
වවුනියාව විශ්ව විද්‍යාලය නමින් නව සරසවියක් පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් විසින් නිකුත් කර තිබේ.
මින් ඉහත යාපනය සරසවියේ පීඨයක් ලෙස මෙම ස්ථානයේ ගොඩනැගිලි ක්‍රියාත්මක විය.
නව ගැසට් පත්‍ර විස්තර අනුව ව්‍යාපාර අධ්‍යයන, ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපන පීඨ තුනක් සහිතව මෙම සරසවිය නිර්මාණය කිරීමට අනුමැතිය ලබාදී ඇත. ජුලි 31 සිට බලාත්මක වන පරිදි ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval