usa-daily-report

ඇමරිකාවේ කොරෝනා මර්දනය එන්නත්කරණය නිසා සාර්ථකවී තිබෙන අතර මේ වනවිට දිනකට ආසාදිත 13000 කට හා මරණ 300 කට පමණ අඩුවී ඇත.එරට විශාල ජනගහණයට සාපේක්ෂව එය ඉතා අඩු අගයකි.

එක්සත් ජනපදයේ දැන් සිදුවන COVID-19 මරණ සියල්ලම පාහේ එන්නත් ලබා නොගත් පුද්ගලයින් තුළින් වාර්තා වන්නේ යයි
ඇසෝසියේටඩ් ප්‍රෙස් විශ්ලේෂණයකින් පෙන්නුම් කර තිබේ.
 මැයි මාසයේ සිට ලබා ගත් රජයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ, ආසාදිතයන් 853,000 කට වඩා වැඩි රෝහල් ගත කිරීම් වලින් 1200 කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් එන්නත ලබාගත් අය වන බවයි. රෝගීන් අතුරින් එන්නත ලබාගත් පසු රෝගී බව පෙන්නුම් කර ඇත්තේ  0.1% ක් පමණ වේ.


පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් විශ්ලේෂණයේදී මැයි මාසයේ සිදු වූ COVID-19 මරණ 18,000 කින් 150 ක් පමණක් වී ඇති බවද එම වාර්තාව සඳහන් කරයි. එය 0.8% ක් හෙවත් සාමාන්‍යයෙන් දිනකට මරණ 5 ක් පමණි.
සීඩීසී අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි අඟහරුවාදා කියා සිටියේ මෙම එන්නත කොතරම් ඵලදායීද යත් “COVID-19 නිසා වැඩිහිටියන් අතර සෑම මරණයක්ම පාහේ මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි” බවයි.