වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සමාජිකයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් මින් පෙර එකඟතාවයක් තිබී ඇති නමුත් ඇති වූ එකඟතාව ක්‍රියාත්මක නොවී ඒවා රැගෙන යන්නට ආ කණ්ඩායම නිසා එන්නත් තොග සැඟවීම ඇතුළු අනිසි හා අප්‍රසන්න ක්‍රියාදාමයක් වාර්තාවී තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ, රෝහලේ ඉතිරිවී තිබූ ඇස්ට්‍රාසෙනෙකා වෑල් 22 තම පවුල්වල සමාජිකයින්ට ලබාදීමට රෝහල් බලධාරීන් එකඟ වී සිටි බවකි. ඊයේ(08) හදිසියේම එම එන්නත් තොගය රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කර තිබී ඇති අතර ඊට පළ වූ විරෝධය නිසා එම උත්සාහය නැවතී ඇත.
නමුත් අද (9) බලද්දී සෞඛ්‍ය අමාත්‍යංශය නැවත එකඟතාව කඩකරමින් එන්නත් තොග රැගෙන ගොස් ඇත.
අද(09) උදෑසන පවුල්වල සාමාජිකයින් පැමිණියත් එන්නත් නැති නිසා ආපසු හැරී යන්නට සිදුව ඇත. එන්නත් ලබාදීමේ එකඟතාව බලධාරීන් කඩකළ බවට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දැනගන්නට ලැබීමෙන් පසු නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ.
වතුපිටිවල රෝහල තුළ නාඳුනන පිරිස් සඳහා රහසිගතව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පහුගිය දිනවල සිදු වූ බවටද මෙම කෝපය මැද සෞඛ්‍ය කාර්ය මණ්ඩල චෝදනා කර ඇති අතර සඟවා හෝ ඉවතදමා ඇති බවට කියන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා සහිත වෑල් කිහිපයක් නානකාමරයක සඟවා තිබියදී හමුවූ බව දක්වමින් රෝහල් කර්ය මණ්ඩලය මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා රෝහල් සේවකයින් අඛණ්ඩ උපවාසයක්ද අද ආරම්භ කර තිබේ.
0 Comments