
රාජ්‍ය ඇමැති වියලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නවුරනි නිවසේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකු විසින් ඊයේ (21 දා) සවස 5.10 ට පමණ එම නිවස ඉදිරිපිටදී වැලි ටිපර් රථ රියැදුරකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා විය. දැනට හෙළිවන තොරතුරු අනුව මෙය පරන කෝන්තරයක් මත සිදුවූවක් බවට විශ්වාස කෙරේ.
ඝාතනයට ලක්වූ රියැදුරු හා කොස්තාපල්වරයා අතර මීට දින කිහිපයකට පෙරද ආරවුලක් ඇතිවී තිබුණු බවට වාර්තාවේ.
ටිපර් රථ රියැදුරු ඊයේ (21 දා) සවස 5.10 ට පමණ ත්‍රී රෝද රථයකින් යමින් සිටියදී රාජ්‍ය ඇමැතිවරයාගේ නිවස ඉදිරිපිට සිටිමොහු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීම සිදුකර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම වෙඩි තැබීමෙන් වැලි ටිපර්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඝාතනය සිදුවන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා නිවසේ සිට නැත.
මේ වන විට මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ තබා ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීමෙන් පසු අදාළ නිලධාරියා අත්අඩංගුවට ගැනීම පමාවීම නිසා උණුසුම් තත්වයක් පැනනැගිඅතර
පාරේ ගිනි තැබීමක් සිදුකර විරෝධතාවයක්ද පැවතිණි. එම අවස්ථාවට නිරෝදායන නීති නොතකා විශාල පිරිසක් රොක්වූ බවද වාර්තා විය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මඩකලපුව පොලිසිය සිදු කරයි.





Comments
Post a Comment
Your comment will be visible after approval