western-province-shop

පසුගියදා රජය පැනවූ සංචරණ සීමා මාර්ගෝපදේශ අනුව ලබන ජුලි 05 වනදා දක්වා ඇඳුම් සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබුණත් බස්නාහිර පළාතේ ඇතැම් ඇඳුම්  සාප්පු සංකීර්ණ  විවෘත කර ඇතැයි
පළාත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසන්නීය.


 මේ නීති විරෝධී කටයුත්ත නිසා කොරෝනා අවදානම මතුව ඇති බව පෙන්වා දී ඇති ඇය ඒ ගැන පැමිණිලි කර ඇති අතර
 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට මේ ගැන දැනටමත් පැමිණිලි කර තිබේ.
කෙසේ වෙතත් මේ ගැන සාප්පු හිමියන් විමසීමේදී සාප්පු විවෘත කිරීම සම්බන්ධ අපහැදිලි දත්ත මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වීම මුල්කොට ගෙන මෙම විවෘත කිරීම සිදු කර ඇති බව දන්වා තිබේ.

මාර්ගෝපදේශ මාලාවේ 2 වන පිටුවේ 20 අනු අංකයෙහි දැක්වෙන්නේ

  • මැහුම්කරුවන් සහ ඇඳුම් සාදන්නන්, සන්නිවේදන, ඡායා පිටපත් සාප්පු,ඇඳුම්, රෙදිපිළිසාප්පු සහ වෙනත් සිල්ලර සේවා ආශ්‍රිත ආයතන උපරිම පාරිභෝගිකයින් 03 සීමාවකින් විවෘත කළ හැකි බවයි.
  • නමුත් එම ලේඛනයේම 23 අනු අංකයෙන් නිමි ඇඳුම් විකිණීමේ අලෙවි සල් බස්නාහිරට පමණක් වසන්න යයි දන්වා ඇත