upul-rohana-speaks

පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. 




මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති උපුල් රොහණ මහතා කියා සිටින්නේ,
ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන බවත් සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද පාර පුරා ජනතාව ගමන් කරන බවත් ව්‍යාපාර සියල්ලක්ම පාහේ අත්‍යවශ්‍ය සේවා ගණයෙන් පවත්වා යන බවත් සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් බවත් ඔහු දන්වයි.

මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි වී ඇති අතරම රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටියි.
මෙම නීති රීති වලින් ඵලක් ලබන්නට නම්
පෙර මෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.