තෙල් මිල වැඩි වීමට තම පක්ෂය විරුද්ධ බවත් මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්,
සුබෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් ප‍්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය. මිල වැඩි වීමේ බර ජනතාව අතර බෙදී නොයන ලෙස ඉන්ධන මිල වැඩි කර ඇති හෙයින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්‍ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. හෙතෙම පෙන්වා දුන්නේ, විශාල සුබෝපභෝගී වාහනවලටද එසේම යතුරුපැදිවලටද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බවයි. ඒ අනුව මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, එහිදී සුබෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය. ජල සම්පාදන අමාත්‍යාංශයේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
"තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ අපේ පක්‍ෂය, ප‍්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සම්පුර්ණයෙන් විරුද්ධයි. තෙල් මිල සම්බන්ධයෙන් අපගේ යෝජනාව වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වැන් රථවලට, මගී ප්‍රවාහනයට,
මෝටර් බයිසිකල්වලට සහ ත්‍රීවීලර්වලට සහනදායී තත්ත්වයක් ඇති වන ආකාරයට මේ තෙල් මිල වැඩිකළ යුතු බවයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා අතර ප්‍රමුඛ වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වැන් රථවලට පොදු ප්‍රවාහන සේවයට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල්වලට සහ ත්‍රීවීලර්වලට යම් ආකාරයක සහනදායී මිල මට්ටමක ඉන්ධන සැපයීම පැවතිය යුතුය යන්නයි. විශාල සුබෝපභෝගී වාහනවලටත්, මෝටර් සයිකල්වලටත් එක වගේ තෙල් මිල වැඩිකිරීම කිසිසේත් සුදුසු නැති බවයි අපි අදහස් කරන්නේ.
මෝටර් සයිකල් ත්‍රීවිලර් වැනි වාහනවලට සහනයක් දිය යුතු අතර, සුබෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නෑ. අපි කවුරු කවුරුත් මේකේ අමාරුව බර දරාගන්නවා නම්, අන්න ඒ පුළු පුළුවන් හැටියට රටේ ජනගහනය අතරේ මේ බර බෙදී යනවා නම්, එහෙනම් එකට අපි එකඟ වෙන්න පුළුවන්. එහෙම බෙදී යන ආකාරයට මෙම තෙල් මිල වැඩිවීම සිදුවී නොමැති නිසයි අපි මෙම වැඩිකිරීමට විරුද්ධ වන්නේ යැයිද පැවසීය.
-නිදර්ශනී වික්‍රමසිංහ-
0 Comments