ශ්‍රීලංකාවේ දේශීය ස්වභාවික වනාන්තර ආශ්‍රිතව  සැරිසරණ මාල ගිරවුන් 11 දෙනකු අලවි කිරීම  සඳහා සූදානම් කර තිබිය දී සැකකරුවකු සමගපෛරේදා (6)  භාරයට ගත් බව බලංගොඩ අඩවි වන  ආරක්ෂක නිලධාරීහු පැවැසූහ.  

බලංගොඩ ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක මෙම මාල ගිරවුන් තබාගෙන සිටි අතර බලංගොඩ සහකාර අඩවි වන ආරක්ෂක නිලධාරි එච්.ඒ.බී. එස්. හපුආරච්චි මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම සිදු කළේය.

මාලගිරවුන් ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයක් පවතින වන සතුන් විශේෂයක් ලෙස හැඳින්වෙන බව වන අඩවි ආරක්ෂක නිලධාරිහු පැවැසූහ.  අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු ඊයේ (06) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. වන අඩවි ආරක්ෂක නිලධාරි එච්.පී.පී. පතිරණ, ජී.එම්. එස්. පෙරේරා යන නිලධාරිහු එම වැටලීම සිදු කර සැකකරු සහ මාලගිරවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.