අයට මම මේ ගැන කිව්වා...මට ඒක දැනුනේ මම නිදාගෙන ඉන්නකො එක පැත්තකට හැරෙනකොට එක පැත්තක වෙනසක්...එතකොට තමයි මගේ අවධානය වැඩිපුරම ආවේ...මම ඒක ගෙදර අයට කිව්වාම ඒ අය කිව්වා ඒක සාමාන්‍යයි..ඒක හැටි කියලා ඒත් මගේ යටි හිතේ තිබ්බා මොකක්හරිද දන්නේ නෑ කියලා...

ඊට පස්සේ මගේ අසැල්වැසි සහෝදරියකට මම පෙන්නලා ඇහුවා මේක සාමාන්‍යයි කියලා හැමෝම කියනවා ඔයාට මුකුත් තේරෙන්නේ නැද්ද කියලා...එයා බලලා කිව්වා තදයි තමයි අදම DOCTOR කෙනෙක්ට පෙන්නමු කියලා කිව්වා....මම ඊට පස්සේ කුමරුට කිව්වා මෙහෙම දෙයක් තියෙනවා අපි මේක පෙන්නමු කියලා..ඒත් මට අවබෝධයක් තිබ්බේ නෑ...පළවෙනි වතාවටනේ මෙහෙම දෙයක් උනේ...මට අවබෝධයක් නෑ කොතනටද මම යන්න ඕනේ කියලා...මගේ පවුලේ වෛද්‍යවරයා ඉන්නව නිශාන් සිරිවර්ධන...මම එයාගේ ළඟට තමයි හැම එකම ගිහින් කියන්නේ නමුත් කාන්තාවන්ට පොඩි ගැටළුවක් තියෙනවනේ පියයුරුවෙනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මම කාටද කියන්නේ කියලා ප්‍රශ්ණයක් තිබ්බා...එයා කිව්වා ඇයි අක්කා දන්නෙ  නැද්ද නාරාහේන්පිට මේ සම්බන්ධම පිළිකා මර්ධන වෛද්‍යවරු ඉන්නවා කියලා නාරාහේන්පිට එතනට යන්න කිව්වා...ඊට පස්සේ උදේම මම ගියා... ''


●ඔබේ පියයුරේ වෙනස හඳුනාගෙන පරීක්ෂණ සඳහා යොමුවෙනවානේ...ඒ පරීක්ෂණ වලින් පස්සේ ඔබට දැනගන්න ලැබෙනවා ඔබට තියෙන්නේ පිළිකාවක් කියලා...කොහොමද ඒක භාරගත්තේ ඔබ..?
                          ''ඒක භාරගන්න මගේ හිතේ කැමැත්තක් තිබුනේ නැති උනත් යටි හිතේ පුංචි සැකයක් තිබුනා මට...හොඳදේවල් ජීවිතේට ලැබෙනකොට දෝතින්ම බාරගන්නවා වගේ ඒ වගේ දෙයක් ලැබුනම බාරගන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි...මම ඊළඟට කල්පනා කලේ මේකට විසඳුමක් හොයන්නේ කොහොමද කියන එක...''

●ඊට කලින් මානසික සූදානමක් තිබ්බද මට මේ වගේ දෙයක් වෙයි කියලා....?
                           ''කවදාවත් මම හිතුවේ නෑ....මොකද මගේ ජීවන රටාව හැටියට මගේ කෑම බීම පිළිවෙලේ හැටියට....පුංචිකාලේ මට ගමේ අය ගෙදර අය කිව්වේ ගුණවතී කියලා හේතුව මම හැමදේම කන්න බොන්න කලින් මම හිතන්නේ ඒකේ ගුණේ මොකක්ද කියලා...එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා...ඒ නිසා මට ලොකු විශ්වාසයක් තිබ්බා මට කවදාවත් ඒ වගේ දේවල් වෙන්නේ නෑ එච්චර භයානක දෙයක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ...ඒ උනාට 2% වගේ මට මේ දැනිච්ච පෙන්නපු දෙයත් එක්ක එහෙම එකක් මගේ හිතේ තිබ්බා...අපි මේ ඉළියෙන් මොනා හිතාගෙන හිටියත් මොනවා කලත් අපි දන්නේ නෑනේ මේ ශරීර කූඩුව ඇතුලේ මොනවා වෙනවද කියලා දන්නේ නෑ.... ඒක ස්තීර උනා කියලා මම කඩාගෙන වැටුනේ නෑ...මෙච්චර දියුණු ලෝකයේ ඕවට විසදුම් තියෙනවනේ එතන පොඩි තිගැස්මක් ඇති උනා...ඒ වගේ වෙලාවක පොඩි කඩා වැටීමක් වෙනවා මානසිකව..එහෙම උනත් මම ඊළඟට හිතුවේ මොකක්ද කරන්නේ කියලා....''

●ඔබට පිළිකාවක් තියෙනවා කියලා ඔප්පුඋනාට පස්සේ කොහොමද ප්‍රතිකාර වලට යොමු උනේ...?
                               ''අපිට ජීවිතේ ගැටළුක් ආවාම අපි බුදුන් වදින්න යනවා දේවාලෙට යනවා බුදුන් වදිනවා ඒ වගේ ලෙඩක් හැදුනම මගේ ශරීරය උනාට මගේ ශරීරය ඇතුලේ මොනවා තියෙනවද කියලා දන්නේ නෑ...ඒ පිළබඳ දැනුවත් අයගෙන් තමයි අපි ඒකට පිහිට පතන්නේ....මගේ වෛද්‍යවරයා තීරණය කලා මෙකට ඉතාම වැදගත් වෙයි අපේක්ෂා රෝහලටම සම්බන්ධ උනොත් කියලා...ඉතිං මට එන්න කියලා doctor කනිෂ්ක සිල්වා,doctor ප්‍රසාද් අබේසිංහ ඉක්මනින් මුනගස්වලා මගේ ඉක්මනින්ම පියයුරුවක් අයින් කරන්න උනොත් අයින් කරනවා කියන තැනට ආවා...හැබැයි මට මහලොකු කණගාටුවක් ආවේ නෑ...ඉතා සංතෝසෙන් ජීවිතේ අඩක් පමණ ජීවත් වෙච්ච කාන්තාවක්...මම ගැන හිතනවා මම පළවෙනියෙන් දැන් මම හිතන්න ඕන මගෙ දරුවා ඉන්නවා සැමියා ඉන්නවා මාව ඕන අය ගොඩාක් ඉන්නවා ඉතිං ඒ අය වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕන...පියයුර තිබිලා මම මැරුනොත් වැඩක් නෑනේ...මම ඇත්තටම හිතුවා මේ වගේ දරුණු රෝගයකින් ගැලවීම තියෙන්නේ මේකනම් ඒක ප්‍රශ්ණයක් නෑ කියලා....මම ඒ වෙලාවේ මගේ වෛද්‍යවරුන්ට කිව්වා ඔබ තුමන්ලා තීරණයක් ගන්න මට තේරෙන්නේ නැති නිසයි ඔබතුමන්ලා ලඟට ආවේ මම ඕනම දේකට එකඟයි කියලා...''



●ඔබේ රෝගය පිළිබඳ දැනගත්තම ඔබේ හිතවතුන් යම් යම් දේවල් ඒ කියන්නේ විවිධ මිත්‍යාමත වෙන වෙන දේවල් තියෙනවා එතකොට වෛද්‍යපතිකාර වලට අමතරව අපි යොමු වෙමු කියලා අදහස් ආවේ නැද්ද...?
                      ''මගේ පවුලේ මමත් සැමියත් දුවත් දැන් පුතෙකුත් ඉන්නවා දුවගේ සැමියා විදිහට...අපේ පවුලේ ගොඩක් වෙලාවට පළවෙනි තීරනේ ගන්නේ අපි කට්ටිය එකතු වෙලා...කොරෝනා ප්‍රශ්ණය නිසා මේක ගොඩක් පිටට ගියේ නෑ කියල කියන්නඕන...මම බෞද්ධ කාන්තාවක් සිංහල කාන්තාවක් ඒක නිසා මම හෙළවෙදකමට මම ඉතාම ගරු කරනවා...ඒත් ඉතාම පැහැදිලිව පේන බටහිර වෛද්‍ය ක්‍රමය හොඳයි කියලා තෝරගත්තා...මට මාව විතරක් නෙවෙයි අනිත් අයට ඉතාම අවශ්‍යයි මාව...ඒ නිසා මගේ ජීවිතය පරීක්ෂණ කටයුතු වලට යොදාගන්නවට වැඩිය මේ වෙලාවේ ඉක්මනින් සුව වෙන්න ඕන කියන එක තමයි මගේ තීරණය උනේ...''

●අපේ ගොඩක් කාන්තාවන් රෝගයට වඩා බය වෙන්නේ රෝගයට පිළියම් කරද්දි මතු වෙන යම් යම් තත්ව වලට.....සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙක් සහ පිළිකාවකට බේත් කරනවා කිව්වාම අපිට මැවෙන රූපයක් තියෙනවනේ...කොන්ඩේ යනවා,හම කැත වෙනවා,කන්න බැරි වෙනවා මෙහෙම අපි හැමෝගෙම මනසේ මැවෙන රූපයක් තියෙනවා...දැන් ඔබ මේ ප්‍රතිකාර කරගෙන යනකොට මේ ටික ඒ විදිහටම ඔබ පහු කලානේ...කොහොමද ඔබ හොඳවිදිහට පෙරලගත්තේ කොහොමද...?
                                ''මම මේ අවස්ථවකට මුහුණ දුන්න පළවෙනි අවස්ථාව උනත්...අපිට හොඳ අද්දැකීමක් තියෙනවනේ ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අපේ යෙහෙළිය එයා මේරෝගය වැලඳිලා රෝගයට මුහුණ දුන්න ආකාරය පිළිබඳව...අපි ජනප්‍රිය කාන්තාවො බව ඇත්ත මෙහෙම අසනීපයක් හැදුනම මේවා වසංගන්න ඕනනෑ...එයාට ඒකේ ප්‍රතිඵලය ලැබුනේ ඒක නිසානෙ එයා නිසි ප්‍රතිකාර අරං නිසිතැනට යොමු උනානම් කලට වෙලාවට බේත් කලානම් අද අපිට එයාට අහිමි වෙන්නේ නෑ....රෙබෙකා ඒ කාලේ මාත් එක්ක එක flat එකේ හිටියේ මත්තේගොඩ....මට  ඒක කිසිම බයක් නැතුව කියන්න පුළුවන් ඒ පිළිබඳව...ඒ පාඩම මගේ ජීවිතයටහොඳටම ගැලපෙනවා...මට ඒ දේ කියනකොටම මමකල්පනා කලේ මේවට මේච්ච දියුණු ප්‍රතිකාර තියෙනවා අපේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා දෙවිවරු වගේ ඇයි අපි ඒවයින් ප්‍රයෝජන ගන්නේ නැත්තේ...අනික ඒ අය ඕන වෙලාවක අපිට ප්‍රතිකාර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඒකයි මම ලොකු විශ්වාසයකින් ඒ තැන් වලට ගියේ...දැන් මම බය නැතුව කියනවා පිළිකා රෝගියෙක් කියලා නමුත් මුල් දවස් වල මට මගේ සැමියට දුවට එහෙම කියනකොට අමුතු තිගැස්මක් දැනෙනවා...දැන් මම සුව අතට හැරෙමින් ඉන්න නිසා....''

●බොහෝ අයට තියෙන දෙයක් තමයි පිළිකාව කියන වචනේ පාවිච්චි කරන්න කැමති නෑ...ඊට වඩා බය රෝග තියෙනව නමුත් අපේ හිතේ බයක් තියෙනවා මේ ලෙඩේට...?
                        ''මේක අපි උවමනාවෙන් හදාගන්න ලෙඩක් නෙවෙයිනේ...අපිට දෛවය හොඳ දෙවල් දෙනවා වගේම මේ දෙත් දුන්නා....ඒක මම මගේ අගමේ හැටියට විශ්වාස කරනවා පෙර කර්මයක් වෙන්නත් පුළුවන් නැත්තම් මේ ආත්මේනම් මදුරුවෙක් මරණවා ඇරෙන්න වෙන පවක් නම් කරන්නේ නෑ....ඒ උනාට ජීවිතේ කියන්නේ මේක තමයි...ලැබෙන ඕනම දෙයක් අපි බාරගන්න ඕන...කාන්තාවක් විදිහට මම හරිම ශක්තිමත් මම හිතනවා මම යකඩ ගැහැණියක් කියලා...චුට්ටක් කඳුළු වැක්කෙරෙන එක වෙනම දෙයක් ඒ උනාට දරාගැනීමේ ශක්තිය මට තියෙනවා...මගේ පවුලේ අයගෙ මගේ දුවගේ සැමියගේ ආදරය මාව සුවපත් කරන්න ලොකු ශක්තියක් උනා මගේ අම්මා මල්ලි මේ හැමොම මං වටේ පවුරක් වගේ හිටියා මම තනි වෙලා නෑ කියලා දැනෙන්න ඒ අය මාව ශක්තිමත් කලා...මම හිතනවා ඒකත් සෑහෙන්න වැදගත් රෝගීතත්වයේ ඉන්න අසරණ රෝගියෙක්ට...kimo therapy වලින් මගේ කොන්ඩේ ගොඩක් ගියා මම සමහරක් වෙලාවට bathroom එකෙ ඉදන් හයියෙන් අඩනවා....එතකොට තිසු ඇවිත් ලොකු එක්කෙනෙක් වගේ මගේ හිත හදනවා...පස්සේ පස්සේ ඒක මහ කාලයක් ගියෙ නෑ මම මේකට මුහුණ දෙන්න ඕන කියලා,මේ ගිරිදුර්ග ගෙවාගෙන යන්නෙ සුවපත්වෙන්න මගේ ජීවිතේ ආයිත් මට ලැබෙනවා මට පේනවා...කාන්තාවො හැටියට අපි ඊට වඩා දේවල් වලට මුහුණ දෙනවා ඒ නිසා එතනදි මම ශක්තිමත් උනා මගේ ගෙදර අයගේ ලොකු පිටුවහලක් හම්බුනා...''

●කොහොමද එක මිනිස්සු දැනගත්තේ...?
                                                     ''ගෙදරට වෙලා ඉදලා ඉදලා ගෙදරයි අපේක්ෂා එකයි ඇඳිරිනීතියත් දාලානේ curfew pass අරගෙන තමයි මම යන්නේ මගේ kimo therapy වලට මම පස්සේ doctor ගෙන් ඇහුවා මම ටිකක් එළියට ගිහින් එන්නද හිත හදාගන්නත් එක්ක කියලා සෙනඟ ගැවසෙන තැන් වල ඉන්න එපා මහන්සි වෙන්න යන්න එපා කමක් නෑ ඔයාගේ හිත හදාගන්න එක්ක ගිහින් එන්න කිව්වා...කතරගම ගියා කතරගම ගිහින් දැන් මම scarf බැදගෙන තමයි යන්නේ අයි මගේ කොණ්ඩෙ නෑ තට්ටෙනේ ඒත් ප්‍රශ්නයක් නෑ මගේ වටේ ඇලිච්චා වගේ කට්ටිය ඉන්නවනේ ඒ නිසා මට ඒ වෙනස තේරෙන්නෙ නෑ...කතරගම ගිහින් මේ අය එක්ක ගත්ත photo එකක් තිසූ බෑ කියද්දිම කමක් නෑ පුතේ අපේ අය දැන් මාව හොයනවනේ තුන් කට්ටුව එකටම ඉන්න තුන්දෙනා මම නැති උනාම ලොකු ප්‍රශ්ණයක් කට්ටියට ඒ නිසා මම කිව්වා දාන්න කියලා...පැය දෙකක් තුනක් ගියේ නෑ you tube එකේ දාලා gossip දරුණු පිළිකාවකින් පෙලෙනවා සුසන්තා චන්ද්‍රමාලි කියලා...මගේ දෝණි තාම ඒ අය පොඩිනේ ඒ අයට දරාගන්න අමාරුයි ටිකක්...එයා පස්සේ මට දොස්  කියනවා අම්මි තමයි දාන්න කිව්වේ මම දැම්මේ නෑ කියලා ඉන්න පැටියෝ ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්න කියලා මගේ හිතට දැනෙන දෙයක් මම face book එකට දැම්මා....තිත්ත උනත් ඇත්තඒක මම පිළිකා රෝගියෙන් මම සුව වෙමින් ඉන්නවා මට ආදරේ කරන අයට මේක කියන්න ඕන කියලා මම දැම්මා...ඒක share කරපු අය comment කරපු අය 27000 පැන්නා එක දවසට...ඒ වෙලාවේ මම ඉකිගහලා ඇඬුවා...මිනිස්සු මෙච්චර අපිට ආදරෙයිද කාලාකාරයො කියන්නේ වාසනාවන්ත පිරිසක්ද කියලා....''

●ඔබේ පවුලේ අයගේ ආදරය ඔබට ලොකු ආශිර්වාදයක් උනානේ මේ අවස්ථාවෙදී...පවුලේ වටිනකම මම හිතන්නේ සිය දහස් වාරයක් දැනෙන් ඇති පසුගිය කාලය තුල...?
                                 ''අපි ශක්තිමත්ව ඉන්නකොට අපිට පිටතින් ලැබෙන දේවල් වල වටිනාකම දැනෙන්නේ නෑනේ...අපි පොඩ්ඩක් දුර්වල උනාම අපි වැටිච්ච වෙලාවට අපි ළඟ කවුරු හරි ඉන්නවානම් අපේ ඔළුව අතගානවනම් අපේ හිත හදන්න කතා කරනවනම් ගෑනු අය විතරක් නෙවෙයි පිරිමි අයත් ඒකට කැමති කියන්නෙ නැති උනාට...ඉතිං ඒ නිසා ඒක ලොකු දෙයක් උනා...''

●මේ වගේ වෙලාවට දුවෙක්ගෙන් ලැබෙන ආදරය වෙන කොහෙන්වත් හොයාගන්න බෑ කියල ගොඩක් අය කියනවා...?
                                ''ඒක ඇත්තම ඇත්තයි සත්තයි....මගේ අම්මා තාත්තා තාම ජීවතුන් අතර ඉන්නවා මගේ මල්ලි ඉන්නාව නංගිලා ඉන්නවා ඒ අය මං වෙනුවෙන් ඕන දෙයක් කැපකරන්න කැමති....ඒ උනාට මගේ දෝණි කැමති උනේ නෑ එයා ඇරෙන්න පුංචි කෙනෙක් වත් මගේ ළඟ ඉන්නවට එයාට ඕන උනේ එයාම ළඟ ඉදගෙන මගෙ වැඩ කටයුතු කරන්න...''



●ගොඩක් දෙනෙක් පිළිකාවට ප්‍රතිකාර කරන්න යොමු වෙන්නේ නැත්තේ පිළිකා ප්‍රතිකාර හරහාතමන්ට තමන්ගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් නිසානේ ඒ ඒ දේවලි විඳින්න කැමතිනෑ...තියෙන ලොකුම ප්‍රශ්නය තමයි...ඒ වෙනස් වෙච්ච පෙනුම එක්ක ඉස්සරහට එන්නකැමති නෑ.....?
                            ''කාන්තාවකට කොණ්ඩය කියන්නේ ලොකු ආභරණයක්...අපි ගොඩක් වෙලාවට ඒකෙන් යැපෙනවා...මම හැමදාම මගේ ශරීරයේ අනිත් අංග වගේම කොණ්ඩෙට ගොඩක් ආදරය කරපු කෙනෙක්....මගේ ජීවිතේ මම නිළියක් උනා කියලා කවදාවත් straight කරලා නෑ,color කරලා නෑ,එක එක style කරලා නෑ...බෙහෙත් තෙල් ගෙදර හිඳලා තමයි මම කොණ්ඩෙට කරන්නේ...ඒ වගේ හිටිය කෙනෙක් මම...ශක්තිමත්ව කතා කරන කෙනෙක් උනත් මමත් වැටුනා...මම කෑගහලා අඬනවා ඒ වෙලාවට කුමරු එන්නේ නෑ එයාට ටිකක් දරාගන්න අමාරුයි ඒ වෙලාවට දෝණි ඇවිල්ලා තමයි ලොකු අම්මා වගේ උපදෙස් දෙන්නේ....මට ඒ වෙලාවේ ඉතාම ඉක්මනින් නොමිලේ wig එකක් ලැබුනා...indira foundation doctor ලංකාලගේ...
මට වගේම පිළිකා රෝගින් බොහෝ දෙනෙකුට ඒ පහසුකම ඒ අය සලසලා දෙනවා...ඒත් මම කල්පනා කලා මම රෝගියෙක්නම් kimo therapy වලින් මගේ කොණ්ඩෙ යන එක සාමාන්‍ය දෙයක්....ඉතිං මම මේ බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නවා කියල කට්ටිය දන්නවනේ මම කල්පනා කලා ඇයි මට හයියක් නැත්තේ මේ තියෙන විදිහෙන් ඉස්සරහට යන්න බැරි ඇයි කියලා..මාව බලන්න එන අයට අපහසුවක් නිසා මගේ නංගි මට WOOL වලින් පාට පාට තොප්පි ගොතලා දීලා තිබ්බා මම ඒ තොප්පියක් දාගෙන එනවා ඉස්සරහට එනකොට ඒ මට අපහසුවට නෙවෙයි ටික වෙලාවකින් මම අහනවා කමක් නැද්ද මම මේක ගලවලා හිටියට කියලා මට පුළුවන් උනා ඒ පැත්ත ගැන සුභවාදීව හිතන්න පුදුම පහසුවක් මට මේක.....kimo therapy ඉවර උන ගමන්මගේ කොණ්ඩේ තිබ්බට වඩා හොඳට එයි කියලා doctor කිව්වා...මගේ ඉන්න ලොකුම අය තමයි ඒ අය...මගෙ ජීවිතේ මම ඒ අයට භාරදීලා තියෙන්නේ...ඒ විශ්වාසයත් රෝගියෙකුට සෑහෙන ලොකු ශක්තියක් වෙනවා...මගෙ kimo therapy ඉවරයි radio therapy ඉවරයි...කට්ටිය කියනතරම්ම යකා කළු නෑ...පොඩි පොඩි අපහසුකම් තියෙනවා කන්න බැරිකම්,ඇඟපත රිදෙනවා ඒවා ටික දවසයි ඊට පස්සේ මම මේ ගෙදර වැඩ කරගෙන ඉන්නවා මගේ දෝණි එක්ක...කිව්වා කියලාඇඳට වෙලා ඉන්නේ නෑ මම ලෙඩෙක් කියන එක මගේ ඔළුවේ ඇත්තෙම නෑ... ''

●සාමාන්‍යයෙන් ජීවිතේට ලොකු පහරක් වැදුනම ලොකු කම්පනීය සිද්ධියක් උනාම බොහෝ දේවල් වෙනස්වෙනවා...මේ සිද්ධියත් යම් තරමක විශාලකම්පනයක් ඔබේ ජීවිතයට...ඔබ වෙනස් උනාද මේ සිද්ධියෙන් පස්සේ....?
                                 ''ගෙදර අය මගේ වගකීම් ටිකටික ඒ අය බෙදාගත්තා...බැංකුවට ගිහින් ඒ වැඩටික කරන්නම් එළවළු ටික අම්මි මම ගේන්නම් කියලා මොනාද ඕන කියලා එහෙම එකකට ආවා...තේ එක හදලා කාබරේට ගෙනත් දෙනවා ජීවිතේට මට නොලැබිච්ච පහසුකම් ඒවා...ළඳරුවෙක් කියන්නේ අපි අපේ දරුවන් බලා ගත්තේ අන්න ඒ තත්වෙට ආවා...''


●ඔබේ නිවස හරිම සුන්දරයි එළවළු පළතුරු වගා කරලා තියෙනවා මේ හැමදේම ඔබ අතින්මද සිදු උනේ..?
                        ''50%කට වඩි මහන්සි වෙන පැත්තේ ඊටත් වඩා දේවල් සිද්ධ වෙන්නේ අපේ කුමරුගේ අතින්...මත්තේගොඩ flat එකක හතරවෙනි තට්ටුවේ මම හිටියේ ඒ කාලේ මම මල් පැලේකට වතුර දාන්න කිව්වාම අදි මදි කරලා තමයි වතුර දාන්නේ...එහෙම හිටය එක්කෙනා මේ අළුත් ගෙදරට ඇවිත් පැළ වවන්න ගත්තට පස්සේ එකට එක මම වගේම එයාගෙත් දායකත්වයක් තියෙනවා...එයා කොළ විසිතුරු පැළ වර්ග මම ඖෂධ කන බොන දේවල් පළතුරු එදිනෙදා අවශ්‍ය වෙන දේවල් තමයි මගේ තියෙන්නේ...ප්‍රාදේශීයසභාවෙන් වගා තරඟයක් තියෙනවා ඒකේ දෙවනි වටේටත් මම තේරිලා ඉන්නේ මහ බලාපොරොත්තු මගේ නෑ මගේ හිතේ ආසාවට.....ඒවත් මට බලපානවා කියලා මම හිතනවා... ''


●මේ දේට මූණ දුන්නට පස්සේ ඔබ සහභාගි උනා අපේ රටේ මිනිසුන්ව දැනුවත් කිරීම් වැඩසටහන් වලට හැබැයි සාමාන්‍යයේන ජනප්‍රිය පුද්ගලයෙක්ට මේ වගේ රෝගයක් හැදුනම තරමක් රහසිගතව තමයි කටයුතු කරන්නේ ඒ සමාජ සම්මතයෙන් පිට ගිය ඒක වෙනස් කරපු චරිතයක් ඇත්තටම ඇයි එහෙම කරන්න ඕන කියලා හිතුවේ...?
                               ''කලාකරුවෙක් කියන්නේ හැමතිස්සෙම සමාජය දැනුවත් කරන සමාජයට යහපත් සුභ පණිවිඩ දෙන පිරිසක්නේ...අපේ කලාවෙන් දැන් ඒක වෙනවද නැද්දකියන එක ගැන කතා කරන්න වෙලාවක් නෙවෙයි මේක...ඒ උනාට අපේ වගකීම සහ යුතුකම ඒක...මෙතනදිත් අපි ඒ දේකල යුතුයි....මට ලැබිච්ච ඒ අසුභ නීරස අද්දැකීම තව කෙනෙක්ට විදින්න නොදී ඒ අයව එයින් ආරක්ෂා කරගන්න මට අවස්ථාව ලැබෙනවනම් කොච්චර දෙයක්ද...මම ඇත්තටම ඒ ගැන තමයි හිතුවේ...මට පුළුවන් කාලේ නෙවෙයි මම ඒ වැඩසටහන් වලට ගියේ අලියාගේ කෙඳි වගේ කොණ්ඩෙ තිබුනේ මූනේ ලොකු වෙනසක් උනේ නෑ කියපොතු වලත් මොකක්ද වෙලා තිබ්බා දම් පාට වෙලා වගේ මම ඒවා එච්චර ගණන්   ගත්තේ නෑ....හැමෝටම තියෙන අසනීප මටත් තිබ්බ මම ඉතිං අමුතු මනුස්සයෙක් නෙවෙයිනේ....

ඒ උනත් මම doctors ලාට කිව්වා මමඑන්නම් අනේ පුළුවන් දෙයක් තියෙනවනම් මට කියන්න මට කරන්න මම එන්නම් කියලා...මම අපේක්ෂා රෝහලේ වාට්ටුවක kimo therapy ගන්න අතරේ ලස්සන කාන්තාවක් මම හිතන්නේ මුස්ලිම් රෝද පුටුවකින් ආවේ එයාගේ ඇහේ තමයි පිළිකාව තියෙන්නෙ හිතන්නෙවත් බැරිතැනක බලන්න මේ පිළිකාව කියන එක කොහෙද රිංගන්නේ නැත්තේ...එයා කිව්වලු මම මැරුනත් මම kimo therapy වලට යන්නෙ නැ කියලා හේතුව එයා ඉතාම සුන්දර කාන්තාවක් එයා කැමති නෑ එයා විරූපී වෙනවට මොකද ඒ වගේම වේදනා විදින්න වෙනවා කියලා...ඊට පස්සේ එයාගේ දරුවෝ මගේ වැඩසටහන එයාට යවලා...එහෙම ඇති වෙච්ච cancer patient ලා ගොඩක් ඉන්නවා මගේ යාළුවො වෙච්ච අය...හේතව මොකද numbers හොයාගෙන මට කතා කරනවා...අර කියපු කාන්තාව ඔන්න මැඩම් ඔයා කිව්ව නිසා තමයි ආවේ කවුරු කිව්වත් මම එන්නේ නැ කියලා හිටියෙ කිව්වා...  '' 



●ඇත්තටම ඔබ එහෙම තත්වෙකට පත් වෙන්න ලොකු හයියක් තියෙන කාන්තාවක් සහ සුභවාදීව ජීවිතේ හැමදෙයක්ම දකින කාන්තාවක් වීමේ රහස මොකක්ද,....?
                       ''ඔන්න මම අමාරුවේ වැටෙන තැනක්...කොහෙන් ඇවිත්ද කියන්න මමදන්නේ නෑ...පුංචිකාලේ ඉදලම මම හරි ආසයි හැමෝටම උදව් කරන්න...ගොඩක් අය කියනවනෙ ලොකු උනාම වෛද්‍යවරියක් වෙන්න,ගුරුවරියක් වෙන්න ඒත් මම ආස හෙදියක් වෙන්න...ඒ කියන්නේ රෝගින්ට උවටැන් කරන්න,ඒ අයව සුවපත් කරන්න මම හරිම ආසයි ඒකට....මිනිසුන්ගේ හිත සංතෝෂ කරන්න පුළුවන්නම් පුළුවන්නම් මම ඕන දෙයක් කරයි...හීනෙන්වත් හිත රිද්දන්නේ නෑ කාගෙවත්...මගේ හිත රිද්දන අය ඇති බොහෝ වෙලාවට....මගේ දැන් කොණ්ඩේ නැහැනේ දැන් මට හිතෙනවා මේකත් හොඳයිනේ කියලා...මම හිතන්නේ සුභවාදිව ඉන්නකොට , ලැබුනදෙයින් සංතෝෂවෙන්න පුළුවන්නම් කාන්තාවන්ට පිරිමින්ට නෙවෙයි ඕනම කෙනෙක්ට ජීවිතේ හරි ලේසි....'' 

●දුකටත් අපි මූණ දෙන්න ඕන සතුටටත් අපි මූණ දෙන්න ඕන....මේ දේවල් වලදි කම්පා වෙන්නෙ නැතුව ජීවිතේ තේරුම් ගැනීම තමයි හොඳමදේ.....?
                               ''ඇත්තටම ඔව් අපි අවබෝධයෙන් ඉන්න ඕන...අපේ මේ ශරීරය කුඩාකාලයේ ඉදලා වයසට යනකල්ම එක එක විදිහේ වෙනස් වීම් තියෙනවා...අපි කැමති අකමැති වෙනස් වීම් තියෙනවා...ඒ වගේම තමයි ලෙඩරෝගත්...අපි පෙර අවදානය දීලා පරීක්ෂාකාරීව උනන්දුවෙන් අපි හිටියොත් අපෙ ලෙඩරෝග අපිට හඳුනාගන්න පුළුවන්....මම මගේ මගේ කියලා මේක තියාගෙන හිටියට මේක මගෙ නෙවෙයි...මගේනම් මේක මට control කරගන්න පුළුවන් වෙන්න එපැයි...ඒක අපි තේරුම් අරගෙන ඉන්න ඕන....''

●ජීවිතේ ඔබ ලබපු වටිනාම ඉගැන්වීමක්....ලොකු අසීරු කාල පරිච්ඡේදයකින් පස්සේ තමයි මේ ඉගැන්වීමවෙන්නේ...?
                            ''මට පිළිකා රෝගියක් දැනගන්නවා මගේ පරීක්ෂණ වලින්...ඊළඟට මම මොකක්ද කරන්නේ කියලා මම බැලුවා නිසි තැනට යන්න ඕන,නිසි වෛද්‍යවරයා ගාවට යන්න ඕන,අපේ ශරීරය ගැන ලොකු අවබෝධය තියෙන්නේ අපිට...ඒ නිසා මම කියන්නේ නිසි තැනට ඉතාම ඉක්මනින් යොමු වෙන්න මේ වගේ අසනීපයක් තියෙනවනම්...අනිත් එක යොමු උනා වගේම එතනින් ලැබෙන උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රම නිසි අයුරින් සිදුකල යුතුයි....ඒ වගේම තමයි එහෙ මෙහෙ දුවලා බටහිර වෛද්‍යක්‍රමයේ තියෙන මේ ඖෂධ එක්ක වෙනත් දෙයක් කොයි විදිහට ප්‍රතික්‍රියා කරයිද කියනඑක මම දන්න දේවල් නෙවෙයි මට මගෙ වෛද්‍යවරුන් කියනදේවල් මම මේ මගේ ආදරණියන් දැනුවත් වෙන්නයි මමමේ ටික කියන්නේ.....
සමහරක් වෙලාවට ඒ ලැබෙන ඖෂධ එක්ක අනිත් ඖෂධ ප්‍රතික්‍රියා කරලා වෙනවෙන ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්ලු....මොනවාහරි තමුන්ට දැනෙනවනම් තමන්ට විශ්වාසයක් දැනුනම් මේ වෛද්‍යවරයා තමයි මට පිහිටට ඉන්නේ කියලා ඔවුන්ගේ උපදෙස්මත ජීවත්වෙන්න.....කවදාවත් වරදින්නේ නෑ...හොඳම උදාහරණය මම...''

●ඇගේ කතාවෙදි මට වැටහුනු සහ ඔබට දෙන්න උත්සහ කරන පණිවිඩය තමයි ඇය නිසි අවස්ථාවේදි කල් නොයවා නිසි ප්‍රතිකාර වෙනුවෙන් යොමු උනා...ඒ වගේම ඇයට අරමුණක් තිබ්බා ඇය විශ්වාස කලා මේ සුවවීම කරා  යනකොට යම් යම් අපහසුතාවලා ලක් වීමට සිදු වන බව ඒ දේවල් දරාගෙන ඇය ඇගේ අරමුණ කරා ගියා....වැදගත්ම දේ තමයි ඇගේ ප්‍රතිකාර අතර තුර වෙනත් මිත්‍යාවන් පසු පසු ඇය දිව ගියේ නෑ...ඒ නිසා ඇයට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා...ඔබ හැංගිලා හිටියේ නෑ ඔබ අපේ ආදරණීයන් දැනවත් කරන් ඉදිරිපත් උනා...ඔබේ කතාව ආදර්ශයක් බවට පත්වෙයි තවත් කාන්තාවන්ට වගේම සමස්ථ ජනතාවටම...

සාකච්ඡාව- Dr.Dinusha Rupasinghe