train-crash-kills-over-36-pakistan
සඳුදා අලුයම පකිස්තානයේ දකුණුදිග ගොට්කි දිස්ත්‍රික්කයේ ඉහළ සින්ද් හි ධාර්කි නගරයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් සියයකට ආසන්න විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තානු මාධ්‍ය වාර්තා පළ කර තිබේ.
පාකිස්තාන දුම්රිය නිලධාරීන්ට අනුව. රයිටි සහ ඔබාරෝ දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුවිය.
අවම වශයෙන් මියගිය 36 දෙනෙකු අවට රෝහල් වෙත ප්‍රවාහනය කර ඇති බව ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් ටුෆේල් ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවකට පැවසීය.

අනතුරෙන් පැය ගණනක් ගතවී ඇතත් ගලවා ගත් අයට ළඟ‍ෙවීමට නොහැකි වූ අබලන් වූ දුම්රිය මැදිරි තවමත් පෙරළී පවතින බැවින් බේරාගැනීමේ කටයුතු තව පමා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, මෙම භයානක අනතුරෙන් තමන් කම්පනයට පත්වූ බව පැවසූ ඔහු, අනතුර සිදු වූ ස්ථානයට ළඟා වී තුවාල ලැබූවන්ට වෛද්‍ය ආධාර ලබා දෙන ලෙසත්, ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට ආධාර ලබා දෙන ලෙසත් දුම්රිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

“දුම්රිය ආරක්ෂණ දෝෂ” පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන බව ද ඔහු පැවසීය.